උණුසුම් පුවත්

” උඹගේ ලේ සුවද තවම මගේ නහය ඉල්ලනවා…..උඹව එව්වෙත් නියම පොලිස්කාරයන් කීප දෙනෙක් දේශබන්දු මහත්තයාවගේ ආදරය කරන කීපදෙනෙක්…….” – හිටපු පොලිස්පරික්ෂක නියුමාල් රංගජීව කියයි…..!!

Spread the love

වෙඩි තැබීමට දින දෙකකට පෙර නම් 18/10/2020  වන දින ලංකා දවස  අප පුවත්පත ස්ථිර වශයෙන් ම කියා සිටියේ  තවත්දින දෙකක් තුළ දී මදුෂට  වෙඩි තබා ඝාතනය කිරීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සුදානම් වෙන බවයි. 

මනුෂ්‍යයකු මරාදැමීම වළක්වා ගැනීමට අප දේශීය සහ ජාත්‍යන්තර ව දැඩි ප්‍රයත්නයක් ගත්තෙමු .ඒ පිළිබඳව අවංක සතුටක් අප හදවතේ ඇති  වුවත් , ඒ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව හදවතින්ම මේ වන විටත් අපි දැඩි කම්පනයට  පත්ව සිටින්නෙමු.

මදුෂ නැමැති අපරාධකරුවාටද නිතියේ රැකවරණය හා යුක්තිය ඔහුටත් හිමි වියයුතු බව අපි විශ්වාස කරමු.   දේශබන්දු දැනට කොළඹ දිසාව භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් නිලධාරියා ඔහුගේ ඉතාමත්ම අග්‍ර පුරෝහිත යෙකු වන හිටපු පොලිස් පරික්ෂක නියුමාල් රංගජීව නමැති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත් කුඩු අලෙවි කරමින් අතිවිශාල ධනස්කන්ධයක් උපයමින් රටට තමාට වඩා කෙරුමෙක් නැතැයි පෙන්වමින් සිටින තවත් එක්තරා මත් කුඩු ව්‍යාපාරිකයෙකි. ඒ පොලිස් නිලඇදුමට මුවාවී සිදුකල අති බිහිසුණු සිද්ධීන අපි සතුව ඇත. 

රංගජීව ඊයේ සමාජ මාධ්‍යයේ  (මුහුණු පොතේ ) සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඔහුද මීට පෙර පුද්ගලයන්ට වෙඩිතබා මරාදමා ඇති බවත් ඒ අයවද උබට හම්බවෙයි.” උඹට වෙඩි තියලා එවන්න තරම් ” දේශබන්දු නැමැති පොලිස් කාරයාට හැකිවූ බව ඔහු කියා සිටිනවා.

 මෙහිදී  නියුමාල් රංගජීව  වැඩිදුරටත් නොකියා කියන්නේ පොලිසිය මදුෂව  නිර්භීතව  වෙඩි තබා ඝාතනය කළ බවයි.

එසේනම් නියොමාල් රංගජීව සහ දේශබන්දු අතර ඇති ගසයි පොත්තයි වැනි සම්බන්ධය නිසාම දේශබන්දු තෙන්නකෝන්  රංගජීවට මේ පිළිබඳ ප්‍රකාශ කළා දැයි යන්න අප හට සාධාරණ සැකයක් ඇතිව තිබේ .

ඒ මීට මාස කීපයකට පෙර දී  රංගජීව නැමැති මිනීමරු අපරාධකරුවා සහ කුඩු ජාවාරම්කරු කියා සිටි පරිදි ඔහුගේ ඡායාරූපයක් ගත්තා යැයි මාධ්‍යවේදියකුගේ බෙල්ලෙන් අල්ලා ගෙන යෑමේ ශක්තියක් උත්තරීතර අධිකරණ භූමියේදී ඔහුට තිබුණේ දේශබන්දු ගේ හයිය නිසාය.

  පසුදා දේශබන්දු තෙන්නකෝන් නිල ඇඳුම ගලවා දමා හෙළුවෙන්ම  මාධ්‍ය හමුවක් කැඳවමින් රංගජීවට තමාගේ කාර්යාලයේ මාධ්‍ය හමුව පැවැත්වීමට ලබා දුන්නේ කිසිදු හිරිකිතයක් නොමැතිව.

ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීති ගරුක සහ යුක්තිගරුක සමස්ත නිලධාරීන් අවඥාවට සහ නින්දාවට ලක් කරමින්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය    ලබාදීමෙන්ම  හැඟී යන්නේ දේශබන්දු තෙන්නකෝන් සහ නියොමාල් රංගජීව ඇති සම්බන්ධතාවයයි.

මේ නිසාම රංගජීව  කියන්නේ  දේශබන්දු ගේ නියෝගයෙන් පොලිසිය මාකදුරේ මදුෂට වෙඩිතැබු බවයි. (පැය කීපයකින් නියුමාල් රංගජීව ඒම සටහන් ඉවත් කර ඇත. )

ඒත් ඒ සියල්ල  අප සතුව ඇති නිසාම අපි රටේ යුක්ති ගරුක ජනතාවට පොලිස් නිලඇදුම් ඇදගත් අපරාධකරුවන් හා රංගජීවලා වැනි ව්‍යාපාරිකයන් හෙලිකරන්නේ මොවුන් ගේ පැටිකිරිය නොදත් තොත්ත බබාලා සිටින නිසාය

 ( අපගේ තවත් ලිපියකින් රංගජීව නැමති පොලිසියේ කුඩුව්‍යාපාරිකයා පිලිබද හෙලි දරව්ව බලාපොරොත්තු වන්න. )


Spread the love

Leave a Comment

You may also like