බෝධිලිමා ගේ වැඩේ පරිසරයට අනුගත වීමට විටින් විට පාට මාරු කිරීමය. ලෝකයේ හමුදාවලට ආවේනික ඇදුම් පැලදුම් ඇත්තේ ඒ ඒ පරිසරයට හා සතුරාට ඉතාම අඩුම දර්ශණයකට ලක් වීමට උපයෝගි කරගැනීමටය. ඒත් දොස්තර හමුදාපති ශවින්ද්‍ර සිල්වා දැන් බෝදිලියාත් අභිබවා ගිය නිල ඇදුම් මාරුකිරීම විහිළු සහගතය.
ඒ ඇදුම් සපයන්නේ වික්‍රමරත්න පවුලෙන් නොවන නිසාත් ඒවාට ඔහු ගේ පුද්ගලික වියදමින් නොයන නිසාත් අපිට ඒ පිලිබදව කතා කිරීමට අයිතියක් ඇත.
එදා වඩමාරච්චිය ඇල්ලීමට ගිය, අපි කැමති ශවින්ද්‍ර සිල්වා එවක හමුදාපති ෆොන්සේකාගේ උපදෙස් මත යනවිට තිබු ගැම්ම දැන් නිකම්ම නැම්මක් වී ඇත්තේ දැන් අණ දෙන්නා හා ශවින්ද්‍ර සිල්වා දෙස බැලීමේදීය.
මධ්‍යස්ථානයකම කන බත් පතට…….
මවු බිමේ වාසනාවට මෙලොව උපන් ෆීල් මාෂ්ල් ෆොන්සේකා නොහිටින්නට අද සිංහලයන් විනාශ කොට කච්චතිවු දුපතේ සිටම දෙවුන්දර තුඩුවටම ප්‍රභාකරන් අල්ලා අවසානය.69 ලක්ෂයේ දුගී ජනයාට දැන් යුද්ධය කෙරු විරුවා හා සුද්දය කෙරු විරුවා ඉතාම හොදින් හදුනා ගැනීමට ලැබුණ අවස්ථාවකි.
දැන් කොරෝනාව වවාගෙන කන්න දී ඇත්තේ ගෝඨාය. මේක මහා ඉල්ලමක් වී ඇත්තේ ශවින්ද්‍රගේ නිතියානුකුල බිරිද( චතුරිකා හෝ යුධහමුදා කර්නල් වරිය නොවේ ) සුජීවා නෙල්සන්ය. සෑම නිරෝධායන මධ්‍යස්ථානයකම කන බත් පතට මාසේ අන්තිමටම මුදල් ඇණවුම් පත්‍රය යැවිය යුත්තේ සුජීවා නෙල්සන් ගේ බම්බලපිටිය හෝටලයටය.
තම මස්සිනාලාට ගසා කෑමට ඉඩදී ඇති ශවින්ද්‍ර අළුත්ම වැඩකට අතගසා ඇත. ඒ කොරෝනා අස්සේ කොළඹ බම්බලපිටිය සිට වැල්ලවත්තට මුහුදු මාර්ගයේ බිම් තීරුවම අල්ලා ගෙන ඇත.අහිංසක සොල්දාදුවන් යොදවා සිදුකර ඇති ඒ ඉඩම් සියල්ලම දුම් රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්ය. මේ පිලිබදව කිසිවකුත් පැමිණිලි කිරීමට නොයන්නේ යුධහමුදාපති නිසාය.
සුජීවාට කොරෝනාව ගෙන දී ඇති වාසනාව එසේ මෙසේ නොව ලලාන් රබර් ආයතනයෙන් ඉතාම වටිනා අත් ග්ලවුස් ලක්ෂ 10 ක් නොමිලේම ලබා දී ඇත්තේ කොරෝනා මැඩලීමට ත්‍රිවිද හමුදාවට හා පොලිසියට ලබා දෙන ලෙසටය.
ඒත් ඒ කිසිවක් ත්‍රිවිද හමුදාවට ලබා නොදි සියල්ලම විකුණා දමා රුපියල් කෝටියක් ගෙන ඇත. දැන් දෙරණේ දිලිත්ලාට , වගේම දොස්තර ශවිද්‍රටත් කොරෝනා රෝගය වාසනාවක් වී ඇති බව ඉතාම හොදින් පෙනි යයි.
යුද්ධයෙන් ,සුද්ධයත් කෙරුවා යැයි රටවැසියන් ගේ චෝදනාවත් යම් සත්‍යක් ඇතැයි දැන්නම් අපටත් සිතේ .
නිලමේ ලියයි…..