උණුසුම් පුවත්

නිරෝධායන නිතිවලට මුවාවී ශ්‍රි ලංකාවේ රජය රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහරී……!!

Spread the love

 ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් ඇත. ඊට රජය පිළියම් යොදනවා වෙනුවට  කෝවිඩ් නිරෝධාන නීතිවලට මුවාවෙමින් ජනතාවට රාජ්‍ය ත්‍රස්තවාදය  මුදාහරිමින් ඇත.

මේ වන විට අත් අඩංගුවේ සිටින සහ අත්අඩංගුවේ සිට විවිධ හේතු මත මිය ගිය පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍ය සහ අපගේ තොරතුරු කරුවන් ගෙන් ලද තොරතුරු අනුව බොහෝ ස්ථානවල දී සිදුව ඇත්තේ එම පුද්ගලයින්ට පහර දීමෙන් මරා දමා ඔවුන් නිරෝධාන නීති යටතේ ආදාහණය  කිරීමකි. අද වනවිට එම තත්වය තව තවත් වර්ධනය වී ඇති බව අප වෙත දැන් ලැබුණු වාර්තාවකින් කියැවෙයි.

මෙම සිද්ධියට මුලින්ම ලක්වුයේ 20/10/2020  දින  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් වෙඩි තබා මරා දමන ලද  මදුෂ් ගේ මරණයත් සමගම  සිරකරුවන්  හා සාමාන්‍ය රටේ ජනතාව ගේ ජීවිත තෙක් දැන් විහිදී ඇති බව අප වෙත වාර්තා වෙමින් පවතී .  මොනරාගල මැක්ක නැමැති සිරකරුවෙකුට පහර දීමෙන් ඔහු ගෙලවැලලා ගෙන මියගිය බවට රෝහල්ගත කිරීමට උත්සාහ කිරීමේදී අවංක වෛද්‍යවරුන්ගේ තීක්ෂණ අධික්ෂණය නිසා එය  වැලකී ගියේය. පහරදීම සිදුව ඇති බව දැන් බන්ධනාගාර අධිකාරිය ද පිළිගෙන ඇත.

 මීළඟ සිද්ධිය වාර්තා වන්නේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළ රැඳවියන් කොරෝනා වසංගත වෙනුවෙන් රඳවා සිටින නව රැඳවියන් කිසියම් ආකාරයකින් බන්ධනාගාර තාප්පෙන් පැන යාමට උත්සාහ දරා ඇති බව සත්‍යයකි. ඉන් ඇද වැටුණු එක් සිරකරුවෙකු  මිය ගොස් ඇත. එම  මිය ගිය අය ගේ මෘත ශරීරය  මහනුවර රෝහලට රැගෙන යාමෙන් පසු එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මුළුමනින්ම එක්ස්රේ කිරීමට ලක් කර ඇත. එහිදී එම එක්ස්රේ වලට අනුව එම සිරකරුගේ ශරීරය පුරාම අස්ථි බිඳීම් ,එම ශරීරය පුරාම පහරදීම් වලින් බිඳී ගිය ඇටකටු දක්නට ඇති බවද අප වෙත වාර්තාවේ.

මෙයින් පෙනී යන්නේ තාප්පෙන් පැන යාමට උත්සාහ කළ සිරකරු මැරෙන තුරු පහර දී ඇති  බවයි.  මෙවැනි ආකාරයට පුද්ගලයින්ට පහර දීමෙන් පසු එම පුද්ගලයින් නිරෝධාන නීති යටතේ ආදාහනය කිරීමට තරම් රජය ඉතාම අමානුෂික  වී ඇත. දැන්  සුදානම් වන්නේ නිරෝධායන පනත යටතේම ආදානය කොට එම සිරුරු පුළුස්සා දමා ඇති වු සිද්ධීන් සියල්ලම විනාශ කිරීමටය.

 පසුගියදා දියවන්නාව වැවේ ධීවර කටයුතු සඳහා නියුතු  පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කළ ඔරුවක් වෙතට පැමිණි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ  බෝට්ටුවෙන් හප්පා දමා දියවන්නාවේ ගිල්ලවා මරාඇත. මෙයට මුළු මනින්ම වගකිව යුත්තේ නාවික හමුදාවේ බෝට්ටු සංචාරය ගිය පුද්ගලයන්ය. චන්දන පෙරේරා නැමැති අධිකරණ වෛද්‍යවරයා පවසන්නේ ඔහුට  කොරෝනා වැලඳී ඇති බැවින් මෘත ශරීරය භුමදානය කිරිමට ඉඩ නොදී ආදාහනය කළ යුතු බවයි පසුව  මරණ කරු ගේ මෘත ශරීරය ආදාහණය කර ඇත.    

 මේ ආකාරයට ශ්‍රී ලංකාව පුරාම රාජ්‍ය ත්‍රස්තවාදය මේ වන විට මුදා හැර තිබෙන බැවින්  මේ පිලිබදව ජාත්‍යන්තරය ද වහාම දැනුවත්  කිරීමට කටයුතු කරන්නේ ශ්‍රි ලාංකීය ජනතාව ගේ අයිතීන් වෙනුවෙනි.

මේ වන විට  පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩකරමින් සමස්ත ශ්‍රී ලංකාවම   නිරෝධායන  නීති වලින් බැඳ තබමින් රාජපක්ෂ රෙජීමය හමුදා ජුන්ටාවක් හරහා පුද්ගලයින්ගේ මානව හිමිකම් වු  කියවීමේ, ලිවීමේ නිදහසට සීමාවන් පැනවීමට මොවුන් කටයුතු කරන බව අප වෙත වාර්තාවේ.

රාජපක්ෂලා ගේ විරුද්ධ වාදීන් මරාදමා හිතවත් චන්න පෙරේරලා වැනි වෛද්‍යවරුන් ගෙන් වාර්තා ලබා ගෙන ආදාහණය කල හැකිය. මෙය හමුදා ජුන්ටාවේ පෙර නිමිතිය,  රටක ඉතාම භයානක තත්වයකි.


Spread the love

Leave a Comment

You may also like