උණුසුම් පුවත්

“ඩයස්මී”…..මම රට වෙනුවෙන් ආමී… මහා ගුවන් ටිකට් පත් මංකොල්ලයට සහය දෙන්න ආමී…………!!

Spread the love

ඉන්න රටක් තියෙන්න ඕන කියල, නැති ප්‍රශ්න හදල ජාතිවාදය මවල මහා පරිසර විනාශයක් පෙන්වල තත්පරෙන් තත්පරයට ජඩ මාධ්‍ය විසින් ජනමනස තුල විකෘති  ජාතිවාදක් ආගම්වාදයක් මවමින් ජනයා භේද් බින්න කල රාජපක්ෂ රෙජීමය අර්බුදයන් නිර්මාණය කොට බලය ලභා ගත් බව අප සියල්ලන්ටම දැන් මනා.සේ පැහැදිලිය.
            කෙසේ නමුත් එදා පරිසරය විනාශ කරනවා කියමින් රාජපක්ෂ වනචර දශකයේ විල්පත්තුව ආශ්‍රිත ප්‍රදේශයේ අවතැන්වූවන් වෙනුවෙන් කැලෑ එළිකරන්නට ඉඩහසර ලභා දී අනතුරුව සුළුජාතික ඡන්ද මල්ලට ලොබ බැදි රාජපක්ෂලාම එය වන විනාශයත් ජාතිවාදයත් ලෙස උලුපා පෙන්වමින් අමුතු බිල්ලකු මැවීය.
බැසිල් රාජපක්ෂ විසින්ම පල්ලි 225 පමණ සාදා දුන් බව ප්‍රසිද්ධියේ කියමින් ඉන් අනතුරුව සුළුජාතිකයන් රට පුරා පල්ලි ඉදිකරන බවත් ඒ දෙනුවෙන් සිංහල බෞද්ධ පිරිස් කුපිත කර ගිණි අවුලා සිංහල සමාජයේ චන්ද මල්ලටද කෙල හැලීය.
 තවද අපේ හාදුරුවනේ අපි හොරකම්,බලුකම්,කුපාඩිකම් මැරකම් කල අය ආරක්ශා කලා ෆයිල් ගැංගුවා,නීතියට බලපෑම් කලා කියමින් හිටපු ජනපති වත්මන් අගමැති පාරම් බෑහ
අප විලිසංගයක් නති ශ්‍රීලාංකිකයන් කොටසකි  එකී සොර දෙටුවන් අපි නැවත බලයට ගෙනාවෙමු…එදා පරිසරය විනාශ කරනවා කියා මරහඩ දී බලය ලභාගත් උන් අද අන්තර්ජාතික වටිනාකම් සහිත අපේද විශ්වයේද හදවත බදු වනාන්තර තෙත්බිම් තම දේශාපාලණික හෙංචයියලා වෙනුවෙන් විනාශ කරමින් සිටින අතර ඒවාට නීත්‍යානුකූල අයිතිය ලබාදීම පිණිස ගැසට් පත්‍ර ද සකසා අවසානය.
               
  එමෙන්ම රට විරුවා විරුදවලිය ලේබල් කොට අද ඉතා නින්දිත ලෙස මැදපෙරදිග හා යුරෝපයේ වෙසෙන අහිංසක ජනතාව ප්‍රාණඇපයට ගන්නේ ඔවුන් මව් රටට පැමිණීමට පෙර සිටය.ලක්ශ ගණනින් මුදල් ගසාකමින් රටවිරුවා මෙසේ දූෂණය කරමින් සිටින්නේ මහාපරිමාණ ගුවන් ටිකට්පත් මංකොල්ලයක් සිදු කරමින්ය…..කටාර්,එමිරේට්ස් වැනි ලොව සුප්‍රකට ගුවන් සමගම් වලට රටට ඇතුලු වීමට ඉඩ නොදී ශ්‍රීලංකන් ගුවන් යානා යොදා ගනිමින් රිසි සේ රටවිරුවා අපාදුකේ හෙළමින් සූරාකමින් සිටී ලියුම්කරුට අනුව එය ඉතා ප්‍රීතිජනක අත්දකීමකි.
මක්නිසාදයත් රට බේරගන්න අතින් ගුවන් ට්කට්පත් මිළදී ගෙන ආ රට රකින අපේ විරුවා තම දේශපාලණික හෙංචයි කළුකඩ මුදලාලිලාට රටවිරුවා සූරාකන්නට ඉඩහැර ඇති අපූරුව නිසාය..
      කෙසේ නමුත් පෙර සේ විදෙස් විනිමය රටට නොලැබෙන අඩුව, රටවිරුවා මිරික සූරා හෝ ලහා ගන්නට දේශප්‍රේමී එක් රටක එක් නීතියක් පවත්වාගෙන යන පාලකයන් අකුඅටන ඉටුකරමුන් සිටී .
වන සම්පත මෙන්ම රට විරුවාද කම්බස් කරන මේ මෘග්ධ ආණ්ඩුවට තවමත් ප්‍රසස්‍ති ගායනා කිරීමේ අඩුවක් නැත…
අපි ඉතා උපේක්ෂාවෙන් ඔබේ හා රටේ ඉරනම දෙස බලා හිදිමු.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ

Spread the love

Leave a Comment

You may also like