උණුසුම් පුවත්

ශවින්ද්‍ර ගේ කොරෝනා වගාකරණ මධ්‍යස්ථාන…….ලෙඩෙක්ව පරීක්ෂා කරලත් නැහැ ……..තනිකර කරන්නේම බොරු උනුවතුර වත් දෙන්නේ නැහැ…..!!

Spread the love

 ශ්‍රී ලංකාව පුරාම කොරෝනා ව්‍යාප්තව යන බව අපි අවස්ථා ගණනාවක දී රජයට පෙන්නා දුන් නමුත් බීරි අලින්ට වීණා වයනවා සේ එහි කිසිදු ප්‍රතිඵලයක් ලැබි නැත එහි අවසාන ප්‍රතිඵලය අද ලැබී ඇත්තේ රටේ අහිංසක ජනතාවටය .

ගෝඨාභය ගේ හමුදා  ජුන්ටාව  විසින් සෞඛ්‍යය පාලනයට යාමෙන් සිදුව ඇත්තේ අද මහත් ව්‍යසනයකි. බල්ලා ගේ වැඩේ බූරුවා කිරීමට ගොස් අද සිදුව ඇත්තේ ශවීන්ද්‍ර සිල්වා කලිසමේ මලපහ කරගැනීමය.

මේ වෙන විට සියලු සෞඛ්‍යය වෛද්‍යවරු හෙදියන් අනෙකුත් සුළු කාර්යමණ්ඩල සියල්ලම  බලමුළු ගැන්වෙමින් එකට එක්වෙමින් ඉතාම ඉක්මනින් මෙය හමුදාවට එරෙහිව පුපුරා යාමට ආසන්න බව අපට මේ වනවිට වාර්තා වෙමින් පවතී. 

ඒ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන තවත්     එක් මධ්‍යස්ථානයක් වූ බිංගිරිය මධ්‍යස්ථානයේ සිටින 498 දෙනකුට මේ වන විට අවම තරමින් උණු වතුර වීදුරුවක් ලබා ගැනීමට වත් අවම පහසුකමක් නොමැතිව රජය අසූචි දෙරණේ සහ කුඩු නාලිකාව වූ හිරු නාලිකාව තුළද සියල්ලම අද එකට වයන්නේ ගෝඨගේ ප්‍රසංගයයි.

දිගින් දිගටම අපි පෙන්වා දී ඇත්තේ  කොරෝනා වසංගතය යක් මිස හමුදා ක්‍රියාදාමයක් නොවන බවයි. වහාම  වසංගත රෝග විද්‍යාඥට භාර දී ඔවුන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය මැදිහත්වීමක් කරනවා මිස ත්‍රිවිද හමුදාව නන්දිකඩාල් වෙත යවන කාරයෙන් නිවෙස් හඹාගොස් පුද්ගලයින් පැහැරගෙන ගොස් සිරකර දමා මෙම රෝගය කිසිවිටෙකත් වළක්වා ගැනීමට  පුළුවන් කමක් නැත. බිංගිරිය මධ්‍යස්ථානයේ අද සිටින පිරිස් සත්‍ය අපවෙතට ඒවා ඇත්තේ පහත අයුරිනි. එය පහතින් ඔබට කියවිය හැකිය.

අපිට කිසිම ලෙඩක් නැහැ මෙතන 498 ක් ඉන්නවා කිසි කෙනෙකුට ලෙඩක් නැහැ රජය තනිකර බොරු කියන්නේ ඇවිල්ලාම බලන්න ඕනේ ඇත්ත ද බොරුද කියලා රජය  දෙනවා කියන කිසිම දෙයක් මේ වෙන කොට ලැබිලා නැහැ කොටින්ම කියනවා නම් ඩොක්ටර් කෙනෙක් කිසිම ලෙඩෙක්ව පරීක්ෂා කරලත් නැහැ ….තනිකර කරන්නේම බොරු උනුවතුර වත් දෙන්නේ නැහැ

නිසි ආහාර පාන ලබා දීමට කෙසේ වෙතත් රජයට උණු වතුර වීදුරුවක් ලබාදීමට බැරිව තිබියදී මේ ආකාරයෙන් පිරිස් එකට තැබීමෙන් සිදුවන විනාශය අති මහත්ය . කොරෝනා ආසාධිතයන් ගේ ප්‍රතිෂක්තිකරණය වැඩිකිරීමට අවශ්‍ය මානසික සුවය හා නිසි ආහාරපාන ලබාදීම සිදු කල යුතුව ඇතත් ශ්‍රි ලංකාව සිදු කරන්නේ මිනිසුන් ගේ මනසික ආතතිය ඉහල දමා ලෙඩේ වගාකිරීමය.

අපි දිගින් දිගටම රජයට පෙන්වා දුන්නේ යුධහමුදාවට මෙය කල නොහැකි බවකි . ඒත් යුධ මානසිකත්වයෙන් ඉන්නා ගෝඨාට මේවා නොපෙනීම ඔහුව පත් කල ජනතාවම දැන් විද ගතයුතුය.


Spread the love

Leave a Comment

You may also like