උණුසුම් පුවත්

මහින්දගේ පුත් රෝහිත රාජපක්ෂගේ පවුලට කොරෝනා positive කොළඹ සිට හෙලිකොප්ටර් යානා වලින් මහනුවර ජනාධිපති මන්දිරයට කෑම රැගෙන යයි.

Spread the love

මේ වන විට මහින්ද රාජපක්ෂගේ පුත් රොකට් රෝහිත නොහොත් රෝහිත රාජපක්ෂට  කොරෝනා ආසාදිත ( positive ) වීමෙන් කොළඹ සිට මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ සිටි. ඔහු සමග ඔහුගේ සිඟිති දරුවා සහ බිරිඳ ද පැමිණ සිටින අතර ඔවුන්ට ආහාර  සැපයීමට භාර දී ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවටය.

 එක් දිනකට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මහනුවරට පැමිණෙන අතර නැවත එය කොළඹ යාම සඳහා  අති විශාල මහජන ධනය විනාශ කරන බව මහනුවර අප ගේ තොරතුරු කරුවන් පවසයි.  මහනුවර ජනාධිපති මන්දිරය සහ ඒ අවට හමුදා පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇත. අද දින නැවත වතාවක් රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ  PCR  පරීක්ෂාව සඳහා  හමුදා වෛද්‍යවරුන් පැමිණ එම PCR  පරීක්ෂණය සිදු කොට ඇත.

අප වෙත අදහස් දැක්වූ නාවික හමුදාවේ පුද්ගලයෙකු කියා සිටියේ කෝටි ගණනක් ධනය මේ වෙනුවෙන් වියදම් කරන නමුත් තමන් වැනි රණවිරුවන් අද අපා දුක් විඳින බවයි. රෝහිත රාජපක්ෂට කොරෝනා ආසාදනය ( positive ) වී ඇත්තේ ඔහුගේ මිතුරකු වන ජැක්ස්න් ඇන්තනි ගේ පුතාට කොරෝනා ආසාධනය වීම නිසාය. 

 එසේම මෙය රටේ ජනතාවගෙන් සඟවා තබාගෙන හෙළිකොප්ටර් යානා මගින් ගුවන් හමුදාවෙන් ආහාර සැපයීම නිසා  මහනුවර ජනතාවට ද මෙය දැඩි පීඩාවක් බවට පත් ඇති බව මහනුවර නගරවාසීන් පවසයි.සමහර දිනවල ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 02 ක් පවා පැමිණෙන බවත් මේ නිසා රටේ ජනතාව ගේ අති විශාල ධනයක් විනාශ කරන බවත් ප්‍රදේශවාසින් පවසයි


Spread the love

Leave a Comment

You may also like