උණුසුම් පුවත්

රට ඉතාම භයානක තත්වයකට පත්ව ඇති නිසා වහාම රටම ලොක්ඩ්ව්න් කරන්න – නම හෙලිකිරීමට අකමැති විශේෂඥ වෛද්‍යරයෙක් කියයි.

Spread the love

මේ වනවිට අපේ උපදෙස් බල්ලට දමා රටේ සමස්ථ සෞඛ්‍ය කේෂත්‍රයේම තීන්දු තීරණ  ගන්නේ වෛද්‍යවරුන් වන අපි නෙවේ. රටේ යුද්ධය කල හමුදාවයි.

 රටේ ජනතාව ඉතාම ඉක්මනින් මරණය කරා රැගෙන  යාමක් බව  වගකීමේන් අපි මීට පෙර ( පසු ගිය සතියේ ) සෞඛ්‍ය ඇමතිනියට ප්‍රකාශ කල නමුත්, ඇය මේ සිදුවන කිසිවක් නොදන සිටීම ඉතාම කණගාටුදායකය .

ජනාධිපති කාර්‍යාලයේ සිටින පුද්ගලයන් ඒතුල සිටිමින් ජනාධිපති ගේ උද්දච්ච කම් අපිට කියා පා ඇති ඵලක් නෑ. දැන් සියල්ල අවසානය තෙක් සිදු වෙමින් යනවා. වහාම මේක හමුදාවෙන් ඉවත් කොට අපේ වෛද්‍යවරුන්ට භාර කලයුතුයැයි,  එම විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කලේය .

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ගෝඨාභය ජනාධිපති යුද්ධ කරන්න දැන ගත්තට බෙහෙත් කරන්න දන්නේ නෑ.  රටේ දැන් තියෙන්නේ  යුද්ධයක් නොවේ. දැන් ඇත්තේ මාරාන්තික බෝවෙන ලෙඩක් මෙයට ලෝකයේ බලවත් රටවලට මුහුණ දී ගැනීමට දැඩි අපහසුවක් තිබෙනවා. ඒත් රටේ ජනාධිපති මේකත් යුධ මානසිකත්වයෙන් බලන්නේ එය ඉතාම අවාසනාවක්.

දැන් අපේ වෛද්‍යවරුන් ගේ ඉවසීම ඉවර වෙලා තියෙන්නේ තවත් අපි ඉවසන් නෑ.

ඉදිරි සතියේ දී රටේ යුධයකට වඩා මිනිස්සු මිය යාහැකියි. දැන් තියෙන්නේ ඉතාම දරුණුම අවස්ථාව මේ නිසා තමා ලෝකයේ ප්‍රභල රටවල් මුළු රටම වසා දමා තමන් ගේ මිනිසුන් ආරක්ෂාකරන්නේ .

ඒත් ලංකාව වැසීමට ජනාධිපති ගේ කිසිම උවමනාවක් නෑ. එයාට උපදෙස් දෙන්නේ හමුදාව අපි තවත් බලන් ඉන්නේ නෑ .

රටේ ජනතාව ගේ ජීවිත හා අපේ ජීවිත වෙනුවෙන් අපි දැඩි තීරණයක් ගැනීමට දැනටමත් සුදානමින් සිටින්නේ යැයි ඔහුවැඩිදුරටත් පැවසීය.


Spread the love

Leave a Comment

You may also like