1951 අප්‍රේල් 27 වන දින මැදමුලන උපන් බැසිල් රෝහණ රාජපක්ෂ, විවාහක බිරිද පුෂ්පා රාජපක්ෂ, ස්ථිර පදිංචිය කැලිෆෝනියා ,ඇමරිකා එක්සත් ජනපදය ,යන ලිපිනයේ පදිංචි පොදු ජන එක්සත් පෙරමුණ නිර්මාතෘ හා ගෝඨාභය රාජපක්ෂ ගේ සොහොයුරාට රුපියල් මිලියන් 240 ක්වටිනා නිවස හා පොල් අක්කර 16 ක් ඇති ඉඩම මිලට ගැනීමට මුදල් ඉපයු ආකාරය පිලිබදව පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මුල්‍ය විශුද්ධි කරණ පනත යටතේ නඩු පැවරීය.ඒත් බැසිල් රාජපක්ෂ අධිකරණයට කියා සිටියේ තමාට හෝ තම බිරිදට එවැනි දේපලක් නොමති බවයි.
පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ විසින් 2016 ඔක්තෝබර් 14 දින දී ඇති නියෝගය වුයේ රුපියල් මිලියන 216 ක් වටිනා නිවස හා අක්කර 16 පොල් ඉඩම වහාම වෙන්දේසියේ විකුණා මහබැංකුවට මුදල් බැර කරන ලෙසයි. ඒත් ඊට පෙර අයිතිකරුවෙකු නොසිටිය නමුත් පසුව එම නිවස බලා ගත් පුද්ගලයා ඊට මැදිහත්ව ඇත. ඒත් දැන් ඇති ගැටලුව ශ්‍රි ලංකාවේ පිහිටි රාජපක්ෂාධිකරණයට අනුව මෙකි ඉඩම හා ඊට අදාල දේපල සිය කැමැත්තෙන් බැසිල් රාජපක්ෂ නොහොත් 10% වෙතට තෑගි ඔප්පුවකින් දීමට පුද්ගලයෙකු ඉදිරිපත්ව සිටීමයි.මෙය උභතෝකොටික ප්‍රශ්ණයකි. දැන් එය නඩු භාණ්ඩයකි. ඒත් ඒ නිතිය අදාල වන්නේ රටේ පොදු මහජනයාටය. රාජපක්ෂ පරම්පරාවට කිසි සේත් ඒවා අදාල නොවේ.
ඉඩම පැවරීමට නිතිපති වෙතට නඩු ගොනුව යවා ඇති බවත් දප්පුල ගේ සිහිනය වු රාජපක්ෂාධිකරණයේ අගවිනිසුරු වීමත්ට නිසා බැසිල්ට එම තැග්ග ලබා ගැනීමට ඇති හැකියාව දැන් දිනපතාම නිශාරා සමඟ පරික්ෂා කරන බව නිතිපති දෙපාර්තමේන්තුවේ අපේ තොරතුරු කරුවන් පවසයි.
මේ පිලිබදව අපි දැඩි අවධානයෙන් සිටින බව නිතිපතියට දැනුම් දීමට කැමැත්තෙමු.

