2016 වසරේදි මැනිං වෙළද පොළ වෙනුවෙන් පෑලියගොඩ ඉදිකරන ලද සියළු අංගයන් ගෙන් සමන්විත වෙළද සංකීර්ණය වර්තමාන රජය විසින් දේශපාලන හෙන්චයියලාට දීමට දැන් සුදානම් වේ. එම වෙළද සැල් ලබාදීම පැරණි මැනිංවෙළද පොල තුල කාලාන්තරයක් වෙළදසැල් පවත්වා ගෙන ගිය කඩ හිමියන් වෙනුවට රාජපක්ෂ හිතවතුන්ට එය බෙදා දීමට මුලික වෙළද සැලේ සැලැස්ම මුළු මනින්ම වෙනස් කොට ඇත. එකම වෙළදසැල දැන් දෙකට වෙන්කොට ඇති බවත් එදා පැවති යහපාලන ආණ්ඩුවේ නගරික සංවර්ධන භාරව සිටි අමාත්‍ය චම්පික රණවක මහතා නොමිලේ දීමට එකඟව ඇත. ඒත් අදවන විට එම නියම හිමිකරුවන් වෙනුවට රාජපක්ෂ හෙංචයියලා තොරා ගෙන එම වෙළදසැල් ලබාදීමට එරෙහිව සියලුම මැනිං වෙළදසැල් හිමියන් එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ගෝෂණයක් පැවැත් විය.මෙම උද්ගෝෂණය පැවැති ස්ථානයට හිටපු බස්නාහිර සංවර්ධන හා නාගරික සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පැමිණ ඒ පිලිබදව ජනතාව සමඟ කරුණු ඉදිරිපත් කරන විට රාජ්‍ය ත්‍රස්තවාදයේ පාතාල මැරයෙක් චම්පික රණවක මහතා වෙතට පැමිණ ගෝඨාභය ගේ ගුණ වැයුමට ගොස් පැමිණ සිටි මැනිං වෙළෙන්දන් ගෙන් පහර නොකා හිමින් සීරුවේ ලිස්සා ගියේය. චම්පික රණවක මහතා රාජපක්ෂ ආණ්ඩුවට මහත් හිසරදයක් වී ඇති බව අපි අවස්ථා ගනනාවකදීම පෙන්නා දුනි. ගෝඨාභය ලා ගේ මිනිමරු කල්ලි රටපුරාම ඉව අල්ලමින් ඇත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස