චීනයේ නිෂ්පාදිත කොරෝනා පරික්ෂණ කට්ටල ප්‍රමිතියෙන් ඉතාම බාල ඒවා බවට අප වෙතට දුරකථනයෙන් ඇමතු කොළඹ එක්තරා වෛද්‍යවරයෙකු පැවසීය .නම හෙලි කිරීමට අකමැති ඔහු කියා සිටින්නේ පී.සී.ආර් යන්ත්‍රවලින් 06 ක්ම මේවනවිට අක්‍රියව ඇති බවත් තවත් ක්‍රියාත්මක යන්ත්‍ර වල ලැබෙන දත්ත පිලිගත නොහැකි ආකාරයට එක් පැයක් තුල එකම ආසාධිතයා ගේ සාම්පල පරික්ෂාවේදි වරෙක කොරෝනා නෙගටිව් ලෙසත් තවත් අවස්ථාවකදී කොරෝනා පොසිටිව් ලෙසත් වාර්තා ලැබීම විහිළු සහගත දෙයක් බවයි.
මේ පිලිබදව තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කොට ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකලේය. කොළඹ ජාතික රෝහල හා තවත් ප්‍රධන රෝහල් කීපයකම මේ වනවිට PCR පරික්ෂණ පැවැත්වීම දැඩි අර්බුදයකට පත්ව ඇති බව මෙහිදි ඔහු හෙලි කලේය.
චීනෙන් ශ්‍රි ලංකාවට එවා ඇත්තේ C කාණ්ඩයේ භාණ්ඩ බවට මේ පිලිබදව අපි සොයා බැලීමේදි දැන ගැනීමට හැකි විය.