උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය වන දින දේශබන්දු ඇතුළු උසස් නිලධාරින් නිවාඩු ගියේ කෙසේද……? ඒත් ප්‍රහාරයෙන් පසුව සියළු දෙනාටම උසස් වීම් දුන්නේ කොහොමද ?

Spread the love

පාස්කු ප්‍රහාරය සිදුවන බව කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයාගෙන්,ඉතාම වැදගත්  සහ රහසිගත පණිවුඩයක් පැමිණ තිබියදීත් නිවාඩු ලබා ගෙන පිටව ගියේ කෙසේද ? පොලිස්පති සෑමවසරකම අප්‍රේල් මස පොලිස් නිලධාරින් ගේ නිවාඩු අවලංගු කිරීම සම්ප්‍රදායකි. ඒ මහජනතාව නගරයට පැමිණෙන නිසාවෙනි.ඒත් දේශ බන්දුලා ඊට අයත් නොවන්නේ ඔහු පොලිස් නිලධාරියකු නොවන නිසාදැයි කීමට අපි නොදනිමු. ඒ හා සමානවම තමා ගේ පහල නිලධාරින්ට කිසිදු  නියෝගයක් නුදුන්නේ ඔහුට සාමාන්‍ය පොලිස් සේවාවේ කිසිදු අත් දැකීමක්  නොමති නිසා බව දැන් ඉතාම හොදින් පැහැදිලිය. එවකට කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි පතිනායක යන දෙදෙනා සම්පුර්ණ තම රාජකාරිය පැහැර හැර බැසිල් ගේ හා සලේ ගේ උවමනාවට වැඩ කොට ඇත. ඒවකට ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරාළ මීගමුව භාරව සිට ඇති අතරම නන්දන මුණසිංහ ද අනිල් ප්‍රියන්ත ජේෂ්ඨ පොලිස් අධිකාරි ද කොළඹ අවට ප්‍රදේශය භාරව සිට ඇත. එසේම සංජීව බණ්ඩාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද සිට ඇත. මොවුන්ට නිසි ලෙසට පොලිස්පති පුජිත ජයසුන්දර ප්‍රහාරය පිලිබදව දැනුම් දී තිබුණත් අඩුම තරමින් එම දුරකතන පණිවුඩය හෝ දුරකථන ලේකණයේ ඇතුලත් කොට නිසි ආරක්ෂාවක් යෙදු වේ නැත. බොම්බයේ  මහ මොළ කරු බැසිල් ගේ උවමනාවට දැයි මියගිය ජනතාව වෙනුවෙන් අපි අසන්නෙමු. ප්‍රහාරය කෙසේ වෙතත්  දේශ බන්දුලා වසරේ අප්‍රේල් මස  දින ගනනාවක් නිවාඩු ලබා ගන්නේ සියල්ලම සැලසුම් සහගත්වය. පුදුමය එය නොවේ. මෙපමණ ජීවිත විනාශයට වගකිවයුතු සියල්ලට විරුද්ධව දෙපාර්තමේන්තු ඩී.07 බී පරිෂ්ඨය යටතේ වහාම රාජකාරිය පැහැර හැරීම පිලිබදව චෝදනා පත්‍ර ලබා දිය යුතුය. එසේම 1999 අංක 48 දරණ ආයතන සංග්‍රහයේ පලමු උප ලේඛණයට ගැනෙන වැරදි යටතේ විභාගයක් කොට සේවයෙන් පහකල යුතුය. ඒත් ඇත්තටම සිදු වුයේ දේශ බන්දු හා , ඒවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන සමඟ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියළුම දෙනානාටම උසස් වීම ලබාදීමට . ඒත් සමඟම මිගමුව කොට්ථාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිටි චන්දන අතුකෝරාළ , අනිල් ප්‍රියන්ත, සංජීව බණ්ඩාර, ඇතුළු සියලුම දෙනාම  වහාම උසස් වීම් ලැබීමය. මේ සියල්ලම යට මෛත්‍රිපාල සිරිසේන රාජපක්ෂලා වෙනුවෙන්  ඉතාම හොදින් ඇඟට නොදිනිව ඉටු කලාය. ඒත් අපි කියන සත්‍ය තවත් නොබෝ දිනකින් ගෝඨාභය ගේ පාස්කු ජනාධිපති කොමිසම් සභාවෙන් එලියට එනු ඇත. රටේ පොලිසියේ පිරිහීමට මුලිකම බලපා ඇත්තේ සහකාර පොලිස් අධිකාරි නිලයට ඉදුරාම බදවා ගැනීමය .එදා කොමිසමක සාක්ෂි දීම තම පොලිස් සේවාවෙම ප්‍රථම සාක්ෂි දීම බවට පත් විය. බොහෝ උසස් නිලධාරින් දැන් පෙලෙන්නේ වොයිස් කට් ව්‍යාධියෙන්ය. ඒ නිසාම තමා රටේ ජනතාව ගේ ආරක්ෂාව හා කිසියම් වු සිදු වීමක් වුවා නම් ඊට අනුකුලව තීන්දු තීරණ ගැනීමට කෂේරුකාවක් නොමති වීම ඉතාම අවාසනාවකි. දැන් ඇත්තේ බැසිල් ගේ අයියා ගේ ආණ්ඩුවයි. ඒ නිසාම කොමිසමේ කෙරුවාව අපි බලා සිටිමු. එදා ඒ ආකාරයට රටේ ජනතාව බිලි ගත් ත්‍රස්තවාදීනට එම විනාශය සිදු කිරිමට අවශ්‍ය වටපිටාව සැකසු නියෝජ්‍ය පොලිස්පති ,ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට උසස් කලේ කුමන හේතුවකටද …..? කොළඹ කොට්ඨාශය භාරව සිටි පතිනායක වහාම නියෝජ්‍ය පොලිස්පති ලෙසත්,අනිල් ප්‍රියන්ත ද නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මිගමුව භාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරාළ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්  19/09/2020  දින උසස් වීම ලැබීම අරුම පුදුමය. වත්තේ මුරකරු සිටියදී හොරෙක් පොල් කැඩු විට වත්තේ අයිතිකරු මුරකරුව රස්සාවෙන් එලවා දැමීමත් ,පොලිසියේ පහල නිලධාරින්  ගෙන්තම රාජකාරිය අතපසු වී සැකකරුවෙකු පැන ගිය හොත් පිටු ගනන් සටහන් දමන උසස් නිලධාරින්ට 350 ක් මිනිපිට මිනි මැරි රාජපක්ෂලාට බලය අරන් දුන් විට ලැබෙන්නේ උසස් වීමය .ඒ රට ශ්‍රි ලංකාවයි. මෙවනි සත්‍ය හෙලිකරන  විට අප ගේ පසුපස රාජ්‍ය ත්‍රස්ත්වාදීන් එවන බවත් අපි නොදන්නවා නොවේ. ඒත් රාජපක්ෂ පරම්පරාවේම විනාශය ගෝඨාභය දැන් සිදු කොට හමාරයි. ආපේ අරමුණ ඇත්ත ඇති සැටියෙන් රටේ ජනතාවට කීමය. 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like