උණුසුම් පුවත්

රියදුරන් ගේ විනය හදන මංතීරුව………!!

Spread the love

ශ්‍රි ලංකාවේ රියදුරන්ට විනයක් නොමතිබව ලොකු කුඩා සැවොම දන්න කරුනකි. ඒත් එය බැලු බැල්මට ශ්‍රි ලංකාවට ආවේනික දෙයක් පමණක් නොව සමස්ථ ආසියාව තුලම අඩු හා වැඩි ආකාරයෙන් පවති.

කොළඹ නගරයට යෑම පිලිබදව බොහෝ ජනතාව මැසිවිලි නගන්නේම අධික වාහන තද බදයක් පවතින නිසාමය. සෑම දිනකයම ලක්ෂ 05 ක්ට ආසන්න වාහන ගනනක් කොළඹ නගරයට  ඇදී ඒම හැසිරවීම ඉතාම වෙහෙස කාරි රාජකාරියකි.ඒ කාලාන්තරයක් තිස්සේම පවතින මාර්ග පද්ධතිය හා නවින යැයි කිව හැකි කිසිදු සම්පතක් නැති නිසාමය.

ඒත් මේ තද බදය නිසාම අනේක විදි බැනුම් හා ගෙරවිලි ලබන්නේ කොළඹ රථවාහන පොලිසියයි. වර්තමානයේ කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන ගේ ඝෘජු අධීකෂණය හා උපදෙස් මත කොළඹ ,රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක ගේ ද,  උපදෙස් අනුව යමින් දීර්ඝ අධ්‍යනයකින් පසුව කොළඹ රථ වාහන කොට්ඨාශ භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර ගේ මෙහෙයවීමෙන හා ඔහු ගේ දැඩි කැපවීම නිසාම ඊයේ ආරම්භ වු කොළඹ රථවාහන මංතීරු වල ගමන් කිරීම සිදු විය .

රටේ රියදුරන්ට විනයක් නැති වුවත් ඊයේ සමස්ථ රියදුරන්  ගේම විනය ඊයේ මංතීරුවක් තුලින් තුලින් දිස්විය . ලෝකයේ සාක්ෂරතාවය 90% ඉක්මවා ඇති ශ්‍රි ලාංකිකයන්ට මනා හික්මීමක් ඇතිවිය යුතුමය. ඒ හික්මීම සියයට 100%ක්ම තිබිය යුත්තේ මහමඟදීය, එය නොමති නිසාම දිනකට අහිමිවන ජීවිත ගනන ආබාධිත වෙන පුද්ගලයන්  වගේ වගක් නැත.

මේ නිසාම යතුරු පැදි හා ත්‍රිරෝද රථ පවා ඊයේ දින දැඩි පීඩනයක් තුලින් හෝ යම්හික්මීමකට ලක්විය , එයට සමස්ථ ජාතියේම ගෞරවය කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු නිලධාරින්ටම හිමිවිය යුතුය. මෙම මුලික  අත් හදා බැලීම තුලින්  දුටු අඩුපාඩු අධ්‍යනය කරමින් හෙට දින අදට වඩා බොහෝ ක්‍රමවත් හා ඉතා ඉක්මනින් ගමන්වාරය තෙක් යාමට කටයුතු කරමින් ඇත.

සෑම දිනකම පාර්ලිමෙන්තු වටරවුම දෙසින් කොළඹ නගරයට උදෑසන එක් පැයක් ඇතුලත වාහන 5600කට ආසන්න ගනනක් පැමිණෙන බවත් ඊට අමතරව කොළඹට පැමිණෙන කොළඹ නුවරමාර්ගය , අව්ස්සාවෙල්ල කොළඹ මාර්ගය ,වැනි කොළඹට පැමිණෙන සියලුම වාහන තද බදයකින්තොරව නගරය තුලට ගැනීම සුළු  පටු කාර්යක් නොවන බව අප දන්නා කරුණකි.

ඒ සියල්ල පොලිසියට කල හැක්කේ කිසියම් හික්මීමක් ඇති රියදුරන් ගේ සහාය ලැබු නොත් පමණි . පොලිස් නිලධාරියෙකු නොමති විට විනයකඩකරමින් ගමන් කරන්නේනම් ගහක් ගලක් ගානේම පොලිසිය යෙදවිය යුතුය. ඒත් අද දැඩි අසීරුවෙන් සමස්ථ  පොලිස් නිලධාරින් ඉතාම අකැපවීමෙන් යම් පමණකට රියදුරන් ගේද සහායෙන් මංතීරු නිතිය ක්‍රමවත්ව ක්‍රියාත්මක් වීම ඉතාම සතුටට කරුණකි.

සමස්ථ රියදුරන් ගේ සහාය පොලිසියට ලැබුන හොත්  අපතේ යන කාලය ,වැයවෙන ඉන්දන , විනාශවෙන පරිසරය රැකීම කල හැකිය. අදට වඩා හෙට දින ඉතාම ක්‍රමවත්ව මෙම මංතීරු නිතිය ක්‍රියාත්මක වේ.

ලබන සදුදා  මංතිරු කඩ කරන්නන් විශේෂ උපදෙස් පංතියකට යොමු කිරීම සිදුවේ. එයද ඉතාම වටිනා ලෝකයම පිලිගත් සම්මතයකි. මේ සියල්ලටම කිරීමට දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිට හා නියෝජ්‍ය පොලිස්පති ද රථ වාහන කොට්ඨාශ භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්ප කුමාර  , රථ වාහන අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ,යන අයට දේශපාලන බලපෑමක්  සිදු නොවීම ඉතාම ප්‍රසංසනීයයි.

නිති සම්පාදකයන් නිති සම්පාදනය කොට නිති ක්‍රියාත්මක කරන්නන් හට ලබාදි ඒ නිති ක්‍රියාවේ සාධාරණව සැමටම එකහා සමානව ඉටු කිරීමට ඉඩ දෙනවා නම් එය රටේ සමස්ථ ජාතියටම සතුටු විය හැකි කරුණකි.

දැන් ඇත්තේ රියදුරන් තමා ගේ හික්මීම ,ඉවසීම ප්‍රගුණ කිරීමේ වාරයයි. ඒ ඉවසීමෙන් මංතීරුවේ සිටිය යුතුය, ඉවසීමෙන් ඉදිරියට ඇදී  යායුතුය. එය රථ  වාහනයට පමණක් නොව ජීවිතයේම යථාර්තයත් එයයි.

 


Spread the love

Leave a Comment

You may also like