වෙනත්

ප්‍රවෘත්ති ඔස්සේ තත්පර ගණනක කතා කොටසක් දැමීමට නම් මිලියන ගණනක මුදල් ගෙවා දමන දැන්වීම් දිය යුතු බවට කොන්දේසියක් ….කල දුටු කළ වල ඉහ ගැනීමේ න්‍යායයක්…….!!

Spread the love

මහ මැතිවරණය අත ළග තිබියදී කල දුටු කළ වල ඉහ ගැනීමේ න්‍යායයක්  ශ්‍රී ලoකාවේ සියලුම රූපවාහිනී නාලිකා විසින් අනුගමනය කරන්නට පටන් ගෙන ඇත.
ඒ ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ කතා ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කිරීම කප්පම් ක්‍රමයට කිරීමෙනි.
ප්‍රවෘත්ති ඔස්සේ තත්පර ගණනක කතා කොටසක් දැමීමට නම් මිලියන ගණනක මුදල් ගෙවා දමන දැන්වීම් දිය යුතු බවට කොන්දේසියක් ඔවුන් විසින් පනවා තිබේ.
මේ ඔස්සේ රූපවාහිනී ප්‍රාදේශීය වාර්තාකරුවන් මෙන්ම එම ආයතන වල ප්‍රවෘත්ති සoස්කාරක වරුන් හා ඇතැම් ප්‍රවෘත්ති කළමනාකරුවන්ද අපේක්ෂකයන්ගෙන් කප්පම් ගැනීමට පටන් ගෙන ඇත.
මේ අතර දිලිත්ගේ දෙරණ නාලිකාවේ එක්තරා ප්‍රවෘත්ති සoස්කාරකවරයකු  මෙසේ ප්‍රවෘත්ති වල කතා කොටසක් දමා දීම සදහා සමගි ජන බල වේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයකුගෙන් රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගෙන ඇති අතර එම අපේක්ෂකයා මේ බව හැම තැනම කියන්නට පටන් ගැනීමෙන් පසු මෙම කප්පම් හා අල්ලස් සිද්ධිය අනාවරණය වී තිබේ.
ජනතාවට වැදි බණ දෙසා බාන දිලිත්ගේ ” දෙරණ  “මෙම මාෆියාව දැන් දරුණුවටම කරගෙන යන බව වාර්තා වේ.
මේ නිසා ශ්‍රී ලoකාවේ ජඩ මාධ්‍යකරණය මගින් ප්‍රවෘත්ති කරන ආකාරයේ ඇතුල් පැත්ත නිරාවරණය කරන්නට අද ”  ලංකා දවසට  “හැකිව තිබේ.

Spread the love

Leave a Comment

You may also like