මේවනවිට කොරෝනා වාර්තාවීම ඉතාම සිග්‍රයෙන් ඉහළ යන අතරම දැන් අපවෙතට තොරතුරු ලබාදුන් නගරසභා සේවකයෙකු සදහන් කලේ කොළඹ නගරසභා බල ප්‍රදේශය තුල ඉතාම සීග්‍රව පැතිරීයන බවයි.ආමර්වීදිය ,හා ජින්තුපිටිය, කොල්ලුපිටිය හා ඊට තදාසන්න ප්‍රදේශ වලද රෝගීන් හමුව ඇත .
එසේම අද දහවල් කොළඹ නගර සභාවේ සේවකයන් 03 දෙනෙකුටත් රෝගය positive වී ඇත. ඒ නිසම දැන් කොළඹ නගර සභාව සම්පුර්ණම වසා දැමුණු බව ඔහු තහවුරු කලාය . එසේම මේ වන විට ශ්‍රි ලංකාවේ රෝහල්වලින් කොරෝනා සදහා වෙන් කල …
වැලික්න්ද රෝහල,
තෙල්දෙණිය රෝහල,
කඹුරුපිටිය රෝහල,
කොළඹ ජාතික රෝහල
කාත්තන්කුඩි රෝහල යන රෝහල් සියල්ලම දැන් කොරෝනා රෝගින් ගෙන පිරී ගොස් ඇති බවයි.
මේවනවිට කොරෝනා රොගින්ට වෙන්කල එම ඇදන් 1712 තුලින් දැනට ඉතිරීව ඇත්තේ ඇදන් 69 ක් පමණක් බවයි.මේ වනවිට ශ්‍රි ලංකාවේ කොරෝනා පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහී ඇති බවත් දැන් තත්වය ඉතාම භයානක බැවින් රටේ ජනතාව දැඩි වගකීමෙන් ක්‍රියාකලයුතු බව නම සදහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙක් අපවෙත ප්‍රකාශ කලේය.
ආණ්ඩුවේ පසු ගිය පලමු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් දැඩි කැපවීම කොරෝනා දෙවනි රැල්ල තුලදී දැකීමට නොහැකි බවයි. ඊට හේතුව කුමක්දැයි ඔහු නොදන්න බව අප හට පැවසීය.
මේ නිසාම මින් ඉදිරියට කුමක් සිදුවන්නේ අද යන්න පිලිබදව ඔහුට කීමට නොහැකි බවත්, ජනතාව දැන් තම තමා ගේ ආරක්ෂාව සලසා ගතයුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.