උණුසුම් පුවත්

නිලන්ත ජයවර්ධන හා මෛත්‍රිපාල පාස්කු ප්‍රහාරයේ සියළු තොරතුරු දැන ඉදලා මොවුන් දෙදෙනා වහාම අත්වඩංගුවට ගන්න……..!!

Spread the love

අජිත්..

පාස්කු ප්‍රහාරය පිලිබදව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අප්‍රේල් 20 වන දින වත්සැප් (WhatsApp ) මාර්ගයෙන් තමාට කියු වහාම තමා පොලිස්පති පුජිතව දැනුවත් කල අතරම,  එවිට පුජිත ඒ වන විටත් කොළඹ භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රධාන සියල්ලම දැනුවත් කරමින් සිටින බව තමාට කියු බවට අද පැවති පාස්කු ප්‍රහාරය පිලිබදව විශේෂ ජනාධිපති කොමිසමේදි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සාක්ෂි දෙමින් හෙලි කලේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඔක්තෝබර් 26 මෛත්‍රි ගේ රාජ්‍ය කුමණ්ත්‍රණය පැවති අවස්ථාවේදි නිලන්ත ජයවර්ධන මුළු මනින්ම සිදු කලේ දේශපාලකයන් පිලිබදව ඔත්තු බැලීම මිස රටේ ආරක්ෂාව පිලිබදව සොයා බැලීමක් නොකල බවයි. හේමසිරි ප්‍රනාන්දු තව දුරටත් කියා සිටියේ මෛත්‍රිපාල ජනාධිපති හා නිලන්ත ජයවර්ධන ඉතාම් කුළුපගුව සිටි බවත් රටේ ආරක්ෂක  ලේකම්ලෙසට මටත් පොලිස්පති ලෙසට පුජිතටත් අගමැතිව හෝ ආරක්ෂක රාජ්‍ය ඇමතිව හමුවීම හෝ කිසිදු රැස්වීමකට යාම සම්පුර්ණවම තහනම් කර තිබු බවයි.

යනුවෙන් අද පැවති පාස්කු ප්‍රහාරය පිලිබදව සෙවීමට පත්කල විශේෂ ජනාධිපති කොමිසමේදි මේ සියල්ල හෙලි විය .ශ්‍රි ලංකීය අවාසනාවන්ත ජාතිය මෙවර මැතිවරණයේදි මෛත්‍රිපාල නැමති කාලක්න්නි මිනිමරුවා වැඩි ඡන්දයෙන් පත් කරමින් රටේ ජනතාව ගේ ශාක්ෂරතාවයේ මට්ටම පත් කරමින් ඉතාම හොදින් පෙන්න තිබේදැයි අපිට පෙනේ. 

නිලන්ත ජයවර්ධන පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙසට තම වගකීම මෛත්‍රි ගේ උවමනාව මතම ලිස්සා ඇර ඇත. වහාම මෙවනි පාහරයන් පොලිස් සේවාවෙන් පහකල යුතුය. අද එවනි සිදුවීමක් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ගෙන් සිදු වුවානම් ඔහු මේ වනවිට සිටින්නේ  DO ගසා CID යේය. ඒ පොඩි නිලධාරියකු නිසාය.

නිලන්ත ජයවර්ධනලා වැනි නින්දිත බුරුවාහෙලා තවත් මෙවනි දෙපාර්තමේතුවක තබා ගෙන නඩත්තුකර වාට වඩා ඔහුව එලවා  දමා නිලන්ත ජයවර්ධනව නඩත්තුකල මුදලින් පොලිස් වාහන වලට අමතර ඉන්දන ලබාදීම ඉතාම් උතුම් ක්‍රියාවකි.

පවතින රජයන් වලට ගල් පැලෙන බොරු කියා නිලධාරින් රටේ රාජ්‍ය  නායකයන් සමඟ අමනාපකරමින් කේලම් කියමින් ජීවිකාව ගෙන යන මෙවන් නිලධාරින් අවසානයේ සිදුකරන්නේ රටේ ජනතාව ගේ සල්ලි වලින් සැප විදිමින් ජනතාවම බිල්ලට දීමය. පොලිස් සංහතිය වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් නොකරන මෙවන් පාහරයන් එලවා නොදමා ඔහුට තවත් හොරු රැනක් සමඟම නැගෙනහිර දිසාව භාර දෙන්නේ තවත් සහරාන්ලා බිහිකිරීමට දැයි අපිට සිතේ.

අද හේමසිරි ප්‍රනාන්දු ගේ සාක්ෂියෙන් එලියට පැමිණියේ අප්‍රේල්  20 මේ තොරතුරු  නම් ත්‍රිවිධ හමුදාවත් පොලිසියක් යොදවා මෙය වැලැක්වීම කලයුත්තේ පොලිස්පති පුජිත නොව ඒය ලක්යුත්තේ රටේ සේනාධිනායක මෛත්‍රිපාල නැමති බුරු වහන්සේය.

ඒ නිසාම මිනිමැරීම හා තම වගකීම හිතාමතාම, පැහැරහැරීමට නිලන්ත ජයවර්ධන හා මෛත්‍රිපාල වහාම අත් අඩංගුවට ගැනීමට දැන්  ඕනෑවටත් වඩා සාක්ෂි ඇත.

දැන් රටේ ජනාධිපතිට ඇත්ත වුවමනාවක් ඇත්නම් කලයුත්තේ මෛත්‍රි හා නිලන්තව අත් අඩංගුවට  ගෙන වහාම ප්‍රශ්ණ කලයුතුය . මියගිය 350 ක් ගේ අයිතින් වෙනුවෙන් මෛත්‍රි නිලන්ත අත් අඩංගුවට ගන්නා  තුරු අපි රටේ ජනතාව ඉදිරියේදි පෙලගස්සන්නෙමු.

පෙර සබදි පුවත්…..

https://www.lankadawasa.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%9f%e0%b7%80%e0%b6%b1-%e0%b6%94%e0%b6%ad/?lang=si


Spread the love

Leave a Comment

You may also like