ගොසිප් දේශපාලන

මම හැමදාම බනින්නෙ එතුමව මේ තත්වෙට පත් කරපු “මෝඩ බයියන්ට”…..

Spread the love

මේ 2019 අප්‍රේල් 27 වෙනිද පළවුණ News එකක්. හරියටම කිව්වොත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට දවස් 6කට පස්සෙ.

ඊයේ පෙරේද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්ම ප්‍රකාශයක් කළා කොරෝනා ප්‍රශ්නය සෞඛ්‍යය ප්‍රශ්ණයක් එහෙම නැතුව ත්‍රස්තවාදී,  ප්‍රශ්නයක් එහෙම වුණානම් එතුමා ඒක ලේසියෙන්ම විසඳනවා කියලා.

ඇත්තටම ඒ ප්‍රකාශය හරියටම හරි. යුද්ධය අවසන් කිරීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දුන් දායකත්වය කුහක කමක් නැති කිසිම කෙනෙක් ප්‍රශ්න කරන්නෙ නැහැ මං හිතන්නෙ. මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන නායකත්වය සහ සරත් ෆොන්සේකාගේ යුධ නායකත්වය කියන දෙක අතර විශිෂ්ඨ සම්බන්ධීකරණය සිදුවන්නට ඇත්තේ නිසැක ලෙසම ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්.

ආරක්ෂක ලේකම්වරයාට කිසිදු ගැටළුවකින් තොරව ඕනෑම විටක ජනාධිපතිවරයා වෙත යාමට හැකිවීම ජාතික ආරක්ෂාවට කොයි තරම් වැදගත්ද කියන එක පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති පරීක්ෂණ මෙගා ටෙලියේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශ දිහා බැලුවම පේනවා.

ඉතින් මට මේ Post එක දැක්කම ඇත්තටම බොහෝ දෙනෙක් මෙතුමට පුදුම අසාධාරණයක් නේද කරන්නෙ කියලා හිතුණා.

එතුමා එදත් කියලා තියෙන්නෙ ජාතික ආරක්ෂාව, මුස්ලිම් අන්තවාදය වගේ ඒවට විසදුම් එතුමා ගාව තියෙනවා කියලා. එතුමා අදත් ඒකම කියනවා.

කොහෙවත් හිටපු මිනිස්සු ටිකක් කලබල වෙලා එතුමව ,එතුමට අදාළම නැති වෙනම විෂය පථයක තියෙන තනතුරකට බලෙන් ගෙනල්ලා දාල

“හා දැන් වැඩ පෙන්නපන්” කිව්වට කාටද දෙයියනේ එහෙම කරන්න පුළුවන්..??

නිකං හිතපං උසේන් බෝල්ට් වේගෙන් දුවන්න දක්ශයෙක් කියලා ඌව උස්සන් ඇවිල්ලා ඔලිම්පික් පිහිනුම් තරගයක ගෙන්නල්ලා “හා දුවන වේගෙන්ම පීනපං” කියලා Pool එකකට තල්ලු කරොත් හරියනවද..???

මේක කොයි තරම් එතුමගේ ඔලුවට පීඩනයක් ද කියන්වනම් අපිට මතකයි පළවෙනි කොවිඩ් රැල්ල වෙලාවෙ එතුමා කිව්වා අර “මට ඒ දවස් වල ගහපු බෝම්බෙන් මැරිලා ගියානම් මේ මොකුත් ප්‍රශ්නයක් නෑනෙ” වගේ කතාවක්.

මෙන්න මේ හේතුව නිසා තමයි මම කවම කවදාවත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විවේචනය කරන්නෙවත් එතුවමට විරුද්ධව එක වචනයක්වත් ලියන්නෙ කියන්නෙ නැත්තෙ. ඇත්තම කිව්වොත් මම එතුමට ගොඩක් ගරු කරනවා. හේතුව ගොඩක් මිනිස්සු දන්නෙ නැහැ තමන්ට පුළුවන් දේ මොකක්ද බැරි දේ මොකක්ද කියලා. එතුමට ඒ සම්බන්ධව ඉතාම ප්‍රශස්ථ අවබෝධයක් තියෙනවා. එහෙම මිනිස්සුන් විරලයි.

මම හැමදාම බනින්නෙ එතුමව මේ තත්වෙට පත් කරපු මෝඩ බයියන්ට. මට ප්‍රශ්නෙ තියෙන්නෙ උන් එක්ක.

තිස් අවුරුදු යුධ ශාපයෙන් මව්බිම ගලවාගැනීමට නායකත්වය දුන් නායකයින් කිහිප දෙනාගෙන් එක් අයෙකු ලෙස ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලෙස ජීවිත් වී, අතිදක්ෂ පරිපාලකයෙකු, නායකයෙකු කියන විරුදාවළිය සමඟින් වැජඹීමට තිබූ ගෞරවණිය මිනිසෙක් මේ අතන මෙතන ඇච්චයි බැච්චයි හැම එකාම ස ස කිය කිය බයිට් කරන තත්වෙකට පත් කරපු එකට ගෝඨාභය මැතිතුමා දවසක උඹලට සමාවක් දුන්නත් අපෙන් නම් සමාවක් නෑ.

නොහිතපු ලෙස ඔලුව උඩට කඩන් වැටුණු මේ හෙණගෙඩිය නිසා මතු වී ඇති සියළු ප්‍රශ්න ගැටළු වලට සාර්ථකව මුහුණ දීමට ඔබට ධෛර්‍ය වාසනාව ශක්තිය ලැබේවා..!!!

ස්තුතිය
උපුටා  ගැනීම
ප්‍රමිත ගනේආරච්චි


Spread the love

Leave a Comment

You may also like