උණුසුම් පුවත්

දප්පුලු ගේ තප්පුලෑමේ තරම…….15 වසරක් ඉක්ම ගියත් තවමත් නිති උපදෙස් දෙන්න බැරි “තල්ලු  ඉස්ටාට් නිතිපතියක්  ” …………!!

Spread the love

ශ්‍රි ලංකාවේ නිතිපතිය සම්පුර්ණවම දේශපාලනීකරණය වු ගුහාවකි. රටේ නිතිය ක්‍රියාවේ යොදවන සෑම ආයතනයකටම නිතිය පිලිබදව වහාම උපදෙස් ලබාදිය යුතු එකම ආයතනය මෙයයි.

ඒත් අදවනවිට ලංකාවේ නිතිපති දෙපාර්තමේතුව සම්පුර්ණවම නිශාචාරයේ යමින් ඇති වගට ඕනෑ තරන් සංදර්ශණ අප සතුය. ඉන් එකක් නම් මීගමුව බන්ධනාගාර අධිකාරිව ඇල්ලීමට දිලීප පීරිස්ලා බෙර ගසා ,නලා පිබ, ලෝකයේ ප්‍රථම වරට මාධ්‍ය හමු තැබු නිශාරලා අවසානයේ ගහපු පදේකුත් නැති බෙරේ පළුවකුත් නැති විකඩමක් විය.

තවත් ඕනෑ තරන් අපි සතුව සාක්ෂි ඇත. වසර 15 ක් යනතුරුත්  “කයිවාරු පීරිස්ට  “නිසි උපදෙස් දෙන්න බැරි ඔහු නිතිය පිලිබදව නොදන්න නිසාද..? නො එසේනම් ඊට උපදෙස් දීමෙන් පොලිසියේ හෝ දේශපාලක මිතුරන් උරණ වේ දැයි යන සැකයක් රටේ ජනතාවට උපදී.

රටේ අහිංසක ජනතාවට නිතිපතියෙන් ලැබිය යුතු නිති උපදස් ලබානොදෙනවා නම් නිතිපතිය වසාදමිය යුතුය. අහිංසක මිනිසුන් 350 ක් මියයන තුරුම දිලීප පීරිස්ලා පාස්කු ප්‍රහාරයේ සහරාන්ලාව අත් අඩංගුවට ගැනීමට එදා නාලක සිල්වාට උපදෙස් නොදුන් බව අපි ඉතා හොදින් දන්නා  කරු නකි. පොලිස් පරික්ෂක ඩග්ලස් නිමල් හා ඔහු ගේ අහිංසක බිරිය මරා දමා වසර 15 ක් ඉක්ම ගොස් ඇතත් තවමත් නිති උපදෙස් දෙන්න බැරි  “තල්ලු  ඉස්ටාට් නිතිපතියක්  “බවට තවත් කුමණ කතාතද ?

කඩුවෙල් මහේස්ත්‍රාත් අධිකරණයේ දී 22/03/2012 දින , අංක බී 4682 යටතේ සියලු මහේස්ත්‍රාත් පරික්ෂණ නිමකොට ගොනු අංක C/143/2006 යටතේ නිතිපති ගේ උපදෙස්පතා යවා ඇත. දැන් ලිපි ගොනුව තවමත් දිලීප පීරිස් ගේ දෙවන ලාච්චුවේ යටටම ගොඩ ගසා ඇත. මේ ආකාරයටම නිතිපතියේ ගොඩ ගැසුන 2006 නඩුවලට උපදෙස් ලබා නොදුන් ගනන 287 කි.

ඒත් නිතිපති ද්ප්පුලු ලිවේරා ජනාධිපති ගේ ලකුණු දමාගැනීමට මහා වික්‍රමයන් පෑමට අග -මෙහෙසිය වු නිශාරා සමඟ බන්ධනාගරයට ,පොලිස් මුලස්ථානයට ගොස් ඒ වා ගේ අඩුපාඩු සොයන්න ගතකරන කාලයේ තම ඇඹනිය සමඟ නිතිපතියේ වේයන් කෑමට තැන්පත් කොට ඇති ලිපි ගොනුවලට නිති උපදෙස් දුන්නා නම් ඔබ ගේ කාලයත් ශ්‍රමයත් අපතේ නොයනබව අපේ මතයයි.

රටේ වගකිවයුතු පොලිස් නිලධාරියෙකු හා ඔහු ගේ බිරිද මැරු මිනිමරුවන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට වසර 15 ක් ගතවෙනවා නම් නිතිපති යේ නොහැකියාව කීමට තවත් කුමන සාක්ෂිද…..?

දැන්වත් නිතිපති නිසාචාරයේ නොගොස් නිශාරා සමඟ එක්ව නිතිපතියේ මුල් අධින ගොනුවලට තම උපදෙස් දීමට වහාම ක්‍රියාකල යුතුය .

එසේ කරනතාක් රටේ ජනතාව ගෙන් වැටුප් ලබන ඔබලාට අපි දැඩි සේබලපෑම් කරන්නෙමු. ඒ රටේ අහිංසක ජනතාව ගේ හඩය.


Spread the love

Leave a Comment

You may also like