06/12/2020 දිනට සිවිල් ආරක්ෂක බලකායේ භටවරියන්ගේ දරුවන්ට නව වාරයේ පොත් බෙදාදීම සිදු කිරීමට තිබුණ අතර එය මෙවර ආරක්ෂක පීඨයේ Defence school Auditorium එකේ පොත් බෙදාදීම යනුවෙන් නම් කර විශාල උත්සවයක් පැවැත්විය . ඊට සිවිල් ආරක්ෂක බලකා 22 හිම අණදෙන නිලධාරීන් ඔවුන්ගේ බිරිදන් හා දරුවන්ගේ සහභාගීත්වය අනිවාර්යය කර තිබුණි. ඊට අමතරව එම බලකාවන්හි පොත් ලැබිය යුතු දරුවන් එම දෙමාපියන් සමග සහභාගී විය යුතු අතර සියලුම කැවිලි වර්ග එම බලකා වලින් සැපයියයුතු විය. මෙම පොත් බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ Maj Gen. Kamal Gunaratne (Rtd) . ඔහු සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් වන Rear Admiral Ananda Peiris (Rtd) ගුණ වර්ණනා කරමින් එම දෙපාර්තමේන්තුව එතුමාගේ බූදලයට සවිකොට ඇති බව ව්‍යංගයෙන් පැවසිය. ප්‍රවාහන පහසුකම් නැති මෙවැනි කාලයක එතරම් විශාල උළෙලක් පැවැත්වූයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් බව කාටත් වැටහුනේ ඉන් පසුවයි. 06/12/2020 දින රාත්‍රි ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් විජේරාම නිලනිවසේ බලකා අණදෙන නිලධාරීන් සදහාද( Grant & Vat 69 Whishky ) එහිම අධ්‍යක්ෂවරුන් හා එම බිරිඳන්ට Gold lable whishky & Cinzano Rosso ) ද ලබාදුන් අතර හැමදාමත් මෙන් මෙම පාටියේදීද බලකා තූර්‍යවාදකයින් හා ගායකයින් ලවා සංගීතය සපයා අධ්‍යක්ෂ ජනරාල් , බිරිඳ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( Rear Admiral Serasinghe Rtd) බිරිද ඇතුලු පිරිස බීගෙන හොදටම විනෝද විය. මේවාට මුදල් සපයන්නේ එම බලකාවල මිනිසුන්ගෙන් ලබා ගන්නා මුදල් බව රටට නොතේරෙන අතර කෝවිඩ් අමතක කර මිනිසුන්ගේ බඩගින්න අමතක කර නැටීමට උදව් කිරීම ගෝඨාගේ (ආදී ආනන්ද නඩයට) රාජ්‍ය පාලනය වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස