උණුසුම් පුවත්

ජයන්ත ධර්මදාස ගේ PCR ගැහිල්ලත් නරකම නෑ….!!

Spread the love

*****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න*****

ලංකාවේ ක්‍රිකට් ආයතනය යනු එකම හොර ගුහාවකි.
මොන කෝප් කමිටු දැම්මත් මොන ඔඩිට් දැම්මත් මොන ක්‍රීඩා ඇමතියා ආවත් මහ දවාලේ මෙහි සිදු කෙරෙන හොරකම් අල්ලන එකෙක් නම්  නැත.
ගැහිලි සිදුවන්නේ කෝටි ගණනින් ය.
මෙහි උප සභාපති වරයකු වන ජයන්ත ධර්මදාස ගේ PCR ගැහිල්ලත් අපූරුය.
පහුගිය ක්‍රිකට් මැතිවරණයේදී ශම්මි සිල්වා සමග සභාපති ධූරයට තරග වැදී පරාජය වූ ජයන්ත මීට මාස කීපයකට කලින් පුරප්පාඩු වූ උප සභාපති ධූරයට හීන් නූලෙන් රිoගා ගත්තේය.
කළ දුටු කළ වහ ඉහ ගැනීමේ දක්ෂයකු වන ජයන්ත පසුගිය මාස කිහිපය මුලුල්ලේ කෝටි ගණනක් ක්‍රිකට් ආයතනයෙන්ම උපයා ගෙන ඇත.
ඒ තමන් සභාපතිත්වය දරණ නවලෝක රෝහලේ PCR ඒකකය මගින් LPL තරගාවලියේත්,එළඹෙන එංගලන්ත සංචාරයේත් සියලුම PCR කටයුතු කිරීමෙනි.
හම්බන්තොට පැවති LP LPL තරගාවලිය අතර තුර දින තුනකට වරක් එහි සිටි 200 ක ගෙන් පමණ වාර 10 කදී කර රුපියල් කෝටි 2 ක් පමණ ඉපයූ ජයන්ත දැන් එංගලන්ත සංචාරයේද PCR කිරීමෙන් එවැනිම මුදලක් උපයා ගැනීමට සූදානමින් සිටී.
තමන් ක්‍රිකට් ආයතනයේ උප සභාපති වරයකුව සිටියදී එහි තමන්ගේ පෞද්ගලික රෝහලටම මේ කටයුතු පවරා ගැනීමේ බලු වැඩය ජයන්ත කිසිදු හිරිකිතයකින් තොරව සිදු කරයි.
පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් මිලට ගත් PCR යන්ත්‍රයක් ක්‍රීඩා,අමාත්‍යංසයට පරිත්‍යාග කරනු ලැබුවත් එම PCR යන්ත්‍රය යොදා නොගෙන මෙම කොන්ත්‍රාත්තුව ක්‍රිකට් ආයතනය විසින් නවලෝක රෝහලට පවරා තිබේ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like