උණුසුම් පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේ  දී හූරා කෑම නවත්වා වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගන්න….සමගි ජන බලවේගයෙන් උද්ඝෝෂණයක්…!!

Spread the love

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේ  දී හූරා කෑම නවත්වා වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හා විදේශගත ශ්‍රමික ප්‍රජාව මේ වන විට දැඩි අපහසුතාවයකින් විදෙස් රට වල සිටින අතර ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි ලෙසට ගුවන් තොටුපළ වසා දමා ඔවුන් ඒ ඒ රටවල සිරකර දමා තිබීම ට එරෙහිව අද (07) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවක් පැවැත් විය.

විදෙස් ශ්‍රමිකයින් උපයන විදේශ විනිමය  මත ශ්‍රී ලංකාව යැපෙන අතර ම ඒත් අද ඔවුනට අත්ව ඇති ඉරණම ඉතා ඛේදනීය  බවත්ඒ නිසාම වහාම ගුවන් තොටුපළ විවෘත කරවා  එම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසයි. එසේම විදේශගත ශ්‍රමිකයින්  පැමිණීමේ දී ඔවුන්ට PCR  පරීක්ෂණ සිදු කොට එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔවුන්ව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති නම් ඔවුන් ස්වයං නිරෝධනයට හෝ වෙනත් රාජ්‍ය අනුග්‍රහයෙන් කරගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා ඔවුන්ව සූරාකෑමකට ලක් නොකරන ලෙස දැඩි සේ ඉල්ලීමක් කරන ලදී,

එසේම සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙරටට ගෙන්වන විදෙස් ශ්‍රමිකයින් හෝටල් මාෆියාවට සහ ගුවන් යානා ටිකට්පත් මාෆියාවක ට සහ PCR  පරීක්ෂණ මාෆියාවක  හසු කරගන තිබෙන හෙයින් මෙම ඛේදනීය තත්ත්වයෙන් මුදවාගෙන ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඒ පිළිබඳව වහාම මැදිහත්වෙන්න ලෙසට ඔහු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කළේය. මෙම උද්ඝෝෂණය සඳහා සමගි ජනබලවේගයේ  චම්පික රණවක මහතා සරත් ෆොන්සේකා මහතා සමඟ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියෝය.


Spread the love

Leave a Comment

You may also like