වෙනත්

“අම්මගෙ රෙද්ද ” හොයන්න ගිය විමර්ශකයා ව අල්ලා සිර කරපු අපරාධකරුවා.

Spread the love

 පාස්කු ප්‍රහාරය පිළිබඳව ශානි අබේසේකර සාක්ෂි දෙමින් තමන්  අපරාධ විමර්ශනය 8000 ආසන්න ප්‍රමාණයක් විමර්ශනය කර ඇති බවත් මෙහිදී හෙළි විය. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ශානි අබේසේකර හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සාක්ෂි දෙමින් කියා කියා සිටියේ තමන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන අයව ඝාතනය කිරීම පිළිබඳව තමා තීක්ෂණ විමර්ශනයක් සිදුකළ බවයි.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් නීතිපති දෙපාර්මේන්තුව ජේෂ්ඨ රජයේ නීතිඥ වරයෙකු ගේ මෙහෙයවීම මත මෙම සාක්ෂි ලබාදීම  SKYPE  තාක්ෂණය ඔස්සේ සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් ශානි අබේසේකර කියා සිටියේ…….

තමා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනු දින පටන් පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් අධිකාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී දක්වාම උසස්වීම් බොහෝවිට ලබා දුන්නේ තම කරන ලද විමර්ශනයන් අවසන් වීමේ සැකකරුවන් වූ අපරාධකරුවන් අධිකරණය තුළින් වරදකරුවන් කිරීමෙන් අනතුරුව ලද උසස්වීම් බවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ;           

මොනවද ඔබ සිදුකල විමර්ශනයන්……..?

ශානි අබේසේකර මහතා;      

 පසුව ශානි අබේසේකර මහතා සිදුකළ විමර්ශන ගැන රජයේ ජ්‍යෙෂ්ඨ      නීතිඥවරයා විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් මේ වන විට දෙල්කඳ ද්ගල ඝාතනය සරත් ෆොන්සේකා ඝාතන තැත අඟුලාන ද්විත්ව මිනීමැරුම ,රෝහල් පාක් ඝාතනය, කෝටි දෙකේ කප්පම් ,ඇතුළු ඝාතන ගණනාවක් අතර ශානි අබේසේකර වැඩිදුරටත් කියා සිටියේ තම සේවා කාලය තුළදී ජනාධිපති හතර දෙනකුගේ  ඝාතන කිරීමේ තැත් කිරීම පිළිබඳව විමර්ශනය කළ බවයි.

එසේම ත්‍රස්තවාදීන් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකළ බවත් ඔහු මෙහිදී පැවසීය සමස්ත විමර්ශනයන්8000 ආසන්න ප්‍රමාණයක් අධීක්ෂණය කරමින් සිටි බවද ඔහුගේ පුද්ගලික අධික්ෂණය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  ඒ පිළිබඳව විමර්ශනය කළ බවත් ඔහු පිළිගත්තේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ;

2018 නොවැම්බර් මාසයේ මඩකලපුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව ඔබ විමර්ශනය කළා ද….?

ශානි අබේසේකර මහතා; 

ඔව්

2018 නොවැම්බර් මාසයේ මඩකලපුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ හමුදා නිසා රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව ශානි අබේසේකර සාක්ෂි දෙමින් ප්‍රකාශ කලේය.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ මාවනැල්ල බුදුපිලිම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමක්ද යන්න කුමන්ත්‍රණයක් තිබෙන බවට යම් යම් තොරතුරු අනාවරණය වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට යොමු කරන ලෙස කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික ප්‍රේමසිරි මහතාට මහතා මා හට දැන්වූ බවයි මම එයට ඔහු දින කීපයකින් මට පිලිතුරු දුන්නා ඉල්ලන තොරතුරු ගන්න බෑ කියල හේතුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණයක් සිදු වෙනවා නම් ඒක කොයි රටකද…..? කොයි විදිහකින් ද ……?කාගේ වුවමනාවටද……? කවුද කියලා කියන්න ඕනේ එතකොට ඔව් හොයන්න පුළුවන් එහෙම නිකං ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වට විස්තර ගන්න බෑ කියලා ඔහු මට දැනුම් දුන්නා   මම එය කෑගල්ල අධිකාරියකට හේමසිරිට නැවත එව්වා ඊට පස්සේ චාමික ගැන කිසිවක් කීවේ නැහැ කුමන්ත්‍රණයක් අනාවරණය වෙලා කියලා නැවත පිළිතුරු එව්වෙ නෑ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ;

2019 නොවැම්බර් වෙනකම්ම සිටිය කාලේ එහෙම කුමන්ත්‍රණයක් ගැන අනාවරණය වුණේ නෑ ඇයි පාලිත සිරිවර්ධන කියල තිබ්බා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන කොමිෂන් සභාවේ විමර්ශන අංශයට  එමිල් රංජන්පත් කළ අවස්ථාවේ මා මැදිහත් වෙලා ඔහු එම කොමිසමෙන් අයින් කළා කියලා…….?

ශානි අබේසේකර මහතා; 

මට එච්චර බලයක් තියෙනවා නම් මම පුදුම වෙනවා මෙහෙන් පත් කරපු කෙනාව මට අයින් කරන්න පුලුවන්ද..?

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා 

අයින් කරපු එකට හේතුවක් කියනවද….?

ශානි අබේසේකර මහතා;

මම අයින් කළේ නෑ

මෙලෙස  ASP එමිල් රංජන්සීඅයිඩී එකෙන් අයින් කළේ ඇයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව හොදටම දන්නවනේ…….?

එමිල් රංජන්  අයින් කළේ  කවුද කොහොමද කියලා නීතිපති දෙපාර්තමේන්තු මට වඩා හොඳට දන්නවා

කොමිසම;

ඔක්තෝබර්  5 යි  ඔක්තෝබර් 7. ඔක්තෝබර් 14 දින තුළ අසනීප තත්ත්වයක් ඔක්තෝබර්  5 යි 7.14 දිනවලත් නොවැම්බර් 23 දින ජනවාරි 19 දිනය සාක්ෂි ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දීලා තිබුනත් අසනීප තත්ත්වය නිසා ඔබට පැමිණීමට නොහැකි වුනා

ශානි අබේසේකර මහතා;

ඔක්තෝබර්  5 /14 දිනවල අසනීප තත්ත්වයක් නෙමෙයි හිටියේ , අසනීප තත්ත්වයෙන් නෙමේ හිටියේ එන්න කියලා නැවත එන්න එපා කියලා කොමිෂම තමයි මට දැනුම් දීලා තිබුනේ

නොවැම්බර් 23 ජනවාරි 19 විතරයි අසනීප තත්ත්වය නිසා එන්න නොහැකිවුනේ ලඟදි මට   සැත්කමක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරල කියනවා ඒකයි තාම රෝහල  ඉන්නේ .

1986 පෙබරවාරි 10 වෙනිදා පොලිස් සේවයට එක්වුණා. 1986/06/01  පළවෙනිදා විශේෂ කාර්ය බලකාය  පුහුණුවට එක් වූ මා එම වසරේම දෙසැම්බර් විශේෂ කාර්ය බළකායේ සේවය ආරම්භ කළා එකේදි පොලිස් පරීක්ෂක ලෙස උසස්වීමක් ලැබූ මා 1995 දී විශේෂ කාර්ය බලකාය නාරහෙන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබුනා 1998 දී සැප්තැම්බර් නම් වැනිදා එවකට ASP වරයෙකුගේ ඝාතන සම්බන්ධ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාවකාලිකව ලැබූ එම ඝාතන විමර්ශනය සාර්ථක අවසන් කිරීම නිසා නිර්දේශ මත ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීමක් ලෙස ද සැප්තැම්බර් 27 වැනිදා යාපනය සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස උසස්වීමක් ලැබුණා 2013 දී විශේෂ උසස් වීමක් ලෙස පොලිස් අධිකාරී ලෙසට  අඟුලාන  ඝාතන සිද්ධිය සම්බන්ධ විමර්ශන සාර්ථක වසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මා පරීක්ෂණ දක්ෂ ලෙස මෙහෙය වූ බවට ඇදීමක් සිදු කළා මට ලැබුණු උසස්වීම් පහෙන් තුනක් විශේෂ  උසස්වීම්නමුත් මා වැඩ තහනමට ලක් වන විට ගාල්ල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වරයා ලෙස සේවය කරමින් සිටි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

ඔබ සිදුකල රටේ කතාබහට ලක්වන විමර්ශන මොනවාද

ශානි අබේසේකර මහතා;

ලක්ෂ දෙසිය කප්පම් සිද්ධිය , චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සිද්ධිය,  දෙල්කඳ සය පුද්ගල ඝාතනය, උඩතලවින්න දහ දෙනකු ඝාතනය, අඟුලාන සිද්ධිය වාර්තා ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, තණමල්විල වයස අවුරුදු 80 කාන්තාව දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මොහොමඩ් සියාම් ඝාතනය, රවිරාජ් ඝාතනය ,වැනි සිද්ධීන් සම්බන්ධ විමර්ශනයක් මා සිදුකළා .

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

සරත් පොන්සේකා සරත් පොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ විමර්ශන සිදුකළ ඔබතුමාද

සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ගැසීම ගැන විමර්ශනය ,  වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිත්තල හන්දියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය විමර්ශන කළෙත් මම යි. පාසැල් ළමුන් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධිය, වැලිකඩ ඝාතන සිද්ධිය  එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, තාජුදීන් ඝාතනය,  ලසන්ත වික්‍රමතුංග ඝාතනය , සම්බන්ධයෙන් සිදු කළේද මා විසින් ඊට අමතරව රතුපස්වල වෙඩි තැබීම,  ගැන විමර්ශනය අධීක්ෂණය ද මා විසින් සිදු කරනු ලැබුවා.

රජයේ නීතිඥවරයා;

මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ සිදුකළ විමර්ශන ඔබ සහභාගි වුණාද

ශානි අබේසේකර මහතා;

ඔව් මම එම විමර්ශනයක් සිදු කළා. කතරගම දී මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයා ගත් අතරම එම විමර්ශනය ද දීර්ඝ ලෙස සිදු කළා .  ශෂිකල රාජන් නම් අයෙක් අත්අඩංගුවට ගත්තා ඔහුගේ පාපොච්චාරණ එකට අනුව වව්නියාව, පොලොන්නරුව, හම්බන්තොට, මහාධිකරණ වල ඉදිරිපත් කර නඩු දමා සිර දඬුවම් නියම කෙරුණා .මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමා වුවත් තේරුම් ගත්තේ

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

සුරේෂ් ක්‍රිෂ්ණන් කියා කෙනෙකු ඔබ අත්අඩංගුවට ගත්තද…?

ශානි අබේසේකර මහතා;

 ඔව්

එහෙම එල්ටීටීඊ සාමාජිකයන් මූලික විමර්ශනයCCDE  සිදුකොට වැඩිදුර විමර්ශනය සඳහා CID  බාරදුන්නා. එම විමර්ශන සිදු කළේ මම ,මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි විමර්ශනය කළේ,

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

අධ්‍යක්ෂකවරයාගේ රාජකාරිය කුමක්ද

ශානි අබේසේකර මහතා;

CID සිදුකරන සියලු විමර්ශනය අධීක්ෂණය කිරීම, වෙනත් ආයතන සම්බන්ධ අධික්ෂණය කිරීම නිලධාරීන්ගේ සුභසාධනය බැලීම, CID යේ මූල්‍ය පරිපාලනය, ඒ වගේම 100 driver රිය නිලධාරීන් සම්බන්ධ මූල්‍ය පාලනය භාරව වෙන්නේ CID අධ්‍යක්ෂවරයාට.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

2019 දී ඔබ siyai දෙන්නෙ ස්ථාන මාරු කරන විට සියයට මගේ තිබුණාද

ශානි අබේසේකර මහතා

විමර්ශන 8000  සිදුකර තිබුණා මතකයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

2018 /11/30  වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය  වුණාද…..?

ශානි අබේසේකර මහතා;

ඔව්

ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා

  රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

පොලිස්පතිවරයාගේ නියෝගය කරගෙන ද  ? මෙම වර්ෂයේ සිදු කළේ ?

ශානි අබේසේකර මහතා

එම සිද්ධියෙන් පසුව පොලිස්පතිවරයාගේ වාචිකව නියෝගයක් ලැබුනු අතරම ඒ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ලිඛිත නියෝගයක් ද ලබා ගනු ලැබුවා

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

එම විමර්ශනය මෙහෙ වීමට පත්කළේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයසිංහ ප්‍රධාන පොලිස් පරීක්ෂණ ලලිත් දිසානායක ද…..?

ශානි අබේසේකර මහතා

ඒ මරණය සිදු කළේ එයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් පරීක්ෂක උපාලි සහ සාජන් මෙන්ඩිස් යන අයද සක්‍රියව ඊට දායක වුණා

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

පොලිස්පතිවරයාගේ නියෝගය ලැබුණේ කොහොමද

ශානි අබේසේකර මහතා;

 ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න එම සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේදී පොලිස්පතිවරයා වාචිකව නියෝගයක් දුන්නා

පසුව ලිඛිත වන යෝගය ගෙන්වාගත්තා

සිද්ධිය වූ ස්ථානය අවට තිබූ සීසීටීවී නිරීක්ෂණය කළා 2018 නොවැම්බර් 20 වන දින පාන්දර 2ට පමණ සිදුව ඇති බවට විශ්වාස කළා දවල් වන විට සීඅයිඩී එක විමර්ශනය බාරගත්තා

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

කුමන හෝ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තද

 ශානි අබේසේකර මහතා

මඩකලපු පොලිසිය පොලිස් පරීක්ෂකවරයෙකු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත වලකින පොලිසියේ රඳවාගෙන දිගටම ප්‍රශ්න කරමින් තිබුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

පොලිස් නිලධාරීන් මරපු සිදුවීමට එම සැකකරුවන් සම්බන්ධවද ….?

 ශානි අබේසේකර මහතා

සිද්ධිය වෙලා දින 5කදී රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා  CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු දීල තිබුණා එම සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ තැනක ජැකට් එකක් තියෙනවා කියලා.ඒ තොරතුරු  මත විමර්ශනයේදී අසල තිබී පාර පාසැල් භාගයක් හමුවිය. ඒ ජැකට්  කලිසම් වගේ දේවල් තිබුණා,  සැකකරුගේ බවට සැක කර ඉන්පසු එම සැකකරු සම්බන්ධ සැකයට ප්‍රබල හේතුවක් වුණා .ඒ වගේම නොවැම්බර් 26 වන දින  මහ විරු සැමරුම් පවත්වන කටයුතු කරලා තිබුණා.

ඒවා  පොලිසිය විසින් නවත්තලා තිබුණා.ඇත්තටම මහ විරු සමරුව සංවිධාන කර තිබුණේ අත්අඩංගුවට ගත් සැකකරු නිසා තවත් සැකය  ඇති වුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

ඒ සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ සහයෝගය ලැබුණා ද…?

ශානි අබේසේකර මහතා;

විමර්ශන වලට බුද්ධි අංශයේ සහයෝගය ලැබුණා.

රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය තොරතුරු වාර්තා ලබා දුන්නා

මේ අවස්ථාවේ ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම සිය විරෝධය පළ කළා .

උපුල් කුමාරප්පෙරුම මහතා

සාක්ෂි විමසීම ආරම්භ වුණේ ද දවල් 02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනය ගොනු ලබාදීලා තියෙන්නේ 12:00 ට ඒවා කියවන්න වෙලාව හරියට නෑ.

සූදානම් වෙන්න වෙලාවක් නෑ.

ශානි අබේසේකර මහතා එයාගේ මතක දේවල් අනුව එම උත්තර දීලා යමක් වැරදුණ එහි අගතියක් සිදු වන්නේ ශානි අබේසේකර මහතා

ශානි අබේසේකර මහතා;

රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය වාර්තා ලැබුණා.    රාජ්‍ය බුද්ධි සේවා බුද්ධි මත වල තිබුණේ මෙම අපරාධ සිදු කළ ඇත්තේ LTTE  වැඩක් කියලා බුද්ධි වාර්තා සියල්ලේම කෝණ ගත වෙලා තිබුනේLTTE පැත්තට හමුදා බුද්ධි අංශ එක් වාර්තාවක තිබුණේ  LTTE සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසක් වැඩක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා;

මුස්ලිම් අන්තවාදය ගැන කිසියම් තොරතුරක් තිබුණෙ නැද්ද?

ශානි අබේසේකර මහතා;

නැහැ

එහෙම දෙයක් තිබුණේ නෑ .

 පසුව තමයි ඒ සම්බන්ධය හරි තොරතුරු දැනගෙන අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුවයි සැකකරු අත්අඩංගුවට ගත්තේ. සවස 2 ට ආරම්භ වූ සාක්ෂි විමසීම අද 26 වන දින දක්වා කල් තබන ලදී

කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසම වෙත සාක්ෂි ලබාදුන් ශානි අබේසෙකර තමාගේ මතකයේ ඇති බොහෝ සිද්ධීන් ඉතා කෙටියෙන් සංෂිප්තව ඉදිරිපත් කළේ එසේ ය .

කතෘගේ සටහන;……..

මේ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී අපට පෙනී යන්නේ අද වන විට  ශානි අබේසේකර යනු මෙරට බිහිව ඇති බරපතලම අපරාධකරුවෙකු ලෙසට ඔහුට සලකන බවයි.

ඒත් එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇගයීමකට ලක් වූ පුද්ගලයෙකු , එදා අම්මගෙ රෙද්ද නිසා විමර්ශනයක් කරමින් සිටී විමර්ශකයා ට  සිදුව ඇත්තේ  , විමර්ශකයා අපරාධ කරුවාගේ ග්‍රහණයට ගෙන නො මරා මරමින් ඇත. 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 

 


Spread the love

Leave a Comment

You may also like