උණුසුම් පුවත්

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 16 දෙනෙකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය ස්ථාන පරීක්ෂාවට මහේස්ත්‍රාත්වරයෙකු නොගියේ ඇයි….? බී වාර්තාවේ ඇත්තේ බන්ධනාගාරයේ දේපල අලාභය ගැන පමණ ද …?

Spread the love

පසුගිය 29  වන දින මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් කොරෝනා රෝගය වැළඳී සිටි සිරකරුවන්16 දෙනෙකුට වෙඩි වැදී මරණයට පත්ව තිබුණි. මෙම සිද්ධියෙන් පසු මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට අධිකරණය නියෝග  අනුව සිදුවෙමින් පවතී. වැලිසර ප්‍රධාන මහේස්ත්‍රාත් රාගල මහතාගේ මෙහෙයවීමෙන් එම  මහේස්ත්‍රාත් පරීක්ෂණ මේ වන විට පැවැත්වෙමින් ඇත. එහෙත් 29/12/2020 දින මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මරණයට පත් සිරකරුවන් ගේ මෘත ශරීර තිබූ එම සිද්ධිය වූ ස්ථාන පරීක්ෂා කළ යුතු බවට 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 9 වන වගන්ති ආ ( iii ) කොටසේ සඳහන් කර ඇති ආකාරයට…….  “හදිසි අනතුරකින් සිදු වූ මරණ යම් තැනැත්තෙකු යම් බන්ධනාගාරයක හෝ මානසික රෝහලක  හෝ  ලාදුරු රෝහලක මියගිය හෝ නැතහොත් දාමරික ක්‍රියාවකින් මියගිය තැනැත්තාගේ මියයාමේ ………” යනුවෙන් සඳහන් කර ඇති අතරම එසේම එම පනතේ ම 143 වගන්තිය ද ඝාතනයන් සිදු වූවොත් එම සිද්ධිය වූ ස්ථානය පිළිබඳව අපරාධ සංග්‍රහයේ 136 වන වගන්ති ප්‍රකාරව පොලිස් නිලධාරීන් විසින් කරනු ලබන දැනුම් දීමක් මත විමර්ශනයට සහාය වීමට අදාල පොලිස් බල ප්‍රදේශයේ හේස්ත්‍රාත්වරයා එම ස්ථාන පරීක්ෂාව කළ යුතුය. එහෙත් කුමන හේතුවක් මත හෝ  මහර බන්ධනාගාර සිදුවූ සිද්ධි ස්ථාන පරීක්ෂාවට කිසිදු මහේස්ත්‍රාත්වරයෙකු නොගිය බවට මේ වනවිට අප වෙත තොරතුරු ලැබී ඇත.  එහෙත් මේ පිළිබඳව සොයා බැලීමේදී අප හට දැන ගැනීමට අදාල පොලිසිය මහේස්ත්‍රාත්වරයාට සම්බන්ධව දැනුම් දිය යුතු වුවත් රාගම පොලිසිය සිදු කර ඇත්තේ මහර බන්ධනාගාරයේ කැරැල්ලක් තුළින් දේපල අලාභ හානියක් සිදු වූ බවට පමණක් බී වාර්තාවක් අධිකරණයට ගොනු කොට ඇති බවයි. මූලික විමර්ශනය ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නේ මස් රත් වරයෙකුට එම පොලිස් නිලධාරීන් ගොනුකරන ප්‍රථම බී වාර්තාවට අනුව ය එහෙත් පොලිසිය කොලේ වසා ගසා ඇත්තේ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නැරඹීමට පැමිණීම වැලැක්වීමටය. මේ පිලිබදව වහාම අධිකරණය කරුණු විමර්ෂණය කලයුතුය.  මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීම ගරු මහේස්ත්‍රාත්වරයාගේ වගකීමය. පුද්ගලයින් 4 දෙනෙකුට වෙඩි තබා මරා  දමා ඇති අතර මියගිය ගණන 16  එහෙත් අනෙක් පුද්ගලයින්ට ද  වෙඩි තබා  ඇති බව සක්සුදක්සේ අප දන්නා කරුණකි.  පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් පවත්වා නොමැති හෙයින් ඒ පිළිබඳව නිගමනයක් දීමට අපි හදිසි නොවෙමු. කෙසේ වුවත් මෙහිදී මහර බන්ධනාගාර සිද්ධියේදී රජයේ වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න අධිකරණයේදී මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින ආකාරයෙන් අගතියට පත් පාර්ශවය එනම් මියගිය සිරකරුවන් වෙනුවෙන් නියෝජනය කරනු ලැබූ සියලුම නීතිඥවරුන්ට දැඩි අසත්‍ය දෝෂාරෝපණයක් එල්ල කරමින් ඔවුන් සියලු දෙනාම එන්ජී.ඕ කරුවන් යනුවෙන් හැඳින්වීම ඉතාම නින්දා සහගතය. නිෂාරා ජයරත්න ගේ මෙම ප්‍රකාශයෙන් පෙනී යන්නේ මිනීමරුවන්ට නීතිපති ගේ රැකවරණය මෙයින් ලැබෙන බව නොකියා කියන්නේ .නිෂාරා ජයරත්න මියගිය පාර්ශ්වය වෙනුවෙන් නොව මරා දැමූ සැකකරුවන් වෙනුවෙන් ඇය පෙනී සිටින බව නොවේද දැන් සිදුව ඇත්තේ   සමස්ත ජනතාවම යුක්තිය ඉල්ලා හඬ නැගීම ය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස .


Spread the love

Leave a Comment

You may also like