ලංකාවට ලෝකය ය පුරාවෙන්ම ඇ;ඩො;මිලියන 180 කට වඩා වැඩි මුදලක් එදා ලැබුනේ සුනාමි ව්‍යසන්යට පත් ජනතාව නැවත නගා සිටවීමටය. එත් එදා සිටි පාලකයන් කෙරුවේ එම මුදල් තම නංගිගේ ගිනුමේ දමාගෙන ජනතාවට සොච්චමක් දී ජනතාව කුඩාරම් වලට ගාල් කිරීමය.
එහි ප්‍රථිඵලය වුයේ මහින්ද රාජපක්ෂට විරුද්ධව සුනාමි සල්ලි හොරා කෑමට නඩුවක් විභාග වීමය. අවසානයේ ශ්‍රිලංකාවේ සිටි අශිලාචාරම ,අප්‍රසන්නම අග විනිසුරු විසින් ඔහු දන්නා අදුන්න කමට මහින්ද රාජපක්ෂ ඒම නඩුවෙන් නිදහස් කිරීම ගැන රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේම ඔහු සාමාව ඉල්ලිය
එහෙව් රටක ඇතිවු නරක පුර්වාදර්ශයක් තුලින් මෙවරත් අහිංසක ජනතාවගේ වතුර බොතලේ,හාල් ටික හොරාකාපු ඒ තිරිස්නුන් තවත් රජ්‍ය සේවයේ තබානොගන ඒලවා දැමිය යුතුය.
මෙන්න මේ හේතුන් නිසා කිසිම පුද්ගලයකු අද රජයේ කිසිම දෙයක් ගැන කිසිම විස්වාසයක් නැහැ.
ජනතාවගේ ජිවිත දෙසිය ගනනක් නැතිව, දේපල සියල්ලම නැතිව මිනිස්සු දුන්න වතුර ,හාල් ටික හොරා කන රජයේ සෙවාවක් අපිට තිබෙනවානම්………..
මෙවන් රටක් කිසිදා දියුණු වෙනවා තබා ඉන්න තැන්නුත් තවත් පහලට ඇද වැටෙනු ඇත.