උණුසුම් පුවත්

තානාපති කාර්යාලවලින් නිසි රාජකාරියක් නොකරන බවත් තානාපති ලා නිදාගෙන සල්ලි හොයනවට වඩා වැසිකිලි සුද්ධ කර සල්ලි හොයන ලෙස මැදපෙරදිග කාන්තාවෝ හඬ නගති……!!

Spread the love

ශ්‍රී ලංකාවේ covid වසංගතය මාස හයක පමණ කාලයක් නොමැති ව තිබූ අවධිය තුළ දිලිත් ජයවීර නිස්සංක සේනාධිපති  හවුලේ මැදපෙරදිග කාන්තාවන් ගසා කෑමට සූදානම් වෙද්දී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ටිකින් ටික එම කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කළත් අවසානයේ එය මංකොල්ලකරුවන්ගේ ක්ෂේම භූමියක් කර ගැනීම නිසාම අවාසනාවට ගැනීම ගෙන්වා  සියල්ලම කළු කඩ බවට පත්විය

එසේ තිබිය දී අවස්ථා ගණනාවක දී එම කාන්තාවන් මව්රටට ගෙන්වා ගන්නා ලෙස බොහෝ ඉල්ලීම් කළත් ඊට ජනාධිපති වරයා  හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු ඇහුම්කන් දීමක් සිදු කළේ නැත.

එහෙත් අද තත්වය ඊට වඩා ඉතාමත් බරපතලය, මේ වන විට මැදපෙරදිග සිටින කාන්තාවන් තමා  අඳින ඇඳුම මාස ගානක්  එක දිගටම අදින බවත්  ඉතාමත්ම ජරාජීර්ණ  තත්වයට පත්ව ඇති බව පැවසීමෙන්ම පෙනි යන්නේ ඔවුන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවකි.

ඒ සේවිකාවන්ගෙන් උපයාගන්නා ලද ධනය රාජපක්ෂලා හොරා කෑම නිසාම අද ඒ ජනතාව අසාමාන්‍ය දුකකට පත්ව සිටී . ඒ ජනතාවම අද රාජපක්ෂලා ගේ  හත්මුතු පරම්පරාවටම ශාප කරමින් සිටි.

ඒත් ඒ ධනය හම්බ කරන ලද කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීමට රාජපක්ෂලාට කිසිදු සැලැස්මක් නොතිබූ බව අපි ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු අවස්ථා ගණනාවකදී අපි ජනතාවාදි පුවත්පතක් වශයෙන් පෙන්නා දී සිටියේ කොරෝනා රෝගය යම් පමණකට  අඩු වූ අවස්ථාවේ දී කිසියම්  රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වැඩපිළිවෙළකි කින් එම කාන්තාවන් මෙරටට ගෙන්වා නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි. එහෙත් ඒ සියල්ලම  ව්‍යාපාරිකයන් දෙදෙනෙක්  වූ දිලිත් ජයවීරගේ සහ නිශ්ශංක සේනාධිපතිගේ භාරයට පත්කර ගැනීම නිසාම ඒ සියල්ලම උඩු යටිකුරු විය .

ලාංකීය අහිංසක අම්මාවරුන් කුමන හෝ වැඩපිළිවෙළක් සකසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

එම  කාන්තාවන්ගේ හඬින්ම ඔබට එය ඇසිය හැකිය. මේ පහත වීඩියෝවෙන් එය නරඹන්න.


Spread the love

Leave a Comment

You may also like