වෙනත්

වීදියබණ්ඩාරගේ කඩුව සෙවීමට පැලෑද (පලින්දනුවර ) රක්ෂිතය වනසා බෝර දමයි……..රාජපක්ෂලා ගේ කඩු මේනියාව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා භාරගෙන ද……?

Spread the love

2015ට පෙර රාජපක්ෂලාගේ කඩු මේනියාවට බිලි වූ අහිංසක පුද්ගලයින් කීපදෙනෙකි.  එයින් ඉතාම සෝචනීය තත්වය එහිදී ඉතාම සෝචනීය තත්වය නම් කඩුව සෙවීමට කෝට්ටේ විහාරස්ථානයට පැමිණි අපරාධකරුවන්ගේ පිහිපාරකට ලක්ව එහි වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් අපවත් විය.

ඉන් නොනැවතුණු ගෝඨාභය රාජපක්ෂලා  රටේ කෞතුකාගාරය බිඳ එහි වටිනාම මැණික් ගැලූ කඩු ,මුතු,  මැණික් ,සහ  පෞරාණික වටිනාකමක් ඇති සියල්ලම සොරා  ගත්තේ එහි සවි කර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය විසන්ධි කරය.  සියල්ල සිදුවූයේ ගෝඨාභයලගෙ අවශ්‍යතාවය මතය. ඒ 2015 ට පෙර රාජපක්ෂලාගේ නින්දිත යුගයේ එක්තරා වික්‍රමයකි.එම කඩුව සොරාගෙන රාජපක්ෂලාට ලබාදුන් නිලමේ නැමැති පුද්ගලයා පසුව ඝාතනය වූයේ වැලිකඩ බන්ධනාගාරයේ දී ය, ඔහු ඉලක්ක කරගෙන ඝාතනය කිරීම පිළිබඳව මේ වන විටත් නියෝමාල් රංගජීව සහ එමිල් රංජන් නැමැති දෙදෙනාට මහාධිකරණයේ නඩු පවරා විභාගවෙමින් ඇත.මෙය රාජපක්ෂලාගේ  භාණ්ඩ සොරා ගැනීමේ පෙර වැරදි ය.

 දැන් ගෝඨාභය තවත් අඩියක්  තබමින් පැළෑද පාලින්දනුවර රජමහා විහාරස්ථානයට ආසන්නයේ පිහිටි මුළු රක්ෂිතය පුරාම දෙවනත් කරමින් විශාල කළු ගලක් පුපුරවා හරිමින් වීදිය බණ්ඩාර ගේ කඩුව සොයමින් ඇත. වීදිය බණ්ඩාර එදා නැවතී සිටියේ වර්තමානයේ පැළෑද නොහොත් පාලින්ද නුවර රජ මහා විහාරයේ බවට පුරාණ කථා වස්තු වල සඳහන්ව ඇත.මේ නිසාම රජය මීට කිසිදු සම්බන්ධයක් නොමැති නම් මේ සම්බන්ධව වහාම කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කළ යුතුය.මුදා සෙබළුන් එම කඩුව සොයමින් විවිධ ස්ථාන ඩෝසර් කරමින් සිටින බවත්  අපගේ තොරතුරුකරුවන් එහි සිට වාර්තා කර ඇත.

රාජපක්ෂලා තරම් නොපෙනෙන බලවේග සහ නටඹුන් තමාගේ ළඟ තබාගතහොත් සදාකාලික රජ වෙනවා යැයි සිතන අමන ජාතියකි . එවැනි පුද්ගලයින්ට රට බාර දී දැන් මහජනයා බකන්නිලාගෙන සිටී.  එම විනාශය පිළිබඳව සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ ඒ ආසන්නයේ නිල නිවසක් සෑදීමට යුදහමුදාව විසින් එළි පෙහෙළි කළ කළ බවයි.

එහෙත් එවැනි ස්ථානයක කිසිදු නිල් නිවසක් ඉදි කළ නොහැක්කේ එය වන රක්ෂිතයක් නිසාය. පසුගිය සිකුරාදා දින සිට මේ සිදුකළ අතර මේ සඳහා යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පුද්ගලික මැදිහත්වීමක් තිබෙන බවත් අපගේ පැළෑද   ප්‍රදේශයේදී  තොරතුරුකරුවන් කියා සිටීපසු. ගියදා රක්ෂිත හෙළිකරමින් නිධන් හාරමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු පාලින්දනුවර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් බවත් මේ වන විට වාර්තා වේ.

 ඒ අනුව පෙනී යන්නේ රාජපක්ෂලාගේ කොන්තරාත්තුව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා භාරගෙන හමුදාව යොදවා පාරවල් සාදන මුවාවෙන් එසේත් නැතිනම් වෙනත් නිධන් ඇතැයි කියා සිතන වනාන්තර හෙළි පෙහෙළි කරමින් රාජපක්ෂලාගේ දොළදුක සපුරනවා දැයි අපිට හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් දීමට ඇසීමට සිදු වේ.


Spread the love

Leave a Comment

You may also like