එක්සත්ජාතික පාක්ෂිකයා ගේ ලේ මතින් බලයට පැමිණි මෛත්‍රි 2015 ජනවාරි කල පලමු කුප්ප වැඩේ ගෝඨාභයව තමා ගේ නිල නොවන ආරක්ෂක උපදේශකවරයා ලෙසට පත්කර ගැනීමය. එදා ගෝඨා ගේ ඒකම ඉල්ලීම වී ඇත්තේ සලේ ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු කී පොයින්ට් වල තබා ගැනීමට ඉඩ දෙන ලෙසටය.ඊට මෛත්‍රි ඒකඟවිය
ඒත් 2016 වනතුරුම ” සලේව රාජ්‍ය බුද්ධි “අංශයෙන් ඉවත් කිරීමට බැරිවිය. ඒත් ඒ සමඟම නැවත පත්වුයේත් ගෝඨා ගේ නිර්දේශ මත ඔහු ගේම මිනිහෙකි. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. මේජර් ජනරාල් සලේ හා නිලන්ත ජයවර්ධන ඉතාම කුළුපගු මිතුරන් බව පොලිස් දෙපාර්තමේන්තුවම දනී. ඉන්දියානු “රෝ ඔත්තු ” සේවාව ශ්‍රි ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශය වෙතට 2019 අප්‍රේල් 04 වන දින “ඉතා රහසිගතයි” කියා ශ්‍රි ලංකාවට ත්‍රස්තප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවට ඉතාම විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවට නිලන්ත ජයවර්ධනටදැනුම් දී ඇත.
නිලන්ත ජයවර්ධන මන්ද බුද්ධිකයෙක් නොවේ නම් ඊළඟ පියවර නොගත්තේ ඇයි……?
එම බුද්ධි තොරතුර දුන් ආයතනය පිලිබදව ඇති ප්‍රවීනතාවය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිලිබදව තමා ගේ තක්සේරුව මත වහාම තම රාජ්‍ය නායකයන්, ත්‍රිවිද හමුදා ප්‍රධානියන් දැනුවත් නොකරන්නේ මොන මිහරකාදැයි නිලන්ත ජයවර්ධන නැමති මන්ද බුද්ධිකයා ගෙන් අපි අසන්නෙමු. අප්‍රේල් 08 වන දින පොලිස්පති හා සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ පැවති සාකඡ්චාවට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කැදවා තිබුණි.
ජනාධිපති මෛත්‍රි ගේ සාකඡ්චාවේදීවත් නිලන්ත ජයවර්ධන නැමති මන්ද බුද්ධිකයා නොකීවේ සලේ ගෝඨලා ගේ උවමනාවට අවශ්‍ය ප්‍රහාරය සිදු කිරීමටය. විශේෂ කාර්ය බලකායේ කීර්තිමත් නමක් දිනා සිටි නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් හා නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක වැනි ත්‍රස්තවාදීන් සමඟ මුහුණට මුහුණ සටන් කල පුද්ගලයන් සිටියදී ,මේ මන්ද බුද්ධිකයා සියල්ල සඟව ඇත. එදා එම රැස්වීමදී කතා කොට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් සම්බන්ධ සිද්ධීන් වලට කතාකරන මැති ඇමතීන් පිලිබදව තමාට වාර්තාවක් ලබා දෙන ලෙසටය. ඒත් මෙම අප්‍රේල්08 දිනවත් තමා ලද බුද්ධි තොරතුර පිලිබදව කටක් ඇරියේ නැති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයට ඉතාම හොදින් දායක වී ඇති බවට තවත් කුමණ කතාද ..?
නිලන්ත ජයවර්ධන සෘජුවම වගකියන්නේ රටේ රාජ්‍ය නායකයාට මිස අගමැතිට හෝ පොලිස්පතිට නොව නිලන්ත ජයවර්ධන මෛත්‍රි දෙදෙනාම මෙම ප්‍රහාරය සලේ,ගෝඨාභයලා ගේ උවමනාවට සිදුකරන බවත් දැන සිටිය බවට සාක්ෂි ඇති පදමට ඇත. ඉන්දියානුරාජ්‍ය බුද්ධි සේවයෙන් ලද ඉතාම සුවිශේෂි තොරතුරක් පිලිබදව ප්‍රහාරයක් එල්ල වෙන තුරුත් තමාට දැනුම් නොදුන්නේ ඇයි දැයි නිලන්ත ජයවර්ධන ගෙන් ප්‍රශ්ණ නොකරන්නේම දෙදෙනාම සිද්ධිය පිලිබදව දැන සිට සහරාන්ලාට එය සිදු කිරීමට අවශ්‍ය ඉඩ ලබාදුන්න නිසාය.
නිලන්තලා මෛත්‍රිලා එක්ව අහිංසක ජිවිත බිලි ගෙන තවත් ජනතාව ගේ සල්ලි වලින් යහතින් වැජබීමට කිසි සේත් ඉඩ නොදිය යුතුය. ලෝකයේ වෙනත් රටක නම් වහාම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකව අත් අඩංගුවට ගෙන දීර්ඝ විමර්ෂණයක් සිදු කොට හමාරය. ප්‍රථම තොරතුර ලද පුද්ගලයා ගේ වගකීම නොදත් කාලකන්නියෙකු නැවතත් සහරන් ගේ ගෙදර බලා ගැනීමටම නැගෙනහිර පලාත භාරවම පත්කරන්නේ ගෝඨලාට සලේලාට අවශ්‍ය ආකාරයට වැඩේ කරගන්න ඉඩ දුන්න නිසාය .
මේ මන්ද බුද්ධික පාහරයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමට තබා පොලිස් කොස්තාපල් කෙනෙකු ලෙසවත් කිසි දවසක පොලිස් දෙපාර්තමේන්තුවේ තබා නොගතයුතු ජනතා ද්‍රෝහියෙකි.
වහාම මුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කලයුතුය . ඒත් අපි එවනි ඉල්ලිමක් නොකරන්නේ දැන් ජනාධිපති ගෝඨාභය නැමති පුද්ගලයාය.