………”ඔබතුමා පැහැදිලිවම ඉන්දියාවට බිය වී සිටී. ඔවුන්ගේ තර්ජන ගර්ජන හමුවේ ඔබතුමාගේ කොන්ද වකුටු වී තිබේ. ගමේ වැසියන් ඉදිරියේ වීරයෙකු මෙන් කතා කළත් ඉන්දියානුවන් ඉදිරියේ ඒ වීරකම් නැති බව පෙනේ. එය කණගාටුවට කරුණකි………”
නමුත් ඔබතුමා මුහුණ දී සිටින තත්ත්වයද මට තේරුම් ගත හැකිය. ඔබතුමා බලයට ගෙන ඒමට ඇමරින්දියාව කිසියම් කාර්යයක් කළ බවත් ඉන්දියාවේ සහාය නොමැතිව ඔබතුමාට ඉදිරියට කටයුතු කළ නොහැකි යැයි පුන පුනා ඔබතුමාට කියා දෙන ඒජන්තයන් ඔබේ කර උඩ ලැගගෙන ඉන්නා බවත් පැහැදිලිය…..” (එරන්දගිනිගේ )
ඉහත ඡේද දෙක එරන්ද ගිනිගේ විසින් ජනාධිපති වෙත යවන ලද ලිපියෙනි.
අපි දිගින් දිගටම පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කලේ ඉන්දීය මධ්‍යම ඔත්තු සේවය (SAS) මෝදීගේ ඍජු අනුදැනුම ඇතිව බව පවසා සිටියා.
අද කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තයෙන් ඇති වී තිබෙන තත්ත්වය එයට හොදම උදාහරණයයි. ගෝඨා ගෙදර ගියොත් තා නසී මග හිටියොත් තා නසී තත්වයට පත්ව ඇත. ගෝඨා මෙය ඉන්දියාවට දුන්නේ නැත්නම් ඉන්දියාව සියල්ල හෙලි කරනු ඇත දුන්නොත් රටේ විශාල ව්‍යාකූලත්වයක් ඇති වනු ඇත. ගෝඨා කූඤය ගලවා ගත් වදුරෙකි.
මිනීමරා බලය ලබාගැනීමට කල කුමන්ත්‍රණය අද ගෝඨාගේ ඔලුව උඩ පුපුරන්න ලගයි. මේ පිලිබදව වැඩිදුරටත් ලිවිය යුතු නැත්තේ අපි මීට පෙර ලියූ ලිපි විශාල ගනනකින් ගෝඨා, මෝදි, සාලේ, හෙන්දවිතාරණ, සිරිසේන සහ අනෙකුත් සියලුම දෙනාගේ සම්බන්ධතාව පැහැදිලිව දක්වා ඇති බැවිනි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස