යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන් මහතා ගමන් කරමින් සිටි නල්ලුර් මාර්ගයේදී මෙම වෙඩිතැබීම ඊයේ සිදු විය. විනිසුරු වරයාට ආරක්ෂාව සැලසීමට ගිය පොලිස් නිලධාරීන් ගේන් පොලිස් සැරයන් පො.සැ 24330 ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නිලධාරියා තුවාල ලබා අද උදෑසන මියගොස් ඇත.
මෙම වෙඩිතැබීම දුටු මහාධිකරණ විනිසුරු වරයා පවසා ඇත්තේ තුවක්කුකරු ඉලක්කයට වෙඩි තැබීමට හැකියාවක් ඇති අයකු බවය. අපවෙත ලැබී ඇති තොරතුරු අනුව මුළුමනින්ම මෙය කිසියම් පුද්ගලයකු විසින් මහාධිකරණ විනිසුරු වරයාවම ඉලක්ක කොට සිදුකරන ලද වෙඩි තැබීමක් බවය.
මහාධිකරණ විනිසුරුවරයා දෙමළ ජාතිකයකු උවත් තමාගේ ආරක්ෂාවට සිටි සිංහල පොලිස් නිලධාරියා තම ජිවිතය පුජාකලේ තමාරැක ගැනීමට බව දන්න නිසාම ඔහුගේ නිලය කුමක් උවත් ඔහුවැද වැටීම ජාතිවාදීකතා කියන කාලක්න්නීට මරු පහරකි. මහාධිකරණ විනිසුරු වරයකු වන ඔහු නිලයට වඩා තමාවෙනුවෙන් ජීවිතය පුජා කල මිනිසා වෙනුවෙන් කදුලුසැලීම හද කම්පාකරවන දසුනකි. මොහු ගේ ඇස්වලින් හෙලු කදුලු ,නැගුණ සෝසුසුම් ජාතිවාදීන්ටනම් ලෝදිය බදුය.
ජතිවාදයෙන් බැටකා රටකට තවත් කිසිදාක ජාතිවාදී යුද්ධයක් ඇති නොවීමට නම් කුහක,පිරුණු වු ජාත්වාදී අදහස් ඇත හැර මානිකවාසගර් ඉලංචෙලියන් විනිසුරු වරුන් වැනි මිනිසුන් තවතවත් සමාජයට අවශ්‍යය. මිය ගිය අභීත නිලධාරියාට ජාතියේ ආචාරයත්,හිමිවිය යුතුය. ඔහුට නිවන්සුව පතමු..
ඉලංචෙලියන් මහාධිකරණ විනිසුරු ගේ සංවේදී හදවත මෙරට ජාතිවාදීන්ට ලෝදිය බදුය.