උණුසුම් පුවත්

“ආනන්දය “මෙකල් හි යමෙකුට තමා විසින්ම තම අත් පා බැද ගල් එල්ලා ගෙන ,කටේ රෙදි කැබලි දමා ගෙන වතුරට පැන සියදිවි නසා ගත හැකිදැයි කියනු මැන……….. !!

Spread the love

ස්ථිර වශයෙන්ම ඕලන්දයේ ජිනරතන හිමි මරාදැමු බවට අපි නැවත නැවත් කියා සිටින්නෙමු. ඒ චෝදනාව රජයට එක එල්ලේම ඒල්ල කරන්නේම මේ වනතෙක් ඒ පිලිබදව අපරාධ විමර්ෂණයක් නිසි පරිදි සිදු නොවන නිසාය. මිනිමැරුමක් ලෙසට එය අඩුම තරමින් පොලිසියේ සටහන් නොකර තිබීමත් ඊට පොලිසිය දක්වා ඇති සැලකිල්ල ඉතාම නින්දිතය. මෙම ලියුම් කරුද අපරාධ විමර්ෂණයන් පිලිබදව විදෙස් රටවල පවා පුහුණුවක් ලබා ඇති අයෙකි. ඒ හා සමානව ශ්‍රි ලංකාවේ වැලලීමට ගිය ප්‍රධාන අපරාධ කීපයක සැකකරුවන් නිතියේ රැහැනට හසුකර ගත් අයෙකි.ඒ නිසාම මෙම හිමි ගේ මිනිමැරුම කුමන හෝ දේශපාලන හස්ථයකින් වැසීමට උත්සහා ගන්නා බව කිවයුතුය.

පශ්චාත් මරණ පරික්ෂණයේදි උන්වහන්සේ ගේ පෙනහළු තුලට වැලි ගොස් තිබීම හා කටට රෙදිපටි ඔබා තිබීමත් දැඩි විමර්ෂණයට ලක්විය යුතුය. එසේම මෙම මරණය පිලිබදව විවෘත තින්දුවක් මරණ පරික්ෂකවරයා විසින් ගෙන තිබීමෙන් පෙනියන්නේ සියදිවි නසා ගැනීමක් යැයි පෙන්වීමට තරන් සාක්ෂි පොලිසියට නොති බීමයි. ඒ නිසාම දැන් වත් රජයට එන දෝෂාරෝපනය වලක්වා ගැනීමට විමර්ෂණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමය. එසේ නොමතිව තිරිකුණාමලේ ආනන්දවැනි භික්ෂුන් ලවා නොදන්න හරුප ලියා පල නොකල යුතුය. මෙහි ඉතාම අවාසනා වන්තම තත්වය පැවති රජය සමයේ මෙවැන්නක් සිදු වුවානම් වොයිස් කට් නිකායේ කහකඩ ගණින්නාන්සේලා අදනේ පිටින් මේ වෙනකොට ගාළුපාර හරස්කොට මහපාරෙම ආදාහණයත් කරලා ආණ්ඩුවත් පෙරලලාය. ඒත් දැන් උන් සියල්ලම මහනවෙලාය. එයත් එක අතකින් නිවනටම හේතුවකි. කෙසේ වුවත් නැවත මතු භවයක ඔබ වහන් සේ යම් හෙයකින් උප දිනවානම් ශ්‍රි ලංකාවේ වැනි දුර්ජනයන් හා කහකඩයන් නැති මනුෂත්වයට ගරුකරන රටක ඉපදේවායි ප්‍රාර්ථනා කටන්නෙමු.

ඒත් පින් ඇති බුද්ධ පුත්‍රයානන්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවායි ලංකා දවසේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු……

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like