උණුසුම් පුවත්

කොරෝනා වලින් කොළඹ වරාය වැසි යන ලකුණු……..

Spread the love

ආණ්ඩුව කුමක් කීවත් මේ වන විට මුළු රටම ඉතාමත්ම භයානක මට්ටමකට ගමන් කරන බව අවස්ථා ගණනාවක දී අප පුවත්පත දිගින් දිගටම පෙන්වා දුනි.

 ඒ ගැන කිසිදු නිසි වැඩපිලිවලක් නොමතිව නොමැතිව යුද්ධය ගැන පම්පෝරි ගසන ගෝඨාභය රාජපක්ෂ දැන් තනියම හතර අතට ජනතාවට නෙලමින් කොරෝනා රෝගය ජනතාව  හදාගත් රෝගයක් සේ අඟවමින් විවිධාකාර ප්‍රකාශ කරමින් ඇත.

ඒත් ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබෙන තොරතුරුවලට වඩා ඉතා ක්ෂණික ව අප වෙත තොරතුරු ගලා එමින් මේ වන විට කොළඹ වරායේ  නැගෙනහිර පරියන්ත පිවිසුම් කොටස සහ JCT  පරියන්තය   මුළුමනින්ම  වසා දැමීමට සිදුවන බව අප වෙත වාර්තා වෙන අතරම එසේ  එසේම     SAGT  පරියන්තයද  කොරෝනා රෝගය  ව්‍යාප්තව ඇත.

මේ වෙන විට කොරෝනා රෝගයට ලක්ව ඇති සමස්ත විවිධ තරාතිරම්වල සමස්ථ සේවක සංඛ්‍යාව 437 දෙනෙකු වන අතර ඉන් 149 නම දෙනකු Positive  වී ඇති බව අද සවස 6.00 වන විට අප වෙත වාර්තාවීය. 

මේ  හේතුව නිසා පැය 02 කට වඩා වැඩි කාලයක්   කන්ටේනර් පැටවීමට එක් ලොරියකට ගත වෙන බව වරාය ආරංචි මාර්ග පවසයි.

මෙයින් අනෙකුත් සමහර රෝගීන් දැනටමත් කොරෝනා වසංගතය බෝ වී ඇති රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින බවද දැන ගැනීමට ඇත එසේම අද රාත්‍රී 7.30 වන විට වරාය ආරක්ෂක අංශ නිලධාරියෙකුට  ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහුගේ පියා පරීක්ෂණයේදී positive වී ඇති බව අද ලැබුණු වාර්තාවකින් තහවුරු වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවත වතාවක් අප රටේ ජනතාව වෙනුවෙන් දැනුම් දී සිටින්නේ දුප්පත් අහිංසක ජනතාවගේ බඩගින්න නිවා ගැනීමට කුමන හෝ වැඩ පිලිවලක් යොදමින් රට අවම තරමින් එක් සතියක්  වසා නොදැමුවහොත් මහමග ගමන් කරන පුද්ගලයින් දිනපතා මැරී ඇද වැටෙන තත්ත්වයට පත්වනවා ඇත .

ඒ නිසා දැන්වත්  වෛද්‍යවරුන්ට මෙය භාර දී ක්‍රමානුකූල, විද්‍යාත්මක පියවරකට  මෙම වසංගතය පාලනය සඳහා යොමු විය යුතුය.


Spread the love

Leave a Comment

You may also like