උණුසුම් පුවත්

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුදල් දීමට බැරි බව කියා දී BOI  සභාපති  සුසන්ත රත්නායක ඉල්ලා අස්වෙයි.-ක්‍රිඩාංගණයට කෝටි 1655 ක් වැය කරන්නේ රට හිඟමනට වැටි ඇති මොහොතකය.

Spread the love

වල පයයි ගොඩ පයයි කීවේ අපේ අත්තම්මලාය, ඒ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සුන්ටය. දැන් මහින්දත් ඉන්නේ ඒ ගානටය ඒත් ගැහිල්ලේ නම් අඩුවක් නැති පාටය. මැරෙනේ හෙටනම් අදත් රටේ සල්ලි ගිලලා මැරියන් තියරියේ ඉන්න සතෙකි.

පසුගිය කාලයේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා හිටිහැටියේම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයට නිලධාරීන් කණ්ඩායමක් සමඟ ගොස් අසාමාන්‍ය ප්‍රවෘත්තියක්  මැව්වේ  නිකම්ම නෙවේ. එම ප්‍රවෘත්තියේ සැගවුණු කතාව එළියට පැන්නේ  අදය ,ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති  ව්‍යාපාරිකයෙකු වන සුසන්ත රත්නායක මහතාගේ ඉල්ලා අස්වීමත් සමගය.

ඒ මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දෙසැම්බරයේදී පත්කර තිබුණි.අද වෙන තෙක් ඔහු සභාපති ධුරය දැරීය. හිටිහැටියේම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් කතා කොට ඔහුගෙන් දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරීමට පංගුකාරයෙක් වෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැනුම් දීම නිසා ජනතාවගේ මුදල් පොළොවට යට කිරීමට නොහැකි බව  පවසා ඔහු මහත්මයෙකු ලෙස ඉල්ලා අස්වී අද ගෙදර ගියාය.

 ජනතාවගේ මුදල් හූරා කන රාජපක්ෂලාට ආයෝජන මංඩලයේ සභාපති ගැසු කම්මුල් පහරකි. මෙය රටේ අනිකුත් පුද්ගලයන්ට මහත් ආදර්ශයක් ගෙන දෙන නිර්භීත ක්‍රියාවකි.  අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය වරයාගේ ඉල්ලීම තමාට කිසිසේත් ඉටු කළ නොහැකි බව පවසමින් ඔහු ඉතාමත්ම වැදගත්  ආකාරයෙන් කශේරුකාවක් ඇති ව නිවසට යෑම පිළිබඳව සමස්ත රටේ ජනතාවගේ ම ප්‍රණාමය අප ඔබට පුද කරන්නෙමු.

මහින්ද  රාජපක්ෂලා ගේ ගසාකෑම  පාරවල් තුළින් සහ කොන්ක්‍රීට් ගොඩනැගිලි තුළින් වැටෙන්නේ ඔවුන්ගේ සාක්කුවටය,  මෙවැනි කොරෝනා වසංගතයකින් රට  වෙලාගනිමින් තිබියදී රුපියල් 5000/=  ක්අහිංසක දුප්පත් කම්කරුවෙකුට දීමට නොහැකිව තටමන රාජපක්ෂලා ඔවුන්ගේ හෙලුව මේ ආකාරයෙන් රටට පෙන්නන්නෙ මීහරකුන් වැනි ජනතාවක් රටේ සිටින නිසා විය යුතුය. ක්‍රිඩාංගණයට කෝටි 1655 ක් වැය කරන්නේ රට හිඟමනට වැටි ඇති මොහොතකය.  සභාපති ධුරයෙන් ඉවත් වූ සුසන්ත රත්නායක මහතා ජනතා සල්ලි නාස්ති නොකල පුද්ගලයකු වශයෙන් ඉතිහාසගත වනවා ඇත.

අසුජි වටලප්පන් සේ කෑමට රිසි පුද්ගලයා කවරෙක් දැයි අපි අවදියෙන් බලා සිටිමු.ඔහු මහින්ද ගේ වැහිල්ලට උඩ ගෙඩි දුන්නොත් ජනතාව පෙලගැස්සීම අපේ වැඩකි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 

 


Spread the love

Leave a Comment

You may also like