අජිත්….
මේ වෙන විට සමස්ත ශ්‍රී ලංකාවම කොරෝනා උවදුරින් බිලිගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ඒත් අද පැවැති සෞඛ්‍ය බලධාරීන්ගේ රැස්වීමේදී ද ජනාධිපතිවරයා කියා සිටියේ එකම කරුණකි, …..
කයිවාරු ගැසූ ගෝඨාභය…..
” ….මාවිල්ලාරු අල්ලන කොටත් වඩමාරච්චි යනකොටත් අපි ගියේ එකම මතයක ඒ නිසා මේක ඉතාම හොඳින් මට කරන්න පුළුවන්, තමුන්නාන්සේලා එක එක වොයිස් කට් දෙන්න යන්න එපා……”.
යනුවෙන් කයිවාරු ගැසූ ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන් පසෙකට දමා තම මානසිකත්වය සෑදී ඇති හමුදා ජුන්ටාව කෙරෙහි වැඩි බරක් තබා ඇත.
අවස්ථා ගණනාවකදී ජනතාවාදී පුවත්පතක් වශයෙන් අපි පෙන්නා දුන්නේ ලෝකේ මෙවන් ආකාරයේ වසංගතයක් ඇති මොහොතක ,ත්‍රිවිධ හමුදාවක් පාරට නොදමන හේතු දෙකක් පිළිබඳව මේ වන විට විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් අප සමග පවසා තිබුණි. පළමුවැන්න වසංගතය හමුදාවට බෝ වුන හොත් එය හැකි ඉක්මනින් ව්‍යාප්ත වීම දෙවැන්න රෝගී කිසිදු පුද්ගලයෙකු හමුදා ඇඳුමක් දැකීමට අකමැති වීම මෙම කරුණු දෙක රෝගියාගේ මානසික ආතතිය තව තවත් තීව්‍ර කරනවා මිසක් එයින් යහපතක් සිදුනොවන බව ඔහුගේ මතයයි.
මෙවැනි තත්ත්වයක් වෛද්‍යවරුන් පෙන්වා දුන් නමුත් ඒ කිසිවකට ඇහුම්කන් නොදෙන ජනාධිපති වරයෙක් සිටීම හා ශ්‍රී ලංකාවේ අවාසනාවට මේ වෙනවිට විපක්ෂයද , අඳ ගොළු බිහිරන් සේ සිටීම කණගාටුවට කරුණකි.
ශවින්ද්‍ර සිල්වාට අමෙරිකාවට යාමට…..
අද මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටියානම් ගෝඨාභය වෙනත් පක්ෂයක ජනාධිපති වී ජනාධිපති කුමනාකාරයේ කටයුතු කරත් මහින්දගේ හඬ සමස්ත ශ්‍රී ලංකාවම එක්කර ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඒත් අද විපක්ෂයේ සජිත් ප්‍රේමදාස ගේ අවශ්‍යතාවය වී ඇත්තේ ශවින්ද්‍ර සිල්වාට අමෙරිකාවට යාමට වීසා ලබා ගැනීමටය.ශවීන්ද්‍ර සිල්වා ඇමරිකාවට ගියා හෝ නොගියා හෝ රටේ දැවෙන ප්‍රශ්ණයක් නොවන බව සජිත්ට නොතේරෙන්නේ සජිත්ගේ මන්ද බුද්ධික භාවය නිසා දැයි කීම අපි නොදනී.
විපක්ෂයේ සිටින අනාගත දැක්මක් ඇති නායකයෙකු පත් විය යුතුය. ශවින්ද්‍ර සිල්වා බේරා ගැනීමට උවමනාව ඇත්තේ ජයනිටය. එදා චතුරිකා ගේ පිහිටෙන් සිරිසේන ගෙන් හමුදාපති කම උදුරා ගත්ත ශවින්ද්‍ර දැන් ජයනි ගේ පිහිටෙන් සජිත් ලවා ඇමරිකානු තහනම ඉවත් කර ගැනීමට සජිත් කරපින්නා ගෙන යන බව සෑම අවස්ථාවකදීම අපිට පෙනේ,
“දැන් සැපද ?……
ඒත් මහින්ද කිසිවක් ගණන් නොගෙන විපක්ෂනායකයා වශයෙන් රනිල් කියන හැම දේටම කුමන හෝ “කොස්සක් ” හොයාගෙන ජනතාවට එයින් පොඩ්ඩ පොඩ්ඩ බෙදමින් …“දැන් සැපද ? ….”කියා ඇසුවේ නිකමට නොවේ …”දැන් සැප දැයි ..” කියා අසන සෑම වාරයක් පාසාම ජනතාව හදවතින් ඉල්ලුවේ මහින්දය .
අද මහින්ද හිටියා නම් මේ වනවිට ආණ්ඩුව, ජනාධිපති වරයා ගෙදර ගිහින්, ගෙදර නොගියත්, ජනතාවම පාරට බස්සවලාය එහෙම නැති වුනත් ඊළඟ ඡන්දයෙන් ආණ්ඩුවක් ගෙදරම යැවීමේ ජනතා නාඩිය මහින්ද හොදටම දන්නවාය.
රනිල්ලාගේ ආණ්ඩුවට ගහන්ඩ මහින්ද කණ්ඩායම නිහඬව තියාගෙන මහින්ද, ආයුධ පාවිච්චි කරේ රනිල් කණ්ඩායමෙන්. රනිල්ගේ කණ්ඩායමෙන් ගහනකොට ඇතිවුණු වේදනාව දන්නේ රනිල්ය.ඒ විපක්ෂයට ගැම්මක් දෙන මහින්දය………
ෆොන්සේකලා, චම්පිකලා,රාජිතලා ,රංජන්ලා….
යහපාලන ආණ්ඩුව ඒ වනවිටත් රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුට මිනිමැරුම්, මුදල් අවභාවිතා, රජයේ දේපල සාපරාධි පරිහරණය කිරීම වැනි බොහෝ දේට නඩු පවරන්න ඔන්න මෙන්නය තිබියදී . යහපාලනයේ සජිත් /රනිල්සමඟ සිටි බොහෝ ඩීල් කාරයෝ ඒවාගේ අඩු කැඩුවෝය. ඒත් ෆොන්සේකලා, චම්පිකලා,රාජිතලා ,රංජන්ලා අවංකවම නිතර නිතර ඒ පිලිබදව ප්‍රශ්ණකරදීත් වජිරලාට, සාගලලාට රනිල්ලට සිරිසෙනලාට කේන්ති ගියාය.
ඒ වාසිය ගත්තේත් මහින්දමය…..
ඒත් සජිත් ගේ කැපෑසිටිය ඉටවඩා වෙනස්ය. හැබයි ඒ කෙසෙල්වත්තේ ප්‍රේමදසට වඩා ගොඩාක් වෙනස්ය. ඒ බව හොදටම දන්නේ මහින්දය සජිත්ව පැත්තකට කෙරෙව්වේත් බැසිල්ය. ඩයනාගේ ටෙලිෆෝන් එක අතට දුන්නේත් බැසිල්ය. ඒ බව හිත්න්න අපිට ඕනෑවටත් වඩා සාක්ෂි ඇත.
මෛත්‍රි ගුණරත්ණ ගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂය නොගනීමට තරන් සජිත්ට කිසිදු හේතුවක් නොතිබී ඇත. ඒත් අපිට ලැබෙන සියළු තොරතුරු අනුවනම් ජයනි, ඩයනා සමඟ මේ මරාලය බැසිල් ගේ කීමට ගත්තායැයි කීම බැහැර කල නොහැක්කකි.
කොහොම කොයි හැටි වෙතත්, පක්ෂ මාරුවට ලංකා අධිකරණයේ නින්දිතම විනිසුරු හොරා වු සරත් නන්ද සිල්වා දුන් නඩුතීනදුව නිසාම කිසිම අයෙකු පක්ෂයෙන් නෙරපීම කල නොහැකිය. රටේ ජනතාවට කෙසේ වෙතත් විපක්ෂ නායකයාගෙන් විපක්ෂයේ මංත්‍රිලටවත් නායකත්වයක් නොලෙබන කොට රටේ ප්‍රශ්ණ පිලිබදව තවත් කුමණ කතාද…..? මේ නිසාම ජනතාව කියන කතාව ඇත්තය ඒ සජිත්වත් මෙහෙයවන්නේ බැසිල් කියාය.
රටක ප්‍රභල විපක්ෂයක් නොමති…….
රටක ප්‍රභල විපක්ෂයක් නොමති නිසාම රාජපක්ෂලා දැන් මහපාරේ කලගෙඩි නැටුම් නටමින් හෙට අනිද්දාම ජනතාවට තුවක්කු උණ්ඩ සංදර්ශන පෙන්වීමට සුදානම් වුවත් විපක්ෂයට කලහැකි කෙන්ගෙඩියක් නැති තරන්ය. ඒ විපක්ෂයට කිසිදු ජනතා හඩක් ඇත්තේම නැත. ඒත් එදා මහින්දට තිබුණේ ජනතා ශක්තිය ගැන ඒවා සජිත්ට හිතන්නවත් බැරිය .
ඒ ජනතාවට විපක්ෂය පිලිබදව කිසි විශ්වාසයක් නැති නිසාය. මේ නිසා සජිත් සමඟ ඉන්න සුළු පක්ෂ සියල්ල ගේම විශ්වාසය කැඩී ඉවරය.බැසිල්ලා , කිලීලා එක්ක සජිත් යනවාද ?නැත්නම්, රටේ එක්සත් ජාතික පාක්ෂිකයා එක්ක ඒකට යනවාදැයි තීරණය ඇත්තේ සජිත් ගේය.
නැත්නම් 2025 දීත් බැසිලාටම ජනතාව බලය දෙනවාමයි. එදාට සජිත්ට දේශපාලනය කරන්න වෙන්නේ යාල කැලේම පමණි. ඒ ගැන නම් කැට තියා කිව හැකිය…….