ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ඇති නින්දිත කුහකම පිලිබදව මීට පෙර අවස්ථා දෙකක දීම රජයට පෙන්නා දුන් නමුත් ඒ පිලිබදව නිසි අවධානය යොමු නොකිරීම පිලිබදව අපි කණගාටු වෙමු.
පාදෙණියලා ගේ පදේට වෛද්‍ය සභාව නැටවෙන බව දැනුත් අපි නොබියව ප්‍රකාශ කරන්නේ අප සතුව සාක්ෂි ඇතිවය. ඔස්ට්‍රේලියාව,ඇමරිකාව හා රුසියාව යන රටවල ද තවත් ආසියානු රටවල් උපාධිය ලබාගත් වෛද්‍ය සිසුන් මෙරටට පැමිණ තමන් ගේ මෙරට පරික්ෂණයට මුහුණ දීමට දැනට වසර 02 කට වඩා බලන් සිටියත් අද වෙනතුරුත් එම පරික්ෂණ කල් මරමින් වෛද්‍ය සභාව බෝලය පාස්කරමින් සිටී .
පෙරේදාත් ඒ කුහක කමේ අන්තයටම ගිය පාදෙණියලා වෛද්‍ය සභාවේන් ඉල්ලා සිටියේ රුසියාවේ වෛද්‍ය උපාධිය පිලිනොගන්න ලෙසටය. මෙයට මුලිකව කටයුතු කොට ඇති වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා විසිනි. ඒ පිලිබදව ඔහු කියා ඇත්තේ එම විශ්ව විද්‍යාල වල පාඨමාලවන් පිලිබදව වෛද්‍ය සභාව සෑහිමකට පත් නොවන බවය .
ඒත් එම කතාව අමුලික බොරුවකි. 1970 වසරේ පටන්ම පැට්ට්‍රික් ලුමුම්බා රුසියානු විශ්වද්‍යාලය ට මෙරටි වෛද්‍ය සිසුන් ගිය බවට වාර්තා ඇත් එසේම යන විශ්වද්‍යාල 02 ද ඒම ලේකනයෙන් ඉවත් කොට ඇත. ඒත් මේ පිලිබදව රුසියානු සමුහ ආණ්ඩුව ශ්‍රි ලංකා රජයට තම දැඩි කනස්ස්ල්ල පලකොට ඇත.
ඒ පිලිබදව රුසියානු රජය ශ්‍රි ලංකාවට රාජ්‍ය තන්ත්‍රික තම අප්‍රසාදය පල කිරීමත් සමඟම ගෝඨාභය ජනාධිපතිට උන්හිටි තැන් අමතක විය. වහාම ඒම තහනම ඉවත් කිරීමට ජනාධිපති නියෝග කොට ඇත.
ශ්‍රි ලංකාවේ ග්‍රාමිය රෝහල වල කොතෙකුත් වෛද්‍ය හිඟයක් තිබුණ ද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය හා වෛද්‍ය සභාව අහිංසක ජනතාව බිල්ලට දී කුහකකමින් වැජබේ
මේ පිලිනදව වහාම ජනාධිපති ගේ අවධානය යොමුකොට විශේෂ විමර්ෂණයක් කලයුතුය.