බැසිල් රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන් ඇති ආර්ථික සංවර්ධන කමිටුව අද දින ගන්නා ලද තීරණයකට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා විශාල ප්‍රමාණයක පුද්ගලික මැදිහත්වීමක් ඇත. මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කරනු ලබන සියලුම වර්ගයේ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බවුසර්වලින්, එහෙත් පසුගිය චන්ද්‍රිකා පාලන සමයේදී එවකට අමාත්‍ය වූ අනුරුද්ධ රත්වත්ත මහතා විසින් එය පුද්ගලිකව හිමිකරුවන්ට පවරා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බවුසර් යෙදවීමට පුද්ගලික සමාගම් සහ ආයතන වලට ඉඩ දෙන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෝටි ගණනක මුදලක් රාජ්‍ය ආදායමට අහිමිවිය. ඉන් පසුව සාමාන්‍ය දේශපාලනික හිතවත්කම් මත ඒ ඒ කාලවල පැවති ආණ්ඩු විසින් තම හෙංචයියන්ට හිතවත්කම්, දැන හැඳුනුම්කම් ,මත ඉන්ධන ප්‍රමාණයට බවුසර් මිලදී ගෙන යොදවා ආදායමක් ඉපයීමට ඉඩදී තිබුණි.එහෙත් ඒ සියල්ල ම රටට, ජනතාවට අහිමි කරමින් අද තීරණය කොට ඇත්තේ සියලුම ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු චීන සමාගමකට පැවරීමටය. මේ වෙන විට චීනය පුරාම ඉන්ධන ප්‍රවාහනය වෙනුවෙන් කටයුතු කරන සමාගමක් ශ්‍රී ලංකාවට කැඳවීමට ලබන වසරේ මාර්තු මස වන විට සූදානම් කළ යුතු බව අද දින පැවති ආර්ථික කටයුතු සහ ඒ පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් තීරණය කරන ලදී එහි ප්‍රතිඵලයක් වශයෙන්ශ්‍රී ලංකා ජනතාවගෙන් මෙම බවුසර් යොදවා අද තීරණය කොට ඇත්තේ ආදායම් ලබන ලද සියලුම ව්‍යාපාරිකයන්හිමියන්, සේවකයින් සහ ඒ ආශ්‍රිතව ගොඩනැගුණු කර්මාන්ත මුළුමනින්ම බිඳ වැටී ජනතාවට පාරට බැසීමේ තත්ත්වයක් උදාවනු ඇත. මීට පෙර අවස්ථා ගණනාවකදී ද අප දිගින් දිගටම කියා සිටියේ චීන මැදිහත්වීම රාජපක්ෂලාගේ ගිණුම් තර වන බවය. රාජපක්ෂවරුන්ගේ ඒකායන පැතුම ඔවුන් බලයෙන් පහ වී යන විට චීන කොලනියක් කොට ජනතාව විනාශ කර දමා බලයෙන් පහව යාමය. මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව අපි නැවත නැවතත් මතක් කරන්නෙමු. මේ නිසා අපි අනතුරු අගවා සිටින්නේ ඔබ කරනු ලබන ඉන්ධන බෙදාහැරිමේ ප්‍රවාහන කටයුතු වලට බවුසර යොදවා ඇත්නම් මේ පිළිබඳව සොයා බලා වහාම ඊට මැදිහත් වන ලෙසයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස