උණුසුම් පුවත්

ටෙලිකොම් එක වරුණි ගෙන් ලැබුණු දෑවැද්දක් නොවන බව සේවකයින් කොතෙකුත් කීවත් “සභාපති ” පිළිගන්නට අකමැති වෙයි boardroom අලුත්වැඩියාවට කෝටි 03 ක්…..පුටුවට රුපියල් 1,40,000.00 (එක්ලක්ෂ හතලිස් දාහක්) -ටෙලිකොම් එකට “හෙනයක් වු සභාපති රොහාන් ප්‍රනාන්දු”…..(ඡායාරූප සහිතයි)

Also available in: Tamil (Tamil)

Spread the love

 පසුගිය මාස නමය තුළ ටෙලිකොම් ශුද්ධ ලාභය රුපියල් බිලියන 07 බව කියැවුණ ද දෙසැම්බර් මාසේ ටෙලිකොම් සේවකයින්ට පඩි ගෙවා ගැනීමට නොහැකිව ලංකා බැංකුවෙන් වෙනමම ණයක් ලබාගෙන එම සේවකයින්ට මුදල් ගෙවූ බව අප මීට පෙර ද හෙළි කළෙමු .  ටෙලිකොම් සමාගමේ මුදල් ගෙවා  වසර ගනනාවක් තිබු ( logo ) සංඥා නාමය ද වෙනස් කලේ රෝහාන් ප්‍රනාන්දුට ගානක් කපා ගැනීමට බව අපි නැවත නැවත් කියන්නේ මොහු යහපාලන කාලේත් සිටි පට්ට හොරෙකු නිසාමය . මුන් ගේ වැඩේ පාට මාරු කොට හොදට හොරාකෑමය. ඒත් රටේ දේපල හොරා කන මොකාට වුවත් අපෙන් කිසිදු ඉඩක් නොලැබෙන්නේ ලංකාවේ ටෙලිකොම් කනුවල බඩගාන කම්කරුවා ගේ දහඩිය සුවද අපි දන්න නිසාය.

ඒත් රොහාන්ලා දන්නේ හොරකම් කරන සල්ලි කොලවල සුවදය.  රොහාන් ප්‍රනාන්දුගේ කාර්යාලයේ අලූත්වැඩියාවට මේ වන විට කෝටි 03 ක්  මුදලක් වියදම් කරමින් බිත්තිවලට කුඹුක් ලෑලි අල්ලමින් ,අඟල් 85ක පමණ පුළුල් තිරය බිත්තියට සවි කරමින් ,අසාමාන්‍ය ලෙස වියදම් කරන රොහාන් ප්‍රනාන්දු සිතා සිටින්නේ තම බිරිඳ වරුණි අමුණුගම ගෙන් ලැබුණු  දෑවැද්ද ටෙලිකොම් එක  කියාය. මේ වන විට මිලියන 100ක පමණ වෙළඳ දැන්වීම් දෙරණට ලබා දෙමින් තවත් පසෙකින් අසාමාන්‍ය පාඩුවක් ලබා ඇති බව අප වෙත වාර්තා වේ. මේ වන විට ඉතාමත්ම සුඛෝපභෝගීව තිබූ සභාපතිවරයාගේ boardroom ඒක මුළුමනින්ම වෙනස් කරමින්  බිත්තියට කුඹුක් ලෑලි අල්ලා ඒවා උප දමමින් ඇත. බිත්තියේ සවිකිරීමට අළුතෙන්ම ගෙනවිත් ඇත්තේ අඟල් 85 රූපවාහිනියන්ත්‍රයකි. රටේ අහිංසක ජනතාව ගේ බිල්පතට අවසානයේ මේවා එකතු නොවී වරුණි ගේ අප්පගේ ගිණුමෙන් නොගෙවන බව රොහාන්ට ගෝඨා කියා දිය යුතුය.   තේ මණ්ඩලය සිටියදී අසාමාන්‍ය ලෙස ගසාකෑ අයෙකු බව එවකට  තේ මණ්ඩල සභාපතිවරයා ම හෙළි කර තිබුණි. ටෙලිකොම් සභාපති ධුරයට රොහාන් ප්‍රනාන්දු පත් වන්නේ ගෝඨාභයගේ  කියත් මඟ සංවිධානය ඔස්සේය.  මේ වන විට ටෙලිකොම් සමාගම පාඩු ලබන තත්ත්වයකට පත්කර ඇති බව අප ඉතා වගකීමෙන් සඳහන් කරනුයේ   ඒ පිළිබඳව මේ වන විට සේවකයින් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් ද පැන නැගී ඇති බවයි මේ පිළිබඳව ජනාධිපති වරයාටද ලිඛිතව පැමිණිලි කර තිබෙන බවත් අප වෙත දැන ගැනීමටත් ඇත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස.


Spread the love

Leave a Comment

You may also like