18/10/2020 දින අප ගේ පුවත්පත මාකදුරේ මදුෂට පොලිසිය වෙඩිතබා මරාදමමින් රටට මත් කුඩු මාෆියාවේ සිටින දේශපාලකයන් වසා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් හා කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරි නෙවිල් සිල්වා සුදානම් වනබවට සාක්ෂි සහිතව රටට දැනුම් දුනිමු.ඒ සමඟම ජාත්‍යන්තරවද දැනුවත් කලෙමු.
ඒත් පොලිසිය ඒ සියල්ලම පැත්තකට දමා මදුෂව මරාදැමු බව ජනතාපුවත් පතක් ලෙසට නොබියව චෝදනාකරමු.
ඒ සියල්ලම සිදු වුයේ රටේ වාසනාවට නොව කිසියම් දේශපාලන මාෆියාවක ගේ හා දුමින්ද සිල්වා ගේ උවමනාවට බව කවුරු නොදනිතත් අපි දනිමු.
මදුෂ නිකමෙක් හෝ සීලවන්තයෙක් නොවන බවත් අපි ඉතාම වගකීමෙන් පිලිගනිමු. ඒත් දේශබන්දු නිලඇදුමක් ඇද තවත් කුඩු මාෆියාවකට පාරකපමින් නිතිවිරෝධි ඝාතනයක් කිරීමෙන් රටකට කරන විනාශය සුළු පටු නොවේ. මකදුරේ මදුෂව මෙරටට රැගෙන පැමිණියේ ජාත්‍යන්තර නිති හා රෙගුලාසිවලට යටත්වය. ඒ කිසිවක් ගැන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වුවත් නොදන්නා බව අප සතුව ඇති බොහෝ සාක්ෂි වලින් ඉතාම හොදින් පෙනියයි.පොලිස්පති ගේ නියෝග අනුව වැඩිදුර විමර්ෂණයට 16/10/2020 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන යන මදුෂව ඊට පසු දිනම හෙරෝයින් කිලෝ 10 ක් සොයා ගනි. ඒ මදුෂ ගෙන් ලද තොරතුරු මත යැයි දේශ බන්දු මාධ්‍යට පැමිණ කියයි.
ඒත් සමගම 18/10/2020 දින මදුෂ ගෙන් තවත් හෙරෝයින් ජාවාරම් කාරයන් හා අවි පිලිබදව ලද තොරතුරක් අනුව මදුෂ ගේ කීමට පාතාලේ පුද්ගලයන්ට මාලිගාවත්ත මහල් නිවාසයට හෙරෝයින් රැගෙන ඒමට දැනුම් දීම මත කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ගේ අනු දැනුම හා නියෝග අනුව පොලිස් නිලධාරින් 18 දෙනෙක් පොලිස් අපරාධ කොට්ඨාශයට අනුයුක්ත වැන් රථ 01 පොලිස් ජීප් රථ 02 ක් හා ටී 56 අවි 14 හා පොලිස් නිල පිස්තෝල 04 ක් පොලිස් ගමන් කතන 03 ක් සමඟ දැත් පිටුපසට කොට අත්විලංගු යොදා සැකකරු මෙම පොලිස් බල ඇණියක් සමඟ රැගෙන පිටත් වුයේ 20/10/2020 දින අළුයම් කාලයේය.
මෙම ස්ථානයට පාතලේ ප්‍රභල අපරාධකරුවන් හෙරෝයින් රැගෙන පැමිණ ලක්ෂිත මහල් නිවාසයේ 10 වන තට්ටුවේ වසාදැමු කාමරයක සඟවා තිබෙන බව දැන ඒවා රැගෙන ඒමට අත්වඩංගුවේ සිටින සැකකරු රැගෙන යන බවට තොරතුරු පොත්වල සටහන් යොදා ඇත. දේශබන්දු පොලිස්පති පුටුවට කෙල හලන නිසා අනික් නිතිමය හා ප්‍රායෝගික සියල්ල අමතකව මදුෂ මරා ” මමයි පොර ” වී පොලිස්පති වීමට සිහින දකිමින් ඇත.
දැන් දේශබන්දු කියන ආකාරයට නාටකය නැරඹීමේදී මදුෂ ගේ අත්විලංගු ලිහා මහල් නිවාසයේ හෙරෝයින් ගෙනවිත් ඇති සඟවා ( රත්‍රි 7.55 ට පොලිස් නිලධාරින් 03 දෙනෙකු එම කාමරයට ගොස් එහි හෙරෝයින් ඇති බවට තහවුරු කරගත් බව ප්‍රකාශ කරයි.) ඇති ස්ථානයට පොලිස් නිලධාරින් 04 දෙනෙකු සමඟ අවි සහිතව ගමන් කරමින් තිබී ඇත. පොලිසිය කියන ආකාරයකට පලමු මහලට නගින විටම පිය ගැට පෙලදී උඩ සිට සැඟව සිටි සැකකරුවන් දෙදෙනකු එකවරම පොලිසියට පිස්තෝල වලින් වෙඩිතබා ඇත. එහිදී මදුෂ ගේ හිසට වෙඩි වැදී බිම වැටුන පසුව රෝහලට ගෙන ගොස් ඇත.මෙහිදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුද තුවාල ලබාඇති බව මේ මොහොතේත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පැමිණ දිව් රමින්, පොලවේ පස්කමින් කියයි.
ඒත් ඒ කතාව හිස් මුදුනින් පිලිගන්නේ දෙරණ හා හිරු කුඩු නාලිකාවයි. ඒත් නිතිගරුක යුක්ති ගරුක සමස්ථ රට වැසියා ඒවා පිලි නොගන්නේ මදුෂ නැමති පාතාල නායක්යා සීලවන්තයකු වීමට සිටි නිසා නොව ශ්‍රි ලංකාව ඒවනි මිනිමැරුම් , අතුරු දහන් කිරීම් වලින් තවමත් බැට කන නිසාය. ඒවා දේශ බන්දු නොදන්නේ ඒ කාලයේ දේශබන්දු ගාමිණි ජයවික්‍රමපෙරේරා ගේ රියදුරු හා සම්බන්ධීකරණ ලේඛම් සිටි නිසා විය යුතුය.
දැන් දේශ බන්දුගේ නාටය අපි පිලිගැනීමට නම් ඔබ පහත් අපේ ප්‍රශ්ණවලට පිලිතුරු දුනහොත් ඇත්තටම ඔබ රටේ කුඩු මාෆියාව අවංකව නැති කිරීමට වෙර දරන අයෙක් ලෙසත් මදුෂ ගේ මරණයත් ළමා පාතලයේ උන් ගෙ මිනිමැරුමක් ලෙසට අපි පිලිගැනීමට සුදානම් වෙමු. පොලිසිය මදුෂට වෙඩි තිබ්බානම් මේවාට පිලිතුරු දිය යුතුය.
1. 1979 ත්‍රස්ත්වාදී වැලැක්වීම පනත ……යටතේ මදුෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි බව ඔබ දන්නේද……?
2 1979 …… පනතට අනුව අමාත්‍යවරයා ගේ අනුමතියකින් තොරව රදවා සිටින සැකකරු රදවා සිටින ස්ථානයවෙනස් කල නොහැකි බව දන්නේද …..?
3. සියළු බලතල ඇත්තේ විෂය භාර ඇමතිවරයෙකු සිටීද …? ඔහු ගේ ලිඛිත අවසරයක් ගත්තාද ….?
4. ඒවනි නියෝගයක් ඔබ ලබා ගත්තානම් සිරකරුවන් රදවා ගැනීමේ ලේඛණයේ එම අංකය මේ වනතෙක් නොදමන්නේ ඇයි….?
5. එවනි ලිඛිත නියෝගයක් ඔබ ලබා නොගෙන පොලිස්පතිට හෝ ඔබට සැකකරුවෙකු වෙනත් ස්ථානයක්ට රැගෙන යානොහැකිබව ඔබ නොදන්නවාද…?
6. මදුෂ් වසර 1 1/2 අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ රදවා සිට ඇති බව ඇති බව ඔබදන්නවාද…?
7. ශ්‍රි ලංකාවේ සිදුව ඇති සියළු වැලලීමට ගිය අපරාධයන් හෙලි කොට සැකකරුවන් අධිකරණයෙන් දඩුවම් විදින්නේ, එදාමෙදා තුර සමස්ථ පොලිස් සේවාවේම ගෞරවය රැකී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ බොහෝ අවංක නිලධාරින් නිසා බව ඔබ දන්නවාද?
8 ඔබ කියන ආකාරයටම වසර 1 1/2 අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ අත් අඩංගුවේ සිටින සැකකරුවෙකුගේ දුරකතන ඇමතුමකට කුඩු කිලෝ 22 ක් රැගෙන පැමිණෙන බබා පාතාලයක් ශ්‍රි ලංකාවේ නොමති බවවත් නොදන්න ඔබ පොලිස් කොස්තාපල් නිලයකවත් නොසිටිය යුතු බව ඔබ දන්නවාද…?
9. ඔබම කියන ආකාරයකට පාතලෙන් කුඩු රැගෙන පැමිණ ලක්ෂිත මහල් නිවාසයේ වසාදැමු කාමරයේ තබා තිබුණානම් නැවත අපරාධකරු එහි රැගෙන ගියේ කුමක් අරමුණු කොට ගෙනද….?
10 ඔබගේ නිලධාරින් පිටව ගොස් ඇත්තේ ටී 56 ගිනි අවි රැගෙනය ඒත් ඔබ කියන ආකාරයටම පැමිණි පාතාලේ සාමාජිකයන් දෙදෙනෙකුට ටී 56 ගිනි අවි 04 කින් වෙඩි තබා ගැනීමටවත් නොහැකි මීහරකුන් කොළඹ අපරාධ කොට්ඨාශයේ සිටිනවා යැයිලෝකයාට කීමට වත් ඔබට විලි ලැජ්ජහවක් නොතිබුණේද…?
11 මදුෂ නැමති සැකකරුට 10 වෙනි මහලට රැගෙනය අතර වාරයේ පලමු මහලේ 06වෙනි තරමක් විශාල පිය ගැට අසල දණ ගස්සවා හිසට අංශක 45කින් තුවක්කුව ඇලකර පිටුපසින් වෙඩි තැබු බවත් ඒම වෙඩි පහර වම් ඇසෙන් පිටව ගොස් ඇති බව ඔබ දන්නවාද…?
12 මදුෂ් නැමති සැකකරුට ඒ අවස්ථාවේදී “ඔහොම දණගහපන් ” කියනවිට ” සර්මම කවුරුත් ගැන කියන්නෑ…මාව මරන්න එපා…” කියා ඇති දේ පටිගත්කොට ඇති බව ඔබ දන්නේද …?
13 ඔබ මේ රටට් සිදුකර්න්නේ විශාල විනාශක් මිස කුඩු නත්‍රකිරීම පාතාලේ නතර කිරීම නොවන බව ඔබ ඉතා හොදින් නොදන්නවා නොවේ නේද …?
14. දුමින්ද සිල්වා තවත් ස්ති 02 කින් නිදහස් වීමට නියමිත නිසාම දුමින්ද සිල්වා නැමති මහා කුඩු ජාවාරම් කරු වු ඔබේ හිතවතා ගේ කුඩු ව්‍යාපාරයට අවශ්‍ය බාධක එකින් එක ඔබ ඉවත් කරමින් සිටින බව අපි දන්න බව ඔබ දන්නවාද…..?
15. අත් අඩංගුවේ සිටි ප්‍රභල සැකකරුවෙකුට පාතාලෙන් පැමිණ වෙඩිතබා මරාදමා පොලිස් නිලධාරින්ටත් තුවාල සිදුකොට පාතාල සාමාජිකය ගේ පැනයාමේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකට හිමි සම්මන කොළඹ අපරාධ කොට්ඨාශ අධ්‍යක්ෂක නන්දනට ලබා නොදී පොලිස් අධිකාරි නෙවිල් සිල්වාට රන්සම්මනය ඔබ ලබා දෙන්නේ තවත් දින කීපයකින් නන්දන එලවා නෙවිල් සිල්වා අධ්‍යක්ෂක ලෙසට පත් කොට ඉදිරියේදී දේශපාලන දඩයම් කීපයක් කිරීමට බව ඔබ නොදන්නවාට අපි දනිමු.
කෙසේ වෙතත් ඔබ දින ගනනාවක් රාත්‍රිCCD පැමිණ මේ සිදු කල මිලේච ක්‍රියාව වෙනුවෙන් දේශ බන්දු ඔබට විරුද්ධව ඇති විඩියෝසාක්ෂි සහිතව අධිකරණයකදී උත්තර බැදීමට සිදුවන් බව නම් සහතිකය.
( අප ගේ මිළඟ ලිපියෙන් ඔබ කුඩුකාරයන් රැකීමට දරා ඇති වෙහෙස සාක්ෂි සහිතවම් ගෙන ඒමට බලා පොරොත්තුවෙන් සිටිමු. නිතිය යුක්තිය වෙනුවෙන් අපි ජනතාව වෙනුවෙන් පෙනිසිටිමු. )