මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා, ටීබී ජයතිලක ,පොන්නම්බලම් අරුණාචලම්, වැනි නායකයින් දිනාගත් නිදහස විදේශ ආධිපත්‍යයෙන් මුදවාගත් නිදහස ද ,මේ වන විට 73 තුන් වසරක් සැපිරේ.රාජ්‍ය තාන්ත්‍රික ව මේ වන විට ශ්‍රී ලංකාව චීන කඳවුරට නතු වී හමාරය.
ඒත් මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවම මැලේ පවුලක් විසින් යටත් කර ගනිමින් අවම මිනිසුන්ගේ මානව හිමිකම් වත්, මිනිසුන්ගේ මානව හිමිකම් කඩකරමින් කියවීමේ ,ලිවීමේ, නිදහස පාගා දමමින් රාජපක්ෂ නැමැති ජුන්ටාව ගෙනයන මේ පාලනය තුළින් නිදහසක් ලැබිය යුතුය. මේ වන විට ආර්ථික, සාමාජීය, හා දේශපාලනික වශයෙන් දැඩි දේශීය සහ ජාත්‍යන්තර පීඩනයකට රටට මුහුණ දීමට සිදුව ඇත.
රාජපක්ෂ පවුල් පාලනය වැරදි විදේශ ප්‍රතිපත්ති, වැරදි දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වන විට රටක් දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. ප්‍රධානතම වශයෙන් ලෝකය මානව හිමිකම් වලට ගරු කරද්දි රාජපක්ෂලා මානව හිමිකම් පස්සට දමා වැසීමට ඔවුන්ගේ දේශපාලනික හිමිකම පමණක් රැකගෙන පවුල් පාලනයක් මෙරට ස්ථාපිත කරමින් ජනතාව ආර්ථික වශයෙන් පාගා දමමින් පීඩාවට පත් කරමින් ද, දේශපාලනික වශයෙන් ඔවුන් බය බිරාන්ත කරමින් කිසිදු ලිවීමේ නිදහස,කතා කිරීමේ නිදහස, නොමැතිව අද මරණ බයෙන් ජනතාව ජීවත් වෙන තත්ත්වයක් තුළ 73 තුන් වසරක් සපිරෙන නිදහස් මේ මොහොතේ ඒ නිදහස මහ පොළොවේ ලබා ගැනීමට නම් මේ රාජපක්ෂ ජුන්ටාව පලවා හැරිය යුතුමය.
රාජපක්ෂලාගේ වෑයම තවත් නොබෝ කලකින් චීන කොලනියක් කිරීමය. මේ වන විටත් ජනතාවගේ කියවීමේ, නිදහස සහ මානව හිමිකම් සියල්ලම චීනය ආකාරයට පොඩිපට්ටම් කරමින් මිනී මරමින් ඉදිරියටම ගමන් කිරීම රාජපක්ෂලා සිදු කරනු ඇත ඒ චීනයේ ගමන්මග යාමටය.
අද මේ වන විට ශ්‍රී ලංකාව angolawa අභිබවා චීන ආධිපත්‍යයට හසු ව හමාර බව විදේශ විදේශීය තොරතුරු රාශියකින් හෙළිවෙමින් ඇත මේ වන විට සැන්ටෝස් ජනාධිපතිවරයා අභිබවා මහින්ද රාජපක්ෂ ,ගෝඨාභයලා ශ්‍රී ලංකාව බිලිදී හමාරයි. එය හදවතේ තැන්පත් කරගෙන 73 තුන්වෙනි නිදහසක් ලබා ගැනීමට නම් චීනෙන් ශ්‍රී ලංකාව බේරා ගත යුතුමය.
ඒ සඳහා සියලු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම කැපකිරීම 73 තුන්වෙනි නිදහසේ එම චිත්ත ධෛර්ය ලබා ගැනීමට සහ එකමුතුව සටන් කිරීමේ අවශ්‍යතාවය එදා මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා පෙන්වා දුන් ආකාරයටම අදත් රාජපක්ෂ රෙජීමයෙන් මේ රට බේරා ගැනීමේ උවමනාව මේ නිදහසේ දී අදිටන් කරගත යුතුය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස
අජිත්..