දේශපාලන

9 කෝටි 16 ලක්ෂයක් හොරා කාපු දේශප්‍රේමී විමල් වීරවන්ශ 20 තෙක් යලි රිමාන්ඩ්

Also available in: English (English)

Spread the love

9 කෝටි 16 ලක්ෂයක් හොරා කාපු දේශප්‍රේමී විමල් වීරවන්ශ 20 තෙක් යලි රිමාන්ඩ්. තමන්ම තමන් දේශප්‍රේමී යැයි කියා ගනිමින් රටේ ජනතාවගේ බදු මුදල් වලින් ඇමති සැප ලැබූවෙකි. තම ඥාතින්ටද එම සැප ලබාදුන් අයෙකි. 1982 පොදු දේපල පනත යටතේ රජයේ දේපල සාපරාධී සාවද්‍යය පරිහයනය කිරීම යන චෝදනා යටතේ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විමල් වීරවන්ශ අද දින නැවත අධිකරනයට කැඳ වීමෙන් පසුව නැවත වරක් පෙබරවාරි මස 20 වන දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාංකා ජයරත්න මහත්මිය නියෝග කලාය. වීරවන්ශ නැමැති දේශප්‍රේමියා රටේ ජනතාවගේ 9 කෝටි 16 ලක්ෂයක් හොරා කාපු අයෙකි.
එවකට නිවාස හා ඉදිකිරීම් අමත්‍යාංශයේ අධි සුඛෝපභෝගී මොන්ටේරෝ ජිප් රථ, ඉසුසු කැබ් රථ හා ටොයෝටා කැබ් රථ වැනි රජයේ වාහන මොහුගේ පවුලේ ඥාතීන් අතර බෙදාදී තිබුනි. මෙම සියලු සුඛෝපභෝගී වාහන වලට අසීමිතව ඉන්ධනද ලබාදී ඇත. එපමනක් නොව රජයේ රියදුරන් හා වාහන නඩත්තුව සිදුකර අත්තේද මුලුමනින්ම රජයේ වියදමිනි.
රටේ ජනතාවගේ  බදු මුදල් හොරාකමින් වැජබෙන මෙවැනි පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් හාංවඩු ගැසිය යුතුය. ජනතාවගේ සුබසාධනයට වැයකල හැකිව තිබූ මුදල් කෝටි ගනන් හොරකම් කරනලද දේශපාලඥයන් හා මේ වන විටත් හොරකම් කරමින් සිටින මැති ඇමතිවරුන් ජනතාව විසින් හඳුනා ගත යුතුය. මෙවැනි අපරාධකරුවන් පාර්ලිමේන්තු යවනතාක් කල් මෙම සන්තෑසියට ජනතාවට මූණ දීමට සිදුවේ.

Spread the love

Leave a Comment

You may also like