විපක්ෂ නායක ජංගම සේවය කතරගම ශ්‍රී විමලාරාම ධර්මායතනයෙන් දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් පැවති අතර එම විපක්ෂනායක ජංගම සේවයට සමගාමීව ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා ගැටලු පිළිබඳව එම මොහොතේම තම මැදිහත්වීම මත පිළිතුරු ලබාදීම ප්‍රායෝගිකවම සිදු කිරීම මෙහිදී විශේෂත්වයක් විය .මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර බොහෝ දෙනෙකුගේ මුවින් පිටවූයේ තමාට ජීවත්වීමට නොහැකි ආකාරයේ තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බවයි. එහිදී කොරෝනා වසංගතයට මුවාවී මිලියන ගණන් රජය විනාශ කර දමමින් සිටියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාව වෙතට ගොස් ජනතාවගේ දුකට පිහිට වීමේ “මනුෂ්‍යත්වය” ඔහු අරඹා තිබීම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ ම අනාගත බලාපොරොත්තුවක පෙර නිමිත්තක් බවට සඳහන් කළ හැකිය. සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පිළිතුරු ද පහත වීඩියෝවෙන් ඔබට දැක ගත හැකිය. මෙහිදී ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේ රටේ ජනතාවට වසංගතය වෙනුවෙන් දෙනු ලබන එන්නත වහාම රජය නොමිලේ ලබා දිය යුතු බව තරයේ ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් හැම කැප කිරීමක්ම කිරීමට සමගි ජන බලවේගයේ නායකයා වශයෙන් තමන් සූදානම් වන බවත් ජනතාවට සපථ කළේය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස