ඓතිහාසික මාතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනව දියවඩන නිළමේ තණතුර සදහා පවත්වන නිළවරණය ඉතා සුවිශේෂී එකක් ලෙස ප්‍රසිද්ධව ඇත..
මක්නිසාදයත් මාතර දිස්ත්‍රක්කයේ සිටින 650ක් පමණ වන ග්‍රාමසේවක මහත්වරුන්ගෙන් 250කට පමණ හිමිවවන චන්ද අයිතියකින් සිදුවන ලංකාවේ එකම දේවාලය වීමයි…
කාලාන්තරයක් මුළුල්ලේ සිදුවන මේ සම්ප්‍රදායට අනුව අදට එම නිළවරණය පැවැත්වීමට නියමිතව තිබූ අතර එය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අත් හිටුවා ඇත…
……..රාජපක්ෂ පාලන සමය තුල විහාරගම් දේවාල පණත පවා උල්ලංඝනය කරමින් කුරහන් සාඨකයට කතරගම දෙවිදුන්ද යටත් කල හැකි පුරවැසි ඔබට හොදින් මතක ඇතයි අප සිතමු…..
එමෙන්ම පසුගිය වකවානුවේ රාජපක්ෂ පවුලේම නෑ හිතවත්කම් ඇති ඩිෂාන් ගුණසේකර දියවඩන නිළමේ ලෙස පත්කරගත් අතර එය මාතර දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි…….
අද දින එක් රැස් වූ ග්‍රාමසේවක මහතුන් ඉතා කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ මෙවර සිදුවීමට ඇත්තේ දේශපාලණික හිතවත් කම් මත පවතින පාලකයන්ගේ අවශ්‍යතාව ඉටු කරගැනීම පිණිස එම චන්ද අයිතිය උල්ලංඝනය කොට යම් කුමන්ත්‍රණ කාරී ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට සැක ඇති බවයි..
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස