මේ වන විට ලංකාවේ විවිධ පළාත් වලින් පුද්ගලයින් මැරී වැටෙන බව කොතෙකුත් අප වාර්තා කළත් ගෝඨාභය ආණ්ඩුව කිසිවක් ගණන් නොගෙන සාමාන්‍ය දින චරියාව රට විවෘත ව පවතී. ඉතාමත්ම භයානක තත්වයකට පත්ව ඇත්තේ මේ වන විට විවිධ හමුදාව, වේ හා පොලිසියේ ආසාධිතයන් ප්‍රමානය ඉතා සිග්‍රයෙන් ඉහළ යාමයි. එසේම රටේ අනාගතය වු දරුවන්ද රජය බිල්ලට දී ඇත දරුවන් පාසැල් වලට යොමු කිරීම වහාම නතර කල යුතුය .එය ඉතාම භයානකය දරුවන් විශබීජ වාහකයන් සේ ක්‍රියාකිරීම සාමාන්‍ය දෙයකි.
එහෙත් ඒ සියලු සංඛ්‍යා ලේඛන වාර්තා සඟවමින් ජනතාවක් බිල්ලට දීමට ගෝඨාභය රජයේ කටයුතු කරයි . චීනයේ විශේෂිත එන්නතක් පසුගියදා චීනෙන් පැමිණි විශේෂිත නියෝජිතයා ප්‍රදානයක් වශයෙන් රාජපක්ෂ පවුල වෙත ලබා දී ඇති අතර රජය සමග කටයුතු කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුට ද මෙම එන්නත ලබාදී ඇති අතර දැනට රාජපක්ෂ සහ ඔවුන්ගේ හිතවතුන් 246 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට එම එන්නත ලබාදී ඇති බවද අප වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.
මේ පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න නමුත් පාර්ලිමේන්තුවේ දී ඊට රාජපක්ෂ පවුලේ කිසිවෙක් පිළිතුරු නොදීම මග හැරිය බව අප දන්නා කරුණකි. මේ වන විට මහනුවර වෙළඳපොළට පැමිණි පුද්ගලයෙකු හිටිහැටියේම මැරී වැටී ඇති අතර මේ වන විට මහනුවර පොදු වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා සියලුම වෙළෙන්දන් සහ එහි පැමිණ සිටි පිරිස් ඉවත් කරමින් සිටින බව අප වෙත දැන ගැනීමට ඇත.
එසේම මේ වන විට මහනුවර ප්‍රදේශයේ මහයියාව උඩතලවින්න වත්තේගම වත්තෙගෙදර සහ මහනුවර ප්‍රදේශය සහ මහනුවර අවට සියලුම පාසල් මේ වන විටත් වසා දමා ඇති අතර මහනුවර ප්‍රදේශයේ යෙන් මේ වන විට ඉතාමත්ම ඉහල කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන බවද මහනුවර අපගේ තොරතුරු කරුවෙකු දැනුම් දෙන ලදී.