උණුසුම් පුවත්

රයිගමයයි – ගම්පලයයි රටේ සල්ලිවලින් රවුම් ගහයි……!!

රයිගමයයි - ගම්පලයයි
Spread the love

 ***රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා මෙය අවහිර කොට ඇත එබැවින් ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සතියේ දවස් 3ක් සතොසේ සභාපති ලෙස සේවයේ යෙදෙන අතරම ඉතිරි දින කිහිපය සිවිල් ආරක්ෂක බලකා නිරීක්ෂණය කරමින් රට පුරා සැරි සරන්නේ සරත් වීරසේකර සමගිනි. ඊට හොදම උදාහරණය නම් පසුගිය සතියේ ඔවුන් කළ අම්පාර සංචාරයයි. අම්පාරට යා යුතුමය. හේතුව එම බලකා වලින් රාජපක්ෂලා ගේ නිවෙස්වලට සහල් , එළවළු අවශ්‍යතාව ඡන්දෙ කාලයේ සම්පූර්ණයෙන් ඉටුකර දෙනු ලබන නිසාවෙනි. තවද මෙම  ගමන් බිමන් සදහා සිතුසේ ඉන්ධන පුච්චමින් සිවිල් ආරක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂ සේරසිංහද සිය පවුලම සමග සහභාගී වෙති. සේරාගේ බිරිද, දරුවන් තිදෙනා සහ මව්පියන් අනුරාධපුර ගොස් 02/01/2020 නාඩගම් නටමින් වියදම් කලේ කාගේ මුදල්ද? සිවිල් ආරක්ෂක භටයන් දිවා රෑ වෙහෙස නොබලා අවුවේ වැස්සේ සිටිමින් දහඩිය වගුරවමින් කරන්නේ මෙම පවුල් පෝෂණය කිරීමද? මෙපමණ සේනාවක් ආනන්ද පීරිස්ගේ විසිරයාම ගැන කියවමින් රටපුරා දුවන්නේ ඊළග මැතිවරණයට ඔහුද තරග කරන බවත්, සරත් වීරසේකරට ආදරය කරන  භට / භටවරියන්ගේ  ආදරය තමා වෙත ළගා කරගැනීමට බවත් පවසමින් පසුගියදා විජේරාම නිල නිවසේ තිබූ සාදයේදී ආනන්ද පීරිස් පැමිණ සිටි සියල්ලන්ටම පවසන ලදී. මේ කෝවිඩ් පාලනය ඔහු විසින් කරන බව පුරාජේරු කියවන පීරිස් ලොක්කා හොදින් හෝ නරකින් තමා කව්දැයි පෙන්වා ඇතිබව පවසන්නේ සතුටින් ඉපිලෙමිනි. රටවටා යෑමේ දිනයන් දැන් බෙදාදී හමාරය. බලකා 22 ටම යාමට නියමිත ලොක්කා මේ සදහා වැය කරන ඩීසල් හා කෑම බීම ඔහුගේ පුද්ගලික බූදලයෙන් සොයාගත් දේවල්ද? මේ සතියේ කන්තලේ හා ත්‍රිකුණාමලේ යන්නේ කන්තලේ සහල් මංකොල්ලකාරයන්ට තම කෘතගුණ සැළකීමට විය හැක. රටකට ගිය කලක්! හමුදා පාලනය නම් සුපිරියි “ස”

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like