රටක නීතිය හා සාමය ක්‍රියාත්මක වන්නේ පොලිසියකින් බව නොදන්නා සරත් වීරසේකර නැමැති ගොබ්බ ඇමතියෙකුට පොලිස් දෙපාර්තමේන්තුව භාර දීම ඉදිරියේ දී ආණ්ඩුව ම එහි ප්‍රතිඵල නෙළා ගන්නවා ඇති බව අපි අද ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු.
ත්‍රිවිද හමුදාව වනාහි යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මෙම හමුදාවන් කැඳවනු ලබන්නේ විශේෂිත අවස්ථාවකදී පමණි. එහෙත් ආසියාවේ බොහෝ අවස්ථාවන් වල දී නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින තර්ජනයන් මැඩලීම සඳහා හමුදාවන් ක්‍රියාත්මක වීම බොහෝ විට සිදු වන දෙයකි. එහෙත් සිදු විය යුත්තේ ඒ ඒ රටවල් වලට ආවේනික නීති සහ අණ පනත් අනුවය .
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුව භාර දී ඇත්තේ නීති හා සාමය භාර ඇමති වශයෙන් පත්කරන ලද අද්මිරාල් සරත් වීරසේකර නැමැති ගොබ්බ යකුට ය .
මොහු ඉතාම සුදුසු වන්නේ මෙලොව හසරක් නොදත් පෙර හැඳින්වූ ග්‍රාමාරක්ෂක ආරක්ෂක භටයින් මෙහෙයවීමට පමණි. වර්තමානයේ සිවිල් ආරක්ෂක බලකාය නමින් හඳුන්වා ඇති එම බලකාය මෙහෙයවීමට අද්මිරාල් සරත් වීරසේකර නැමැති ජාතිවාදී ගොබ්බයකු කිසිසේත් ශ්‍රී ලංකා පොලිසිය මෙහෙවීමට සුදුසු නොවන බව අප ඉතා වගකීමෙන් සඳහන් කරන්නේමු.
ඔහු පොලිසියේ අණපනත් කෙසේ වෙතත් සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයෙකුට තබා සාමාන්‍ය රටේ පුරවැසියෙකු පවා දන්නා දෙයක් නොදන්න අමු ගොබ්බයෙක් බව අද සමස්ත ලෝකවාසීන් ම දැනගත් දෙයකි. රටක පොලිස් දෙපාර්තමේන්තුව පවත්නේ දෙපාර්තමේන්තු නියෝග සහ ඊට අදාල අනපනත් යටතේය ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නීති හා සාමය ඉතාම විශිෂ්ටය. එහෙත් සමහර අතලොස්සක් නිලධාරීන් ගේ නොහොබිනා ක්‍රියා කලාපයන් නිසා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම මේ වන විට ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇත.
ඒත් ඊට බොහෝ සෙයින් බලපා ඇත්තේ දේශපාලකයින්ගේ උවමනාවන් ඉටු කිරීමට පොලිසිය යාම නිසාය. කිසියම් නින්දාවක් ඇති වී තිබෙන බව අපි පිළිගන්නෙමු. ඒත් ඒ සුළු නිලධාරීන් පිරිසක් නිසාය. ආසියාවේ ඉතාම විශිෂ්ට පරීක්ෂණ මෙහෙය විය හැකි සහ අග්‍රගන්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඇති ශ්‍රී ලංකා පොලිසිය සමස්ත ලෝකයම පිළිගන්නා දෙපාර්තමේන්තුවකි.
මෙම ලියුම්කරු ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ඉතා බොහෝ සෙයින් ගැඹුරටම අධ්‍යයනය කරන ලද අයෙකි, සරත් වීරසේකර අද කියා ඇති පරිදි රටේ විනය හැදීමට ත්‍රිවිධ හමුදා පුහුණුවක් ලබාදිය යුතු බවයි. අප සරත් වීරසේකර නමැති මේ ගොබ්බයා ට දැනුම් දී සිටින්නේ රටේ විනය සෑදීමට පෙර සරත් වීරසේකර කළ යුත්තේ තමා නියෝජනය කරන පක්ෂයේ ගොබිලාන්ගේ විනය සෑදීම ය.
සරත් වීරසේකර සහ ආනන්ද පීරිස් එකට හවුලේ කන සිවිල් ආරක්ෂක බලකාය පිළිබඳව අපි අවස්ථා ගණනාවකදීම පෙර ලිපි වලින් පෙන්වා දුනිමු .එහෙත් සරත් වීරසේකර නැමැති ගොබ්බයා දැන් කටයුතු කරන්නේ ඒ සිවිල් ආරක්ෂක බලකාය ආකාරයටම සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවක් වනසා දැමීමට බව අප ජනතාවට හෙළි කරන්නෙමු .
පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව නොදන්න ගොබ්බ යකුට පොලිස් දෙපාර්තමේන්තුව ලබාදීම පිළිබඳව ගොබ්බ නන්දසේන ආපසු හැරී වලිගයක් තියෙනවද අතගා බැලිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ නමැති ගොබිලා මීට අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුවේ තිබුණේ චමල් රාජපක්ෂටය, චමල් රාජපක්ෂ යනු හිටපු පොලිස් නිලධාරියෙකී .ඔහුට පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව කැක්කුමක් සහ ආදරයක් ඇති නිලධාරියෙක් බව අපි වගකීමෙන් සටහන් කරන්නෙමු .
සරත් වීරසේකර ප්‍රථමයෙන්ම පොලිස් විද්‍යාලයට ගොස් පොලිස් දෙපාර්තමේන්තුව සහ හමුදාව අතර වෙනස පොලිස් කොස්තාපල්වරයෙකු ගෙන් ඉගෙන ගත යුතුය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස