පොලොන්නරුව බන්ධනාගාර අධිකාරි ඩබ්.කේ.පී. සෙනවිරත්න පිලිබදව අපි මීට පෙර අවස්ථාවකදීද සාක්ෂි සහිතවම කියා සිටියේ මේ බන්ධනාගාරය ආරක්ෂක ලේඛම්කමල්ගුණරත්න ගේ පාලනයට අයත් නොවන බවයි.
ඊයේ වේලාව අළුයම 01.37 වන විටත් සෙනවිරත්න සිටියේ චමින්ද කුමාර ගේ බිරිද ගේ සිරියහ නේ තොදොල් වෙවීය. පොලොන්නරුවට අදාල නොවන ඒත් රටේ සමස්ථ බන්ධනාගාර පද්ධතියටම අදාල නිති පයිසෙකටවත් ගනන් නොගන්න සෙනවිරතන දැන් කොමසාරිස් ජනරාල් උපුල් දෙණියගේ නියෝග පවා ගනන් නොගන්න බව අප සතු සාක්ෂිවලින් ඉතාම පැහැදිලිය.
රදවා සිටින සිරකරුවෙකු තම නඩුවට විරුද්ධව අභියාචනා කොට ඇත්නම් එම සිරකරුවන් කිසිදු හේතුවකට එලිමහනට නොගතයුතුය. එසේම විශේෂ ආරක්ෂාව යටතේ සිටින සිරකරුවන්ද එලිමහනට නොගත යුතුය, තවද අච්චු විදින ඒත් වැඩ පාටි නොවන අයද එලිමහනට නොගත යුතු බවට ඇත්තේ බන්ධනාගාර ආඥා පනතේය. ඊට අමතරව කොමසාරිස් ජනරාල්ලා ගේ නියෝග ද ක්‍රියාත්මක විය යුතුය.
ඒත් ඒ සියල්ලට පයින් ගසන අධිකාරි සෙනවිරතන මේ වනවිට සිරකරුවන්ගේ ගෙවල් සොයා ඔවුන් ගේ අඹුවන් ගේ ඕනෑ එපාකම් සෙවීමට තරන් සිත උණු වී ඇත. ඒ විතරක්ම නොවේ ඔහු අඹුවන් ගේ ගෙවල් වලට වී යහන් වල ගිමන් හැරීමට ද අමතක නොකරන මහත්මයෙකි. ලක්මාල් හපුතන්ත්‍රි යන සිරකරු පොලොන්නරුවේ ප්‍රසිද්ධය, ඒ ඔහු සිරගතවන්නේ ජනාධිපති මෛත්‍රි ගේ මල්ලි පොරවෙන් ගසා මැරීමේ වරදටය. ඔහු අචු විදිමින් සිටියදී දැන් මේය ලියන මොහොතේත් ඔහු සිටින්නේ අධිකාරි සමඟ බන්ධනාගාරයෙන් එලියට ගොස්ය.
ඊට සමස්ථ පොලොන්නරුව බන්ධනාගාර නියාමකයන්ම විරුද්ධය. ඒ යහපත් නිලධාරින් ගේ රැකියාව රැක ගැනීමේ බිය නිසාය. එක් අවස්ථාවකදී අධිකාරිගේ මේ ක්‍රියාවට එරෙහි වු ඩබ්.ජී. වසන්ත අවසානයේ අප්‍රේල් 23 වන දින නතරවන්නේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ස්ථාන මාරු කොට දමාය. මෙයි කියා පාන්නේ අර ආරක්ෂක ලේඛම් ගේ කයිවාරුව රෙද්දපල්ලේ බේරීමදැයි අපිට ඇසීමට සිදුවේ . උපුල් දෙණිය කොමසාරිස් ගේ නියෝග පයිසෙකටවත් ගන්න නොගන්න මහළු සෙනවිරත්න චමින්ද කුමාර සිරකරුවා ගේ ලස්සන තරුණ බිරිද ගේ නියෝග පිලිපැදීමට සැදි පැහැදි සිටීමත් එක්තරා අතකින් වාසනාවන්තය.
රටේ අපරාධ වැඩීවශයෙන්ම සිදුවන්නේ බන්ධනාගරවල සිට බව පවසන්නේ රටේ ආරක්ෂක ලේඛම්ය.
ඒ නිසා බන්ධනාගාරවල අධිකාරිලා සිරකරුවන් ගේ ගෙවල් වල යහන් ගතවීමට යන්නේ නම් ඒ බන්ධනාගර වලට දෙයියන්නේම පිහිටය.
ඒත් මේවාට එරෙහිවන නිතිගරුක ,නිලධාරින් වෙනුවෙන් උපුල් දෙණියලා පෙණී නොසිට දුෂිතයන් ගේ පැත්තටම අදිනවා නම් ඉන් කියන්නේ උනුත් එක්ක ජනරාල් උපුල් දෙණියලා ලගින බවදැයි ඇසීමට සිදුවේ.
