උණුසුම් පුවත්

ඇවන්ගාඩ් සහ රක්නා ලංකා එක්ව  ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් ගසා කෑමට නැවතත් නැව්වලින් පැමිණෙන  නාවික හුවමාරුවක්,… රටට අහිමිවන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් සියල්ලම ඇවන්ගාඩ් වෙතට……..!!

Spread the love

 2015 වසරට පෙරදී ඇවන්ගාඩ් සහ රක්නාලංකා එක්ක  ඩොලර් මිලියන ගණනක් ගසා කෑ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට මේ වන විටත් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා ඇත .

එය කිසිසේත්  ගණන් නොගෙන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වතාවක් ඇවන්ගාඩ් සමඟ රක්නාලංකා නැමැති ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගම ද එක්කොට රාජ්‍ය අනුග්‍රහය මුළුමනින්ම ලබාගෙන ඇවන්ගාඩ් වෙත විශාල ධනස්කන්ධයක් හිමිකර දීමේ මුල්ගල මේ වන විට තබා ඇත. එහි නීත්‍යානුකූල පියවර වශයෙන් සැප්තැම්බර් මස02  දින පාර්ශව විසින් අවබෝධතා ගිවිසුමක් පවා අත්සන් කොට ලෝකයේ විවිධ රටවලින් ලංකාවට එන සියලු නාවිකයන් ගාල්ල වරායේ දී  නිරෝධායන කොට එම  නාවිකයන් අනිකුත් නැව් වලට හුවමාරු කිරීමේ අවස්ථාව ලබාදී ඇත.

එම අවස්ථාව මුළුමනින්ම හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවටය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්පත් උපයෝගී කරගෙන පුද්ගලික සමාගමක් වූ , වංචා කරුවෙකු සහ පාතාල සම්බන්ධතා ඇති  නිස්සංක සේනාධිපති විසින් මෙය ගෝඨාභය රාජපක්ෂ වෙතින් ලබාගෙන ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති බලතල පාවිච්චි කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව තුළින් සියලු සම්පත් ඒ සඳහා යොදවමින් අතිවිශාල ධනස්කන්ධයක් පුද්ගලික සමාගමකට හිමිකර දීමේ වෑයමක් මේ වන විට දියත් වෙමින් ඇත.

මේ අවබෝධතා ගිවිසුම මේ වනවිටත් අත්සන් කොට  ඇති අතර ඒ තුළින් රටට අහිමිවන ධනස්කන්ධය අහිංසක දුප්පත් මහජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් පුද්ගලික සමාගමක් වූ ඇවන්ගාඩ් ගේ සාක්කුවට යාමට අවශ්‍ය මංපෙත්  ජනාධිපතිවරයා විසින් සකස් කර දී හමාරය.

මීට පෙරදී ද ලෝකෙ විවිධ රටවල් වලින් එන  නාවිකයන්ගේ අවි රඳවා තබා ගැනීමේ අවි ගබඩාවක් (  armory  ) වශයෙන්  නැවක්ගාලූ වරායේ  නවතා තබා එයින් අපමණ ධනයක් නිශ්ශංක සේනාධිපති ඉපයීමත්,  ඒ අවි අතර නිතිවිරෝධි අවි තිබීමත් ,ඔහුට තවත් එක් චෝදනාවකි.මේ වනවිට ත්‍රිපුද්ගල මහාධිකරණය චෝදනා ලැබූ චුදිත යෙකි. ඒ කිසිවක් ගණන් නොගන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වතාවක් එවැනිම ආකාරයේ ලෝකයේ විවිධ රටවල නාවිකයන්ට මුහුද මැද නතරවී නිරෝධායන්ය වීමටත් ඉන් පසුව වෙනත් නැව් වලට හුවමාරු විමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය සම්පුර්ණම රටකට හිමිවිය යුතු සේවාවකි. නිරෝධය සඳහා යෙදවීමට නිශ්ශංක සේනාධිපති නමැති මෙම චුදිතයාටම  භාර කිරීම ශ්‍රී ලංකාවේ නීතියට සහ අධිකරණයට ද පයින් ගැසීමක් බව නීති විශාරදයින්ගේ මත යයි.

මෙයින් සිදුවන අලාභය ඇමරිකානු ඩොලර් 650 වඩා වැඩි ප්‍රමාණයක් බව ආර්ථික විශේෂඥයන් පෙන්න දෙයි.    මින් ඉදිරියට ඇවන්ගාඩ් පුද්ගලික සමාගම සහ රක්නාලංකා සමාගම එක්ව නාවිකයන්  හුවමාරු සිදු කරන අතර මෙයින් ශ්‍රී-ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 වැනි ඉතාම සොච්චමක් ලබාදීමට ඇවන්ගාඩ් චුදිත නිශ්ශංක සේනාධිපති එකගව  ඇති බව  අග්‍රාමාත්‍යවරයා ද සඳහන් කරයි.

එහෙත් මෙයින් රටට අහිමි වන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 650 කට එහා ප්‍රමාණයක් බව මේ පිළිබඳව අධ්‍යනය කරන ලබන  ශ්‍රි ලංකා නාවික විශේෂඥයන් පවසයි.  ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ මේ කළ හැකිව තිබුණත්,  ගෝඨාභය රාජපක්ෂ ගේ මිත්‍රයන්ට මුදල් ලබා දීම වෙනුවෙන් ලංකාවට අහිමි වන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක් ඉක්මවා ඇති බව පහත සඳහන් ලිපි වලින් දැක ගැනීමට ඔබට හැක.

පහත සඳහන් ලිපි වැඩිදුර අධ්‍යයනයට ඔබට ලබාගත හැකිය.

 

 


Spread the love

Leave a Comment

You may also like