වෙනත්

රාජිතගේ, චම්පිකගේ ,ෆොන්සේකා හා අනුර දිසානායක ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක්

Spread the love

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුට පක්ෂපාතී යුධ හමුදා මේජර් ජෙනරාල්වරුන් කීපදෙනකු සමඟ පැවති සාකච්ඡාවක දී තීරණය කර ඇත්තේ ඉදිරියේදී රට තුළ ඉතා තීරණාත්මක තත්ත්වයක් ඇති වන හෙයිනි ඒ සඳහා රාජිත සේනාරත්න දේශපාලනික වශයෙන් දැඩි චරිතයක් වීමටත් ෆොන්සේකා යුද හමුදාව සහ අනිකුත් හමුදාව තුළින් කිසියම් බලපෑමක් රජයට එල්ල කිරීමට ඉඩ ඇති හෙයින් වහාම මෙම දෙදෙනා   ගේ ප්‍රජා අයිතිය තහනම් කළ යුතු බවයි.

ඒ සමගම චම්පික රණවක මහතා මේ වන විට ගෙන යන විද්වත් කතිකාවක් තුළින් රට තුළ විද්වතුන් සහ බුද්ධිමතුන් ඒකරාශී කරගෙන දැඩි මතයක් ගොඩනගා ඒ තුළින් රටට ඉදිරියේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට ඔහු ගෙන යන පියවර වහාම නතර කිරීම සඳහා මෙම තිදෙනා ගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට කුමණ හෝ කටයුත්තක් කළ යුතු බවට ඒකමතිකව පැමිණ ඇත.

මෙය ජේ ආර් ජයවර්ධන විසින් සිරිමාවෝ බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමේ කොමිෂන් සභා ආකාරයේ කොමිසමක්  විය යුතු බවත්, ඊට පූර්ණ අධිකරණ බලය සහිත  යුතු බවත්ය. එසේම අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා දේශපාලනිකව ඝාතනය කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් කතා බහට ලක් වී ඇත.

එහි අනුර දිසානායක සහ සුනිල් හඳුන්නෙත්ති යන දෙදෙනා ඉලක්ක කරගෙන දියත් කළ හැකි කුමනාකාරයේ කටයුත්තක් පිළිබඳව දැයි සොයා බැලීමට මේ වන විට  ගෝඨාභය රාජපක්ෂගේ හිතෛෂී මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකුට එම කටයුත්ත භාරදී ඇත .

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like