රටේ ජනතාව මාරාන්තික වෛරසයකින් තැතිගෙන ඇති මෙවන් මොහොතක මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් එම්.සී.සී (Millennium Challenge Corporation) ගිවිසුම නිල වශයෙන් පිලිගන්නා බවත්, නුදුරේදීම එය අත්සන් කිරීමටද ක්‍රියාකරන බව දන්වා ඇතැයි ඉතාම විශ්වාස තොරතුරක් අප වෙතට ලැබී ඇත.
එය අසත්‍ය නම් අද අජිත් නිවාඩ් කබ්රාල් සභාගි වු සකඡ්චාව හෙලි කරන ලෙසට අපි රජයට අභියෝග කරන්නෙමු . මේ වනවිට දිවයිනේ බොහෝ පලාත් තුල නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාතමක වන අතර මහජනයාටද මේ පිලිබදව නිසි අවබෝධයක් නොමති නිසාම රජය ඉන් නිසි ප්‍රයෝජන ගෙන මේ කටයුත්ත ඉතාම සුක්ෂමව සිදුකරන බව අප ගේ මතයයි.
ඒත් ගෝඨාභය ජනාධිපති වීමට පෙර දී මෙම එම්.සී.සී . (Millennium Challenge Corporation) ගිවිසුම ඉරා දැමීමට කටයුතු කරන බවට දැඩි සමාජ මතයක් ගෙන ගියෝය. ඒත් දැන් සියල්ලම සිදුවන්නේ පැවති එක්සත් ජාතික යහපාලනයද අභිබවා ගොසිනි.මේ වනවිට ශ්‍රි ලංකා ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයක්ට මුහුණ දී ඇති නිසා මේ වසර අවසානවීමට පෙර ඇමරිකානු එම්.සී.සී. (Millennium Challenge Corporation) ප්‍රධානය ගැනීමට සියල්ලම දැන් සුදානම් කොට අවසානය.
එදා ආණ්ඩුව පෙරලා ගෝඨාභය බලයට ගෙන ඒමට සිවුරු ගලවා ගෙන කෑමොර ගැසු ඇල්ලේ ගුණවංශලා, අබේගොඩලා, ඉත්තෑපානේ සද්දාතිස්සලා ,මාගල්කන්දේ සුදන්තලා ගලබඩ අත්තේලා දැන් රටේ සොයා ගැනීමටවත් නැත.