උණුසුම් පුවත්

දවසේ සිකුරාදා….. කිසිදාක පොලිෂ් නොවන ශ්‍රිලංකා පොලිසියේ මහ එවුන් එකාදෙන්නා දැන්දැන් වැලිකඩ යමින් මෙච්චර කලක් වසාගෙන් තිබු හෙලුව ජනතාවට හෙලිවේ……..

Spread the love

මෙච්චර කලක් පොලිසියේ මහ එවුන් කෙරුවේම අහිංසක පහල නිලධාරින් බිල්ලට දිදී අපි සුදනෝ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමය
පහල පොලිස් නිලධාරින් තමා ජරාව කන්නේ ,උන්තමා ජනතාවට නිදා පරිබව කරන්නේ කියා හැම විටම මතයක් සමාජ ගත කරන්නේත් පොලිසියේම ඉහලම් ඇවරිය බව ජනතාව මෙතුවක් කලක් නොදැන් සිටියත් පොලිසියේ පහල නිලධාරින් නම් දනී.

නුතනයේ පොලිසිය විශාල පරිහානියකට පත්ව තිබීම ඉතාම සෝචනීයය. ඊට වගකිව යුත්තෝ අහිංසක කොස්තාපල් වරු පමණක්ම නොවේ. සමාජය තුල නිති ස්ථාපිත කිරීමට පෙර පොලිස්පති හා ඊට අදාල අංශ ගෙනවිත් සාකච්චා කිරීමේදී කුමන තරාතිරමේ අයකු සමග උවත් ඇත්ත කතාකිරීමට භය පොලිසියේ ඉහල නිලධාරින් තම නිලධාරීන් ඉදිරියේ කෙරුමන් වීමට නම්හරිම ආසාවක් ඇත. පොලිස් නිලධාරීන්ට හරියට කතා කිරීමට නොදන්න බොහෝ උසස් නිලධාරීන් ජනතාවට ඉතාම හොදින් කතාකල යුතු බවනම් කියයි.

වාස්ගුණවර්ධනලා පොරවල් උනේ උන්ගේ වාසියට මිසක් ජනතා සුභ සිද්ධියකටනම් නොවේ.ජයන්ත වික්‍රමරත්න,වික්ටර්පෙරේරා,චන්දාප්‍රනාන්දු,මහින්දබාලසුරිය ශ්‍රී ලංකා පොලිසියේ සිටි දුෂිතම මෙන්ම කාලකන්නි පොලිස්පතිවරුබවට කිසිදු තර්කයක් නැත.වික්‍රමරත්න ,වික්ටර් පෙරේරා,මහින්ද බාලසුරිය වැනි නිලධාරින් පොලිස්පති නිලය ගනිකාවක් ලෙසට යෙදවු වාය. ඔවුන් පත් වුදා පටන්ම සිදුකලේ මහාපරිමානයෙන් පගා ගැහිල්ලය.

නිලධාරින්ගෙන් මුදල් ගෙන ස්ථානාධිපති තනතුරුවලට පත්කිරීමට ,මාරුවීම් සිදුකිරීම් වැනි ඉතාම කාලකණ්නි වැඩකල පිරිසකි. ඒ පමණක් නොව දේශපාලකයන්ගේ කකුල් පාමුල වැදවැටීම ඉතාම සුලභ දසුනකි.

චන්දා ප්‍රනාන්දු යනු පුහු මිනිසෙකි. ඔහු පොලිසියතුලින් ජරාව නොකාසිටියත් කිසවක් නොදත් සියල්ලම දත් මහා මොඩයෙකි. තම නිලධාරීන්ට කතාකිරීමට නොදන්නා ,ඔයි,තමුසේ,යන වචන මොහුගේ සාමාන්‍ය කතා බහය. පොලිසිය තුල අද වනවිට ඇතිව තිබෙන තත්වයට වගකිව යුතු අයගෙන් එක් අයෙක්මොහුය.

මොහුට සෑමවිටම උවමනාවුයේ පොලිසිය තුල කිසිදු ප්‍රායෝගික අත් දැකීමක් නොමති නිලධාරීන් ඉහලට දැමීමය.පොතේ දැනුමට සීමාවු අයව බිහි කිරීමටය.

ඉලංගකොන් පොලිසිය තුල සිටි මහත්මයෙක් බව නොකියාම බැරිය. මොහු කොතෙක් තමා ආරක්ෂාවීමට උත්සහා කරාද කියතොත් බීමට තේ බොතලේ නිවසින් රැගෙන ගිය අයෙකි. එසේ උවත් ඔහු අසාර්ථක පොලිස්පති වරයෙකි.

ඒත් අද පොලිස් දෙපාර්තමේන්තුව වැටීමට පාර කැපු කාලකන්නිම නිලධාරියත් ඉලංගකොන්ම බව නොකියාබැරිය.

මොහු ගේ පොලිස්පති කාලය තුල පුද්ගලයන් සුදුවැන්වලින් පැහැර ගෙන ගොස් මරා දැමීම, ඓත්‍යාසික කටුගෙය කඩාරත්‍රං කඩු සොරකම් කිරීම හා දැන දැනම අහිංසක තරුණ ජීවිත බිලිදීමට මුහුණ ආවරණය නොකරන හිස් වැසුම් පැලදීමේ නිති ගෙන ඒමට වලිගය දෙපරැන්දේ ගසා ගත් අයෙකි.ඉලංගකොන් පොලිස්පති වුයේ පොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ උපපොලිස් පරික්ෂක නිලයේ ආරම්භයෙනි. ඊට සැලකිමක් ලෙසට පොලිස් විශේෂ කර්‍ය්‍ය බලකායේ නිලධාරීන්ව උසස් විම් මවා දෙමින් හතර අතේ ඒ නිලධාරීන් සාමාන්‍ය සේවයට යොදවා පොලිසිය තුල කාලකන්නි වෙනසක් ඇතිකලාය. ඒ පොලිස් නිලධාරියා පොලිස් විද්‍යාලයේ නිසිපුහුණුවක් නොමති සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම නොදන්නා හැම විටම අවිආයුධ වලින් ජනතාව මෙල්ල කිරීමට උත්සහා ගන්නා නිලධාරින් පිරිසක් බිහිකිරීමය. මේනිසාම ජනතාවට නිකරැනේ වෙඩිතබා මරාදැමීම්, ආරව්ල් විසදීමට නොදන්නාකම නිසාම රට තුල මිනිමැරුම් ඉහල යාම ,නිසාම පොලිසිය කෙරෙහි ජනතාව මේ වන විට දැඩි වෛරයකින් පසු වේ.
මෙතුවක් කලක් පහල නිලධාරීන් බිල්ලට දුන් අදමයන් අ දැන් ඒකල පවු පලදෙමින් ඇති යුගයකි.අනුරසේනානායකලා,වාස්ගුණවර්ධනලා,වගේම ජනතාවට පමණක් නොව තමන්ගේම නිලධාරින් පවුල් පිටින්ම මහපාරට ඇදදැමු ලලිත් ජයසිංහලාටත් මේවනවිට ඒවාගේ ප්‍රතිඵල විදීමට දැන් සිදුව ඇත. මෙය නම් සමස්ථ පොලිස් නිලධාරින්ටම ඉතාම සතුටක් ඇති කරවන්නෙකි.
මේ වන විට මහත් බලාපොරොත්තු තබා තිබු පුජිත් ජයසුන්දරත් පොලිස්පති නිලයේ වැජබෙමින් පොලිසියට ඉබාගාතේ යන්නදෙමින් නිතිය ,උන්ට ඒකයි මුන්ට එකයි කරන විහිලුකාරයෙක් බවට පත්ව ඇත. ලංකාපොලිසිය පොලිෂ් කිරීමටනම් විදේශ රටක පොලිස්පති වරයකු ආනයනය කලයුතුය. අන්න එදාට නම් ශ්‍රිලංකාවේ උතුරේ ඉදන් දකුණටම නිතිය හා සාමය රැකේ වී නැතිනම් පොලිසිය තවතවත් ජරාවටම ,නරකාදියටම් යනබව ඉදුරාම කිව හැකිය.

අජිත්…….


Spread the love

Leave a Comment

You may also like