මේ වසරට පමනක් ජිවිත 97 රටට අහිමිවුයේ ඩෙංගු මදුරුවෙකු නිසාය. ඒ ඩෙංගු මරණය ඔබව හෝ ඔබේ ආදරණීය දරුවා බිලිගන්න තුරු රජයට වෙනත් තැන් වලට අවලාද නග නගා සිටිම නිසා ඔබ මේ වන විටත් පමා වැඩිය.
ඩෙංගු රෝගින් රෝගින් 42000 ක් ලංකාව පුරාම මේ වන විට ප්‍රථිකාර ගනිමින් සිටි. අදවන විට කොලඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, උණ රෝහල යන ඒවා මේවන විට ඩෙංගු රෝගින් ගෙන් පිරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.සෑම දිනකම ලංකාවේ ඩෙංගු රෝගින් දිනකට 91 දෙනෙකු වාර්තා වන බව පවසයී. එසේම
කොලඹ්න් මේවන්විට ඩෙංගු රෝගින් 9278
ගම්පහයින් ඩෙංගු රෝගින් 5495
ත්‍රිකුණාමලෙන් ඩෙංගු රෝගින් 4097
වි ඇති බවයි. පසුගිය වසරට වඩා මේ වසරේ දි පලමු මාස 4 කාලයේ දි වාර්තා වි ඇති ඩෙංගු මරණ ගනන සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
තමා හෝ තම දරුවා බිලිගන්නතෙක් බලා නොසිට තම යුතුකම අදම ඉෂ්ඨ කර තම නිවස හා ඒ අවට සුද්ධ පවිත්‍ර කර තබා ගැනීම තම පවුලේ අයගේ ආරක්ෂාව මෙන්ම අනික් අයගේ ජිවිත ද ඩෙංගු මදුරුවා ගෙන් ආරක්ෂා කර දීමක් බව සිතට ගන්න.
මරණය තමන්ට හෝ තම දරුවාට එනතුරු බලා නොසිට අදම ඩෙංගු වලක්වා ගැනීමට තම යුතුකම ඉටුකරන්න