උණුසුම් පුවත්

කරුණා හා පිල්ලයාන්ලා අමානුෂික ලෙස වෙඩිතබා මරාදැමු නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් වෙනුවෙන් වසර 27ක් ගියත් කිසිම රජයක් යුක්තිය ඉටුනොකරන්නේ මන්ද……….?

Spread the love

ලංකාවේ දැන්ට පවතින නිතිය අනුව නම් පුද්ගලයකු ගේ මරණය මිනිමැරුමක් බවට අධිකරණය තිරණය කලපසු ඊට වගකිවයුතු සැකකරුවන් අත්වඩංගුවට ගැනීම පොලිසියේ රාජකාරියයි.
එත් පුදුම සහගතම දේ ලෝකයේ එකම වේලාවකදී මෙපමණ නිලධාරින් ගනනක් මරාදැමු කාලකණීන් පසුගිය රජයේ මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කු කුක්කන් වී සිටිමින් මිනිමරුවනොවුන්ගේ ආරක්ෂාව සාදා ගෙන තිබුණි .
මෙම මරාදැමු නිලධාරින් මා පොලිස් ස්ථානාධිපති ලෙසට රාජකාරිකල අවට පොලිස් ස්ථාන වල නිලධාරීන්ය එවක සිටි පොලිස්පති නියෝග කලේ අවි බිම තබා කරුණා හා පිල්ලයාන් විසින් සපයන බස් රථ වලට නැගී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර අණ දෙන කරුණාඅම්මාන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාකරන ලෙසය එදා 1990 ජුනි 11 වනදින ඒ නියෝගය එආකාරයටම මාද ක්‍රියාකලානම් අද වනවිට මාවෙනුවෙන් කවරෙකු මෙවන් ලිපියක් ලියා විදැයි නොදනිමි.
සිංහල ජාතියේ අවාසනාවක තරම මෙම සිදිධිය තුලින් මනාව පෙනීයයි. එදා කරුණා මා මරා දැමීමට අවස්ථා දෙකකදී උත්සහා කලත් ඔහුට එය කරගැනීමට නොහැකිවිය.
මෙසේ මරාදැමු සියලුම නිලධාරින් බස් රථවල පටවා ඒම බස් වලට එල්.ටී.ටී.ඊ උන් අවි සහිතව නග්ගවා තිරුක්කොවිල් කැලෙට රැගෙන ගියේ කරුණා හා පිල්ලයාන් දෙදෙනායි.

මාහා නිලධාරින් එදා මරාගෙනම මැරෙමු යන එකාවන්ව සිටිය නිසා මාසමග සිටි සියල්ලම අදත් ජිවතුන් අතර සිටී .

කරුණා රැගෙන ගිය නිලධාරින් ගෙන් එක් නිලධාරියකුට වෙඩි තබා ඔහු මැරුණා යැයි සිතා සිටි නිලධාරියෙක් තාම සිටි ඒ නිලධාරියාද අනිකුත් සියලුදෙනාද කරුණා මිනිමැරු බවට හදුනාගන තිබියදිත් මේ මිනිමරුවන් ඇල්ලීම ජාතිවාදී යැයි සිතා මොහු අත්වඩංගුවට නොගනී.
වරද ඇතේ අපේ අවස්ථාවාදී කාලකන්නි දේශපාලකයන්ගේය. මෙම නිලධාරින්ගේ ජිවිත 600 ක් බිලිගත් උන් අද යහතින් සිටින්නේ මැරුණ උන් සියල්ලම සිංහල පොලිස් නිලධාරින් නිසාවෙනි එදා ඒ මැරුණේ වෙනත් කුමනහෝ සුලු ජාතිකයන් උවානම් මේවනකොට මහින්ද රාජපක්ෂලා, මෛත්‍රිලා, රනිල්ලා, චන්ද්‍රිකාලා ලහි ලහියට වැඩ පටන් ගෙන අපේ උන් හිරේ විලන්ගුවේ දමා උන්ගේ ගොඩ වැඩිකර ගෙන හමාරය.
රට බේරා ගැනීමට ගොස් කාලකණි පොලිස්පතිලගේ වැරදි නියෝග ඉටුකිරීමට ගොස් අමානුෂික ලෙස මරාදැමු තම නිලධාරීන් වෙනුවෙන් යුක්තිය ඉටු නොකල පොලිස්පතිලා සියලු දෙනාටම වැසිනැති හෙන ගහනවාය.
නමුත් අදත් මිය ගිය විරුවන් සමරමු කියා මුන් කරන්නේම මලවඩම් තියා උන් පින්බීමට තට මන එකය.
ජුනි 11 වනදිනට වසර 27 ගියත් මිනීමරුවන් තාම නිදැල්ලේ දැන් ඇත්තේ යහපාලනයක්නම් ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මෙම පොලිස් නිලධාරින් 600 මරාදැමීමම යුධ අපරාධයක්,හා සාමාන්‍ය නිතිය අනුව උවත් ලංකා දන්ඩනීති සංග්‍රහයේ 296 යටතේ ගැනෙන වරදක් මෙය සුළු ජාතිකයන්ට උනානම් ඔවුන් වෙනුවෙන් හඩ නැගීමට සිටින ඔවුන්ගේම අය සිටී නමුත් අපේ ජාතියේ අවාසනාවට අපේ අහින්සක පොලිස් නිලධාරි 600 මරා දැමීමට එරෙහිව වසර 27 පුරාවටම ශ්‍රිලංකාවේ එකම දේශප්‍රේමියෙකුවත් කටක්නම් ඇරියේම නැත. මෙම පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න .ඊට ඇසු දුටු සක්ෂි සියල්ලම ඉදිරිපත් කිරීමට මා පුද්ගලිකවම කටයුතු කරමි.
එදා……. නිරායුධ ඔබ අමානුෂිකව මරාදැමු මිනිමරුවන් අද රටේ ප්‍රභුන්ය, මියගිය ඔබ ගැන අද කතා කිරීමට කිසිවෙක් නැත. අවස්ථාවාදී දේශපාලකයෝ නොමති යුගයකදී ….ඔබ යලි උපදීවා ඔබ සියලු දෙනාටම නිවන් සුවය අත්වේවා……!!!

හිටපු පොලිස් ස්ථානාධිපති වරයෙකු විසිනි….


Spread the love

Leave a Comment

You may also like